slc
logo
Home   |    News
නොවැම්බර් 22, 2026
පන්දු යවන්නන් දස්කම් අතරට පිවිසෙද්දී රමේෂ් මෙන්ඩිස්ගෙන් ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මේජර් සමාජ සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තෙවැනි දිනය වූ අද (21) දිනයේ වාර්තා වූ එකම ශතකයේ හිමිකරුවා බවට පත්වීමට මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන රමේෂ් මෙන්ඩිස් සමත් විය.

එස්එස්සී කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 265කට මුහුණ දුන් රමේෂ් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 147ක් රැස් කළේය. එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ 14 වැනි ශතකය ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, දිනයේ වැඩි අවධානයක් දිනාගත්තේ පන්දු යවන්නන් දැක්වූ දක්ෂතාය. නුගේගොඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරන 29 හැවිරිදි පා දඟ පන්දු යවන සුමින්ද ලක්ෂාන්, එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 59කට කඩුලු 7ක් දවා ගනිමින් සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

සී.සී.සී. කණ්ඩායම නියෝජනය කරන 26 හැවිරිදි වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර ද තවත් කැපී පෙනෙන දස්කමක් දැක්වීය. දෙවැනි ඉනිමේදී ලකුණු 45කට කඩුලු 6ක් දවාගත් ඔහු පළමු ඉනිමේදී ද ලකුණු 39කට කඩුලු 4ක් බිඳ හෙළීය. ඒ අනුව තරගයකදී කඩුලු 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවාගත් පස්වැනි අවස්ථාව ලෙස එය ඔහුගේ වාර්තා අතරට එක් විය.

මේ අතර බී.ආර්.සී. කණ්ඩායමේ 29 හැවිරිදි දකුණත් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් ද කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 74කට කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

පිතිකරුවන් අතරින් එන්.සී.සී. කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ලකුණු 76ක් ද, ගවිරු සෙන්හස් ලකුණු 62ක් ද, කවින් බණ්ඩාර නොදැවී ලකුණු 61ක් ද රැස් කළහ. මීට අමතරව බදුරලිය ක්‍රිකට් සමාජයේ රොෂාන් විජේනායක නොදැවී ලකුණු 66ක් ද, කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ගයාන් වීරසිංහ ලකුණු 54ක් ද, මුවර්ස් ක්‍රීඩා සමාජයේ සංතුශ් ගුණතිලක ලකුණු 94ක් ද රැස් කිරීමට සමත් වූහ.

මෙම තරග සියල්ල හෙට (22) සිව්වැනි හා අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

ප්‍රතිඵලය – සී.සී.සී. කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 117ක ජයක්

ටැමිල් යූනියන් පළමු ඉනිම – 179 (පන්දුවාර 51.5යි) – මිනෝද් භානුක 45, නවෝද් පරණවිතාන 44, තෙවිඳු දික්වැල්ල 33, විශ්ව ප්‍රනාන්දු 50/3, දිලුම් සුදීර 39/4.

සී.සී.සී. පළමු ඉනිම – 427 (පන්දුවාර 97.2යි) – අරිත් සුදීන 110, දුල්නිත් සිගේරා 109, චමිඳු විජේසිංහ 50, රශ්මික හිරුෂාන් 53, සහන් කෝසල 45, සිතුක ගුණවර්ධන 55/4, දුමිඳු සෙව්මිණ 103/2.

ටැමිල් යූනියන් දෙවැනි ඉනිම – 131 (පන්දුවාර 43.1යි) – තෙවිඳු සේනාරත්න 30, විහස් තෙව්මික 30, ලසිත් ඇඹුල්දෙණිය 20, දිලුම් සුදීර 45/6.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී. කණ්ඩායම ලකුණු 331ක් පිටුපසින් සිටියි

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජ පළමු ඉනිම – කඩුලු 7ක් දැවී 618 (පන්දුවාර 158.3යි) – ලොහාන් ද සොයිසා 144, අක්‍රම් මුතාලිබ් 136, සම්මු අශාන් 136, කෙවින් පෙරේරා 63, අනුක් ප්‍රනාන්දු 40, සුමින්ද ලක්ෂාන් නොදැවී 50, කවිඳු පතිරත්න 101/3, ශක්ති උදාර 167/3.

එන්.සී.සී. පළමු ඉනිම – කඩුලු 9ක් දැවී 287 (පන්දුවාර 91යි) – අහන් වික්‍රමසිංහ 76, ගවිරු සෙන්හස් 62, කවින් බණ්ඩාර නොදැවී 61, විනුක රූබසිංහ 33, සුමින්ද ලක්ෂාන් 59/7, ලොහාන් ද සොයිසා 40/2.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

බදුරලිය ක්‍රිකට් සමාජය ලකුණු 315ක් පිටුපසින් සිටියි

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම – කඩුලු 6ක් දැවී 612 (පන්දුවාර 167යි) – තිලකරත්න සම්පත් 169, ප්‍රියමාල් පෙරේරා නොදැවී 151, දුලාශ් උදයංග 98, නිපුන් ප්‍රේමරත්න නොදැවී 79, භානුක රාජපක්ෂ 39, සුපුන් මදුශංක 39, මාලින්ද පුෂ්පකුමාර 170/2, චානක රුවන්සිරි 124/2.

බදුරලිය ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 129 (පන්දුවාර 46යි) – විනුර දුල්සර නොදැවී 43, දිල්ශාන් ද සොයිසා 31, නිපුන් ප්‍රේමරත්න 51/4, නලින් ප්‍රියදර්ශන 22/2, සුපුන් මදුශංක 12/2.

බදුරලිය ක්‍රිකට් සමාජ දෙවැනි ඉනිම – කඩුලු 5ක් දැවී 168 (පන්දුවාර 53යි) – රොෂාන් විජේනායක නොදැවී 66, හිරුන් කපුරුබණ්ඩාර 49, රමේෂ් නිමන්ත 25, නලින් ප්‍රියදර්ශන 26/3.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී. කණ්ඩායම ලකුණු 54ක් ඉදිරියෙන් සිටියි

බී.ආර්.සී. පළමු ඉනිම – 336 (පන්දුවාර 115.2යි) – රමින්ද විජේසූරිය 109, ප්‍රමෝද් මදුවන්ත 58, හෂාන් දුමිඳු 52, නිශාන් පීරිස් නොදැවී 28, චාමිකර එදිරිසිංහ 101/4, සමීර සඳමාල් 42/3.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 368 (පන්දුවාර 130.4යි) – ගයාන් මනීෂාන් 98, ගයාන් වීරසිංහ 54, නවීන් ප්‍රනාන්දු 47, දුනිත් ජයතුංග 46, අභිෂේක් ලියනාරච්චි 45, නිශාන් පීරිස් 74/6, චානුක ඩිල්ශාන් 117/2.

බී.ආර්.සී. දෙවැනි ඉනිම – කඩුලු 3ක් දැවී 86 (පන්දුවාර 21යි) – හෂාන් දුමිඳු 37, කේෂාන් ප්‍රනාන්දු 35, සමීර සඳමාල් 11/2.

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී. කණ්ඩායම ලකුණු 203ක් පිටුපසින් සිටියි

එස්.එස්.සී. පළමු ඉනිම – 244 (පන්දුවාර 69.5යි) – මල්ෂ ප්‍රනාන්දු නොදැවී 71, ශෙවෝන් ඩැනියෙල් 41, දසුන් ශානක 41, චරිත් අසලංක 30, රමේෂ් මෙන්ඩිස් 65/4, දුවිඳු තිලකරත්න 47/3, සංතුශ් ගුණතිලක 45/2.

මුවර්ස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම – කඩුලු 9ක් දැවී 524 (පන්දුවාර 106යි) – රමේෂ් මෙන්ඩිස් 147, සංතුශ් ගුණතිලක 94, සිතාර ගිම්හාන් 61, සොහාන් ද ලිවේරා 54, ජනිෂ්ක පෙරේරා 50, රවිශාන් ද සිල්වා 30, දුනිත් වෙල්ලාලගේ 131/3, මල්ෂ ප්‍රනාන්දු 137/3, දසුන් ශානක 87/2.

එස්.එස්.සී. දෙවැනි ඉනිම – කඩුලු 2ක් දැවී 77 (පන්දුවාර 24යි) – ශෙවෝන් ඩැනියෙල් 36, රොන් චන්ද්‍රගුප්ත 29, දුවිඳු තිලකරත්න 31/2.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 96ක් ඉදිරියෙන් සිටියි

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම – 309 (පන්දුවාර 86යි)
ලහිරු මදුශංක 119, කසුන් අබේරත්න 80, ශානික්‍ය දේශප්‍රිය 40, තරින්ද නිර්මාල් 30, අසංක මනෝජ් 80/4, දුෂාන් විමුක්ති 55/3.

පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 322 (පන්දුවාර 115යි)
ශාලිත් ප්‍රනාන්දු 95, විශ්ව චතුරංග 57, රවීන් යසස් 53, පැතුම් කුමාර 36, තරින්ද නිර්මාල් 68/3, ටොනි ග්‍රේග් 61/2, සහන් නානායක්කාර 71/2.

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම – කඩුලු 2ක් දැවී 109 (පන්දුවාර 40යි)
අසිත වන්නිනායක නොදැවී 41, කසුන් අබේරත්න නොදැවී 30, මිනෙත් ප්‍රේමරත්න 20.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee