slc
Home   |    News
ජූලි 19, 2019
අවසන් මොහොතේ දඹුල්ල ජය ලබයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙතෙක් පැවැති තරගවලදී එකම ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට අපොහොසත් වුණු කණ්ඩායම් දෙකක් වූ ගාල්ල සහ දඹුල්ල පළාත් කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම තවදුරටත් අවසන් මහ තරග බලාපොරොත්තු රඳවා තබා ගැනීමට අද (19 ) සමත්විය.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී  ලබා දුන් ලකුණු 224 ක ඉලක්කය ගාල්ල කණ්ඩායම හඹා යද්දී දෙපිළටම විටින් විට ජයග්‍රහණය දෝලනය විය. එහෙත් දඹුල්ල කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ ධෛර්යවන්ත පන්දු යැවීම හමුවේ ගාල්ල කණ්ඩායමේ ඉනිම පන්දුවාර 49 කුත් පන්දු 4 කදී ලකුණු 221 කට සීමා විය.

Pawan Rathnayake of Galle scored 54 runs.

අදාළ හඹා යෑමේදී  පළමු කඩුලු 5 ම මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 86 කදී බිඳ වැටී තිබුණත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ දුලිත් වෙල්ලාලගේ සහ පවන් රත්නායක ලකුණු 61 ක සම්බන්ධතාවයක් පවත්වමින් ගාල්ල කණ්ඩායමට කිසියම් ජීවයක් ගෙන දුන්හ. අනෙක් අන්තය කඩා වැටෙද්දී තම අන්තය ආරක්ෂා කරගත් පවන් රත්නායක හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද සමගින් පන්දු 68 කදී ලකුණු 54 ක් ලබා ගත්තේය. පවන්ගේ ඉනිම වටා යමින් මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි සඳුන් මෙන්ඩිස් පන්දු 28 කදී ලකුණු 37 ක් රැස් කරමින් නොතිබූ ජයග්‍රහණයක බලාපොරොත්තු ගාල්ල කණ්ඩායම වෙත ලබා දුන්නේය. පන්දු 9 ක පරතයකින් පන්දු සංඛ්‍යාවට වඩා ලකුණු සංඛ්‍යාව වැඩි අගයක් ගනු ලැබූ සඳුන්ගේ ඉනිමට හතරේ පහර 2 ක් පමණක් ඇතුළත් වුණු අතර ඉතිරිවා කඩුලු අතර දිව යමින් රැස් කරගන්නා ලද ලකුණු වීම විශේෂත්වයක් විය.

කෙසේ වෙතත් එතෙක් වේලා පන්දුවට හොඳින් පහර දුන් පවන් රත්නායක සහ සඳුන් මෙන්ඩිස් ලකුණු 2 ක් ඇතුළතදී දැවී යෑම ප්‍රබල පාඩුවක් මෙන්ම කණ්ඩායමට දැඩි පීඩනයක් ගෙන දුන් සිදුවීමක් වූ අතර එය නිසියාකාරව හසුරුවා ගැනීමට පසු පෙළ පිතිකරුවන්ට නොහැකි වීම ගාල්ල කණ්ඩායමේ පරාජයටත් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණයට හේතුවිය. පන්දු යැවීමෙන් කැපී පෙනුණු අෂේන් ඩැනියල් සහ සුධීර තිලකරත්න කඩුලු 3 බැගින් දවාලූහ.

දඹුල්ල ඉනිම ආරම්භයේදී ලකුණු පුවරුව ලකුණු 15 ක් සටහන් වනවාත්ම සමඟම ලෙෂාන් අමරසිංහ ලකුණු 11 කට  දැවී ගියද දෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් පැවැත්වූ රවිඳු රසාන්ත සහ සුපුන් සුමනරන ලකුණු 104 ක් එක් කරමින් කණ්ඩායමට ස්ථාවර ආරම්භයක් ලබා දුන්හ. මෙහිදී පන්දු 59 කට මුහුණ දුන් රවිඳු ලකුණු 53 ක්ද ඔහුට වඩා තරමක් සංයමයෙන් පන්දුවට පහර දුන් සුපුන් සුමනරත්න පන්දු 79 කට මුහුණ දෙමින් ලකුණු 56 ක්ද එක් කළහ.

එහෙත් 22 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද නවෝද් පරණවිතාන විසින් රවිඳු රසාන්ත සහ නායක නිපුන් ධනංජයගේ (00) කඩුලු දවා ගැනීමට සමත්වීමත් වීම මත තරමක පසුබෑමකට මුහුණ දුන්නේය. අනතුරුව මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 16 ක් එක් වන විට අනෙක් අන්තයෙන් හොඳින් පන්දුවට පහර දුන් සුපුන් සපුතන්ත්‍රිද දැවී යෑම නිසා නොසිතූ අර්බුදයකට දඹුල්ල පිලට මුහුණ දීමට සිදුවිය.

මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි දිනෙත් ජයකොඩි කඩා වැටුණු ඉනිම ගොඩ ගැනීමේ වගකීම භාර ගනිමින් දඹුල්ල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර දුන්නේය. පන්දු 49 කට මුහුණ දුන් ජයකොඩි ලකුණු 29 ක් ලබා ගත් අතර ඔහුට සහාය දුන් සුධීර තිලකරත්න සහ ලක්ෂාන් ගමගේ පිළිවෙළින් ලකුණු 17 සහ 14 බැගින් රැස් කරගත්හ.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු සඳුන් මෙන්ඩිස් ලකුණු 55 කට කඩුලු 3 ක්ද දුලිත් වෙල්ලාලගේ සහ නවෝද් පරණවිතාන කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

ලකුණු සාරාංශය – දඹුල්ල පන්දුවාර 46.2 කදී සියළුදෙනා දැවී ලකුණු 223 යි – (රවිඳු රසාන්ත 53, සුපුන් සුමනරත්න 56, දිනෙත් ජයකොඩි 29, සුධීර තිලකරත්න 17, ලක්ෂාන් ගමගේ 14,  සඳුන් මෙන්ඩිස් 55/3, දුලිත් වෙල්ලාලගේ 39/2, නවෝද් පරණවිතාන 29/2, අෂේන් දිල්හාර 38/2)

ගාල්ල පන්දුවාර 49.4 කදී සියලු දෙනා දැවී ලකුණු 221 යි – (පවන් රත්නායක 54, දුලිත් වෙල්ලාලගේ 31, සඳුන් මෙන්ඩිස් 37, නවෝද් පරණවිතාන 40, තෙවින් අමරසිංහ 12, චේතක දෙනුවන් 11, අෂේන් ඩැනියල් 50/3, සුධීර තිලකර්න 53/3)

Points Table

ProvinceMWLTTIE/NRBOPoints
Colombo U19s22210
Kandy U19s2114
Dambulla U19s2114
Galle U19s220

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest