slc
logo
Home   |    News
ජූලි 16, 2019
අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් තරගාවලිය සමාරම්භක දිනයේදීම කොළඹ සහ මහනුවර ජය වාර්තා කරති

Sri Lanka Cricket

පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (16 දා) පැවැති තරගවලදී කොළඹ සහ මහනුවර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. ජයග්‍රාහී කණ්ඩායම් ද්විත්වයම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් ජයග්‍රහණ අත්කර ගැනීම කැපී පෙනුණි.

දිනයේ ප්‍රථමයෙන්ම අහවර වූ තරගය බවට පත්වූයේ කොළඹ සහ දඹුල්ල අතර තරගය වන අතර එම තරගයෙන් ලකුණු 147 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කමිල් මිශාරගේ නායකත්වයෙන් යුතු කොළඹ කන්ඩායම සමත්විය. එම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 283 ක් රැස් කිරීමට සමත් වූ අතර එම ඉලක්කය හඹා ගිය දඹුල්ල කණ්ඩායමට කොළඹ පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 36.3 කදී ලකුණු 136 ක් පමණි.

A Wickramasinghe 78 runs (Colombo)

ජයග්‍රාහී කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අහන් වික්‍රමසිංහ පන්දු 73 කදී වේගවත් ලකුණු 78 ක් ලබා ගත්තේ කිසිම පන්දු යවන්නකුට සිය කඩුල්ල දවා ගැනීමට අවස්ථාව සලසා නොදෙමිනි. ඔහුට අමතරව ජොහාන් ද සිල්වා, මොහොමඩ් ශමාස් පිළිවෙළින් ලකුණු 49 සහ 40 බැගින් වාර්තා කළහ.

අදාළ හඹා යෑමේදී දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 04 ක් ඇතුළතදී බිඳ වැටීම දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.ආරම්භයම අසාර්ථක වූ දඹුල්ල පිල වෙනුවෙන් රවිඳු රසාන්ත සහ දුනිත් ජයකොඩි කිසියම් උත්සාහයක නිරත වුවත් ඊට හරස් වුණු ජොහාන් ද සිල්වා දුනිත්ව දවා ගනිමින් එම සම්බන්ධතාව බිඳ හෙළීය.  දඹුල්ල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් මූලිකත්වය ගත් පන්දු යවන්නා බවට පත් වූ නිමේෂ් ද සිල්වා ලකුනු 20 කට කඩුලු 4 ක් දවා ගත්තේය. ඔහුට අමතරව දිල්මින් රත්නායකද කඩුලු 2 ක් බිඳ හෙළීය.

දිනයේ පැවැති අනෙක් තරගයේදී මහනුවර කණ්ඩායම ලබා දුන් ලකුණු 253 ක ඉලක්කය හඹා ගිය ගාල්ල කණ්ඩායමට පන්දුවාර 44.5 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 219 ක් පමණි. අදාළ හඹා යෑමේදී ගාල්ල කණ්ඩායමේ පළමු කඩුලු 8 ම ලකුණු 155 කදී බිඳ වැටුණද 9 වැනි කඩුල්ලට එක් වූ අම්ෂි ද සිල්වා සහ රුවින් ද සිල්වා ලකුණු 59 ක සම්බන්ධතාවයක් පවත්වමින් ගාල්ල කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑම අවසන් භාගයේ කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය. ඒ වෙනුවෙන් අම්ෂි පන්දු 38 කදී ලකුණු 38 ක්ද රුවින් පන්දු 47 කදී නොදැවී ලකුණු 27 ක්ද  ලබාගත්හ.

Amshi Silva

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු කවිඳු වික්‍රමසිංහ ලකුණු 97 ක් රැස් කර ගැනීමට සමත්වූ අතර එය ඊයේ දිනයේදී තරග වැදි කණ්ඩායම් 4 න්ම වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. පන්දු 98 කට මුහුණ දුන් කවිඳු හතරේ පහර 15 ක්ද සමගින් ලකුණු 97 ක් රැස් කර ගත්තේය. ඔහුට අමතරව එම කණ්ඩායමේම මැද පෙළින් පැමිණි අවිශ්ක තරිඳු ලකුණු 74 ක් ලබා මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට දායකත්වයක් දැක්වූහ.  ලකුණු 78 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ මොහොතක එක්වූ කවිඳු සහ අවිශ්ක පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක් රැස් ළහ.

ලකුණු සාරාංශය

කොළඹ සහ දඹුල්ල

කොළඹ පන්දුවාර 50 අවසනදී 283/8 යි – (ජොහාන් ද සිල්වා 49, මොහොමඩ් සමාස් 40, අහන් වික්‍රමසිංහ (නොදැවී) 78, තෂික නිර්මාල් 28, වයි.ඒ.ඩී. සඳරුවන් 27, චමිඳු විජේසිංහ 28,  යසිරු රැද්‍රිගෝ 39/2, ලක්ෂාන් ගමගේ 56/2, සුධීර තිලකරත්න 47/2)

දඹුල්ල පන්දුවාර 36.3 කදී සියළුදෙනා දැවී ලකුණු 136 යි – (රවිදු රසාන්ත 34, දුනිත් ජයකොඩි 21, ලක්ෂාන් ගමගේ 18, සුධීර තිලකරත්න 27, නවීන් ප්‍රනාන්දු 18, නිමේෂ් ද සිල්වා 20/4, ඩිල්මින් රත්නායක 22/2)

මහනුවර සහ ගාල්ල

මහනුවර පන්දුවාර 47.1 කදී ලකුණු 252 යි – (කවිඳු වික්‍රමසිංහ 97, අවිශ්ක තරිඳු 74, රොහාන් සංජය 22, කවිඳු නදීෂාන් 15, අම්ෂි ද සිල්වා 32/3,  ජිතේෂ් වාසල 17/2, සඳුන් මෙන්ඩිස් 57/4)

ගාල්ල පන්දුවාර 44.5 කදී ලකුණු 219 යි – (චේතක දෙනුවන් 33, තවීෂ කහදූවආරච්චි 13, පවන් රත්නායක 21, දුලිත් වෙල්ලාලගේ 44, සඳුන් මෙන්ඩිස් 20, රවීන් ද සිල්වා (නොදැවී) 27, අම්ෂී ද සිල්වා 38, කවිඳු වික්‍රමසිංහ 34/2, රොහාන් සංජය 49/2, රුවින් පීරිස් 39/2, සුභානු රාජපක්ෂ 30/2)

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee