slc
logo
Home   |    News
ජූලි 15, 2019
එංගලන්තය තියුණු තරගයකින් ලෝක ක්‍රිකට් කිරුළ දිනයි

Sri Lanka Cricket

Thanathillen-Eha_3

වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉරිදා (14) සවස් වනතුරු වරක්වත් තුසලානය දිනා නොතිබූ කණ්ඩායම් දෙකක් වන එංගලන්තය සහ නවසීලන්තය අතර අවසාන මහා තරගයේදී තියුණුම ගැටුමකින් පසුව සත්කාරක එංගලන්තය අභිනව සූරයන් ලෙස කිරුලු පළන්දේය.

එංගලන්තයට අවසාන තරගයේදී ලෝක සූරයන් වීම පහසු කාර්යයක් නොවීය. අවසාන මොහොත දක්වාම සටන් වැදුනු නවසීලන්තය ඕවර 50 තරගය සමවීමෙන් පසුව සුපිරි ඕවරයද සම කර පසුව අවසානයේ එංගලන්තයට ජය අත්වූයේ වැඩිපුර හතරේ සහ හයේ පහර එල්ල කිරීම නීතිරීති මතය. (එංගලන්තය 24 / නවසීලන්තය 16)

නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 241ක් රැස්කළ අතර එංගලන්තය ද ඕවර 50 අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 241කි. සම්පූර්ණ තරගයේ ඕවර 100 අවසාන වන විට කණ්ඩායම් දෙකම (ලකුණු 241 බැගින් ලබා ) සමවූයේ ලෝක කුසලාන අවසාන තරගයක ප්‍රථමවතාවටය.

ජයග්‍රාහකයන් තේරීමට දෙපිලටම සුපිරි ඕවරය බැගින් ප්‍රදානය කැරිණි. එංගලන්තය වෙනුවෙන් ජොස් බට්ලර් හා බෙන් ස්ටෝක්ස් පන්දුවට පහරදීමට පැමිණි අතර සුපිරි ඕවරය යැව්වේ නවසීලන්තයේ ආරම්භක වේගපන්දු යවන ට්‍රෙන්ට් බෝල්ට්ය. එංගලන්ත පිතිකරුවන් දෙදෙනා එම ඕවරයට ලකුණු 3,1,4,1,2 හා 4 බැගින් ලකුණු 15ක් ලැබූහ. නවසීලන්තයට ජයග්‍රහණයට සුපිරි ඕවරයේ ලකුණු 16ක් අවශ්‍යවිය. ජිමි නීසම් සහ මාටින් ගප්ටිල් පන්දුවට පහරදීමට පැමිණි අතර පන්දු යැව්වේ එංගලන්ත වේග පන්දු යවන ජොෆ්රා ආචර්ය. පළමුව පන්දුව කඩුල්ලෙන් ඈත්ව (වයිඩ්) පන්දුවට ලකුණක් ලැබිණි.නීසම් පළමු පන්දු තුනේදී  ලකුණු 2,6 හා 2ක් ලැබීය. නවසීලන්තයට අවසාන පන්දු තුනේදී ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු පහකි. පැතිමාරුවු පසු මාටින් ගප්ටිල්ට අවසාන පන්දුවේ ලකුණු දෙකක් අවශ්‍ය වුවත් දෙවන ලකුළුණු කරා දුවද්දී දැවීමට හසුවීමෙන් හිමිවූයේ ලකුණක් පමණි.

කණ්ඩායම් දෙකම ලකුණු 15 බැගින් ලබා නැවත සමවීමෙන් පසු ජයග්‍රාහකයන් තෝරා ගත්තේ වැඩිපුර හතරේ හා හයේ පහර එල්ල කළ කණ්ඩායම ලෙස එංගලන්තයයි.

නොදැවී ලකුණු 84ක් ලැබූ එංගලන්ත පිතිකරු බෙන් ස්ටෝක්ස් දවා ගැනීමට 49 හා 50 වන ඕවරයන්හි නවසීලන්තයට අවස්ථා දෙකක්ම උදාවුවත් ඒවා මග හැරිණි. ජිමි නීසම් යැවූ 49 වන ඕවරයේ පන්දුවකට ස්ටෝක්ස් උඩින් එල්ල කළ පහර හතරේ සීමාවේ සිටි ට්‍රෙන්ට් බෝල්ට් අල්ලා සීමවෙන් ඇතුළේ සිටි ක්‍රීඩකයාට විසිනොකර පන්දුව සමග එළියට යාමෙන් ස්ටෝක්ස්ට ලකුණු හයක් හිමිවිණි. 50 වන ඕවරයේ ස්ටෝක්ස් (බෝල්ට්ගේ ඕවරය) පන්දුවට පහරදී දෙවන ලකුණ කරායද්දී කඩුල්ල වෙත විසිකළ පන්දුව ස්ටෝක්ස්ගේ සිරුරේ වැදී හතරේ සීමාවට යාමෙන් එයටද ලකුණු හයක් පිරිනැමිණි. මේ කරුණු මත ලෝක කුසලානය දිනීමට මෙදින නවසීලන්තයට වාසනාවක් ද නොවූ බවක් දිස්විණි.

අවසාන තරගයේ වීරයා ලෙස එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ද 2019 ලෝක කුසලාන තරගාවලියේ දක්ෂම ක්‍රීඩකයා පෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් ද තේරිණි.

නවසීලන්තය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දී කඩුලු 8කට ලබාගත් ලකුණු 240ට හෙන්රි නිකල්ස් ලකුනු 55ක් ද (පන්දු 77යි හතරේ 4යි) ටොම් ලේතම් ලකුණු 47ක් (පන්දු 56යි හතරේ 2යි හයේ එකයි) කේන් විලියම්සන් ලකුණු 30ක්ද (පන්දු 53යි හතරේ 2යි) වැඩිම දායකත්වය ලබාදුන්හ.මෙහිදී නිකල්ස් සහ විලියම්සන් දෙවන කඩුල්ලට ලකුණු 74ක්ද (ඕවර 16.2යි) ලේතම් සහ ග්‍රැන්ඩ් හෝම් හයවන කඩුල්ලට ලකුණු 46ක්ද (ඕවර 7.5) එක්කළහ.

එංගලන්තය කඩුලු 8ට ලැබූ ලකුණු 240ට බෙන් ස්ටෝක්ස් නොදැවී 84ක්ද (පන්දු 98යි හතරේ 5යි හයේ 2යි) ජෝස් බට්ලර් ලකුණු 59ක්ද (පන්දු 60යි හතරේ හයයි) ජොනී බෙස්ටෝ ලකුණු 36ක්ද (පන්දු 55යි හතරේ 7යි) ලබා ගත්හ. ස්ටෝක්ස් සහ බට්ලර් පස්වන කඩුල්ලට ඕවර 21.4කදි එක්කළ ලකුණු සංක්‍යාව 110කි.

2019 ලෝක සූරතාව දිනු එංගලන්තය මූලික වටයේ දී පාකිස්තානය, ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව වෙතින් පරාජයට පත්විණී.

ලකුණු පුවරුව

  • නවසීලන්තය ඕවර 50දී කඩුලු 8ට 241යි.

හෙන්රි නිකල්ස් 55, ටොම් ලේතම් 47, කේන් විලියම්සන් 30, මාටින් ගප්ටිල් 19, ජේමස් නීසම් 19, ක්‍රිස් වෝක්ස් 37ට 3 ලියම් ප්ලන්කට් 42ට 3යි.

  • එංගලන්තය ඕවර 50දී සියලු ක්‍රීඩකයන් දැවී 241යි.

බෙන් ස්ටෝක්ස් නොදැවී 84, ජෝස් බට්ලර් 59, ජොනී බේස්ටෝ 36, ජේසන් රෝයි17, ෆර්ගසන් 50ට 3, ජිමී නීසම් 43ට 3.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar