slc
Home   |    News
ජූලි 17, 2019
එක්දින තරගාවලියට පෙර බංග්ලාදේශය පුහුණු තරගයකට සැරසෙයි

Sri Lanka Cricket

ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගයට පෙර පුහුණු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය ලබන 23 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. එම තරග සංචාරය යටතේ බංග්ලාදේශ කණ්ඩායම සහභාගිවන පළමු සහ එකම පුහුණු තරගය මෙම තරගය වෙයි.

අදාළ තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින අතර පළමු එක්දින තරගය ලබන 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත.

මෙම තරග සංචාරය යටතේ පැවැත්වෙන සියළුම එක්දින තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙනු ඇත. මෙම සංචාරය නිමවා බංග්ලාදේශ පිල ලබන අගෝස්තු මස 01 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

තරග කාල සටහන

දිනයතරගයස්ථානය
ජූලි 23පුහුණු තරගයපී. සරා ඕවල් ක්‍රීඩාංගණය
ජූලි 26පළමු එක්දින තරගය (දිවා/රාත්‍රී)ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
ජූලි 28දෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී)ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
ජූලි 31තෙවැනි එක්දින තරගය (දිවා/රාත්‍රී)ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
අගෝස්තු 01බංග්ලාදේශ කණ්ඩායම පිටත්ව යෑම 

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest