slc
Home   |    News
ජූලි 22, 2019
තියුණු සටනකින් පසු දඹුල්ල අවසන් සටනට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තේරීම වෙනුවෙන් පැවැති අතිශය තීරණාත්මක දඹුල්ල සහ නුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 07 ක තියුණු ජයක් ලද දඹුල්ල කණ්ඩායම අවසන් මහ තරග අවස්ථාව උදා කරගනු ලැබීය. ඒ අනුව නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී කමිල් මිශාරගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම සමඟ තරග වදිනු ඇත.

අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වෙමින් ජය වාර්තා කරන ලදමෙම තරගයේදී සුධීර තිලකරත්න දක්ෂ පන්දු යැවීම නොවන්නට මෙම තරගය ජය ගැනීමේ වැඩි වාසි මහනුවර පිල සතුව තිබිණ. කාසියේ වාසියත් සමග ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල පිල සියලු දෙනා ලකුණු 223 කට දැවී ගිය. වාර්තා වුණු එකම අර්ධ ශතකය ලක්ෂාන් ගමගේ පිත්තෙන් වාර්තා වූ අතර ඔහු පන්දු 47 කට මුහුණ දෙමින් ලකුණු 55 ක් රැස් කරගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් වාර්තා වුණු එම අර්ධ ශතකය හැර වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වූයේ රවිඳු රශාන්තය. හෙතෙම පන්දු 32 කට මුහුණ දෙමින් ලකුණු 32 ක් ලබා ගත්තේය.

දඹුල්ල කණ්ඩායම විටෙක කඩුලු 7 ක් දැවී ලකුණු 118 ක් වශයෙන් අන්ත අසරණත්වයට වැටී තිබුණු නමුත් පිටියට එක්වූ ලක්ෂාන් සහ අශේන් ඩැනියෙල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක් එක් කළහ. එම සබඳතාව සඳහා අශේන්ගේ දායකත්වය ලකුණු 32 කිනි.  දඹුල්ල පිල මෙල්ල කර ගැනීම වෙනුවෙන් මහනුවර කණ්ඩායමේ නායක රුවින් පීරිස් පන්දුයවන්නන් 9 දෙනෙකුගේම දායකත්වය ලබා ගැනීමද කැපී පෙනුණි.

ඒ අනුව ලකුණු 224 ක ජයග්‍රාහී ඉලක්කයක්හඹා ගිය නුවර කණ්ඩායම පන්දුවාර 48.1 කදී සියළු දෙනා ලකුණු 216 කට දැවී ගියහ. නුවර පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අවිශ්ක තරිඳු පන්දු 54 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 64 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව අභිෂේක් ආනන්දකුමර සහ දුනිත් ජයතුංග ලකුණු 31 බැගින් වාර්තා කළහ.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු සුධීර තිලකරත්න මහනුවර කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් වූ දුනිත් ජයතුංග, අභිෂේක් ආනන්දකුමාර් දවාගත් සුධීර මැද පෙළින් පැමිණි  කවිඳු නදීෂාන්ගේ කඩුලුද දවාගගත්හ. එපමණක් නොව හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු 28 ක් ලබා සිටි ලොහාන් ද සිල්වා ව තනිවම දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමටද සුධීර සමත්විය. සුධීර අමතරව අශේන් ඩැනියෙල් කඩුලු 3 ක් දවා ගත්හ.

තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම වෙනුවෙන් වූ තරගය හෙට (22 දා) ගාල්ල සහ මහනුවර කණ්ඩායමට තරග වදිනු ලබන අතර අවසන් මහ තරගය අනිද්දා (23 දා) අපරාජිත කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවැත්වෙනු ඇත.

ලකුණු සාරාංශය – දඹුල්ල කණ්ඩායම පන්දුවාර 49.5 කදී ලකුණු 223 යි – (ලෙෂාන් අමරසිංහ 23, සුපුන් සුමනරත්න 26, රවිඳු රසාන්ත 32, ලක්ෂාන් ගමගේ 55, අෂේන් ඩැනියෙල් 30, කවිඳු නදීෂාන් 27/3)

මහනුවර පිල පන්දුවාර 48.1 කදී ලකුණු 216 යි – (මහනුවර කණ්ඩායම පන්දුවාර 48.1 කදී ලකුණු 216 යි – (අවිෂ්ක තරිඳු 64, කවිඳු නදීෂාන් 16, රුවින් පීරිස් 14, ලොහාන් අරෝෂ 28, දුනිත් ජයතුංග 31, අභිෂේක් ආනන්දකුමාර් 35, සුධීර තිලකරත්න 26/3, අෂේන් ඩැනියෙල් 56/3, යසුරු රුද්‍රිගෝ 33/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest