slc
Home   |    News
ජූලි 18, 2019
පල්ලකැලේ තරග දඹුල්ලට යයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (18 දා) පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ දඹුල්ල සහ ගාල්ල පළාත් කණ්ඩායම් අතර තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එකම පන්දුවක් නොයවා අතහැර දැමීමට සිදුවිය.

මෙම තත්ත්වය මත පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ සියළුම තරග රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණය වෙත රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල සහ දඹුල්ල පළාත් අතර තරගය නැවතත් හෙට (19 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් තරගාවලියේ පළමු කාල සටහන අනුව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග ඒ අයුරින්ම පැවැත්වෙන අතර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණු මීළඟ තරගය හෙවත් ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය ලබන 21 වැනිදා රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරගාවලිය නව කාල සටහන
ජූලි 19            දඹුල්ල සහ ගාල්ල                    රංගිරි දඹුල්ල
ජූලි 20            කොළඹ සහ ගාල්ල                 රංගිරි දඹුල්ල
ජූලි 21            දඹුල්ල සහ මහනුවර              රංගිරි දඹුල්ල
ජූලි 22            තෙවැනි ස්ථානය තේරීමේ තරගය        රංගිරි දඹුල්ල
ජූලි 23            අවසන් මහ තරගය                රංගිරි දඹුල්ල

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest