slc
logo
Home   |    News
ජූලි 22, 2019
බංග්ලාදේශ පිලේ නායකයා හදිසියේ වෙනස් වෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා තරග සංචාරයට පිටත්ව යෑමට ප්‍රථම ඩකාහි කරන ලද අවසන් පුහුණු සැසිය අතරතුරදී බංග්ලාදේශ කණ්ඩායම් නායක මෂ්රෆී මොර්ටාසා ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් එම තරග සංචාරය අහිමිවී තිබේ. කලවා ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ට පැවැරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මෙම මස 26 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් සතියේදී නම් කර තිබුණේ මොර්ටාසාගේ නායකත්වයද සමගිනි.

එහෙත් වම් පාදයේ කලව ආශ්‍රිතව සිදුවි තිබෙන මස් පිඬු ඇදී යෑමේ තත්ත්වයක් හේතුවෙන් සති කීපයක විවේක ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා දීතිබේ. කෙසේ වෙතත් මොර්ටාසා වෙනුවට දකුණත් වේග පන්දු යවන්නකු වන ටස්කින් අහමඩ් කණ්ඩායමට එක් කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ටමීම් ඉක්බාල් බංග්ලාදේශ කණ්ඩායමක් මෙහෙයවනු ලබන පළමු අවස්ථාව වන්නේද මෙම තරගාවලිය වේ. එක්දින තරග අංශයේ නායකත්වයට ආධුනිකයකු වුවත් ටෙස්ට් තරග අංශයේදී ටමීම් බංග්ලාදේශ පිල මෙහෙයවා තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවුණු බංග්ලාදේශ කණ්ඩායමෙන් තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන්ද පිට කොන්දේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව තිබේ. ඉකුත්දා නිමා වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලලියේදී ඉන්දියාවට එරෙහිව පැවැතිතරගයේදී ලකුණු 51 ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත්වූ සයිෆුදීන්ගේ ස්ථානය සඳහා දකුණතින් වේග පන්දු යවන ෆර්හාඩ් රීසා කැඳවා තිබේ. අවසන් වරට රීසා එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2011 වසරේදී වීමද විශේෂත්වයකි.

දින 10 ක කාලයක් මෙරට රැඳී සිටීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉකුත් 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර පළමු සහ එකම පුහුණු තරගයට ලබන 23 වැනිදා පී, සරා ඕවල් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. දෙරට අතර එක්දින තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ වන අතර 28 සහ 31 දිනයන්හිදී දෙවැනි සහ තෙවැනි එක්දින තරග කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීපැවැත්වෙනු ඇත. සියළුම තරග දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙනු ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් පිල – ටමීම් ඉක්බාල් (නායක), මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, මොහොමඩ් මිතුන්, මහමුදුල්ලා රියාද්, මොසදික් හුසේන්, රුබෙල් හුසේන්, මස්ටෆිසූර් රෙහ්මාන්, මෙහෙදි හසන්, එනමුල් හක්, ටයිජුල් ස්ලාම්, ටස්කින් අහමඩ්, ෆර්හාඩ් රීසා.

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee