slc
logo
Home   |    News
ජූලි 16, 2019
ලෝක කුසලාන ක්‍රිකට් නිමාවු වගයි

Sri Lanka Cricket

Thanathillen-Eha_3

සති හයක දීර්ඝ කාලයක් තුළ එංගලන්තයේ පැවැති තරග 48කින් යුත් 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉරිදා (14) ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තියුණු අවසාන මහා තරගයකට පසුව නිමාවට පත්වූයේ සත්කාරක එංගලන්තයටම ලෝක කුසලානය අත්වෙමිනි. 1975 එංගලන්තයේදී ආරම්භ වු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය වසර 44කට පසුව 12වැනි තරගාවලියේ දී ඔවුනට ප්‍රථම වතාවට මව් බිමේදීම හිමිවීම විශේෂත්වයකි.

ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් හයවැනි රට ලෙසටද  එංගලන්තය ඉතිහාසයට එක්වේ. මීට පෙර ඕස්ට්‍රේලියාව (5) බටහිර ඉන්දීය කොදෙව් දූපත් (02) ඉන්දියාව (02) පාකිස්තානය (01) හා ශ්‍රී ලංකාව (01) මේ කිරුළ දිනා සිටී. තරගාවලිය පැවැත්වෙන සත්කාරක රට පිට පිටම තෙවැනි වරට කුසලානය හිමිකරගත් අවස්ථාවද මෙයයි. මීට පෙර 2011 ඉන්දියාවත් 2015 ඕස්ට්‍රේලියාවත් සත්කාරකත්වය දරමින් කුසලානය දිනා ඇත.

එංගලන්තය සූරයන් හා නවසීලන්තය අනුසූරයන් බවට පත්වීමෙන් පසුව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා ඇෆ්ගනිස්ථානය තරග සටහනේ දැක්වෙයි. අභිනව ලෝක සූර එංගලන්තයට ලෝක කුසලානයට අමතරව පිරිනැමුණු මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 40කි.

අවසාන තරගයට සහභාගි වූ එංගලන්තය හා නවසීලන්තය ලොවට අග්‍රඝණයේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම බිහිකර සිටී. එංගලන්තය හා නවසීලන්තය 1975 සිට මේ වසර දක්වාම ලෝක කුසලානය දිනාගැනීමට අප්‍රහත ධෛර්යයක් දැක්වූ කණ්ඩායම් දෙකක් ලෙස ක්‍රිකට් ඉතිහාස දත්තයන්ගෙන් විදහා දැක්වේ. ඒ අයුරින් මීට පෙර එංගලන්තය තෙවරක් හා නවසීලන්තය එක්වරක් අවසාන තරගයන්ට සුදුසුකම් ලැබුවත් ඔවුනට ප්‍රතිඵල නෙලා ගැනීමට අවස්ථාවක් වසර 44 ක් යනතුරු නොලැබීම අවාසනාවන්ත සිදුවීමකි. නවසීලන්තය 2007 සහ 2011 වසරයන්හි අවසාන පූර්ව තරගයන්හි ශ්‍රී ලංකාව වෙතින් පරාජය වූ අතර 2015 සහ 2019 පිළිවෙලින් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව පරාජය කරමින් අවසාන තරගයට පිවිසියත් කුසලානය තම මව්බිමට ගෙන යාමට අවස්ථාව උදා නොවීය.

 මෙවර ලෝක කුසලාන තරගාවලියට මීට පෙර තරගාවලියන්ට වඩා දැඩිසේ අයහපත් කාලගුණය බලපෑසෙයක් දක්නට ලැබිණි. වර්ෂාව මත සම්පූර්ණයෙන්ම නොපැවැත්වුණු තරග සංඛ්‍යාව හතරකි. එයින් දෙකක්ම බලපෑවේ ශ්‍රී ලංකාවටය. ශ්‍රී ලංකා පාකිස්තාන තරගයත් ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයත් මේ අනුව පැවැත්වූයේ නොමැත.

New Zealand's captain Kane Williamson (C) greets the other players after scoring the winning runs to end the 2019 Cricket World Cup group stage match between New Zealand and South Africa at Edgbaston in Birmingham, central England, on June 19, 2019. - New Zealand won by 4 wickets. (Photo by Oli SCARFF / AFP) / RESTRICTED TO EDITORIAL USE

New Zealand’s captain Kane Williamson (C) greets the other players after scoring the winning runs to end the 2019 Cricket World Cup group stage match between New Zealand and South Africa at Edgbaston in Birmingham, central England, on June 19, 2019. – New Zealand won by 4 wickets. (Photo by Oli SCARFF / AFP) / RESTRICTED TO EDITORIAL USE

දක්ෂම ක්‍රීඩකයෝ

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරු‍ණේ නවසිලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ය. අවසාන තරගයේ වීරයා වූයේ එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්ය.

වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා වූයේ ඉන්දීය උපනායක හා ආරම්භක පිතිකරු රෝහිට් ෂර්මාය. ෂර්මා ශතක පහක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 648ක් ලබා සිටී. දක්ෂම පන්දු යැවීම වාර්තාව වන්නේ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්ගෙනි. ස්ටාක් අවසාන පූර්ව තරගය තෙක් කඩුලු 27ක් ලබා ඉදිරියෙන්ම පසුවේ. 2015 වසරේ හොඳම පන්දු යැවීම සිදුකළේ ද ස්ටාර්ක්ය.

2019 වසරේ ලොක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියෙන්ම සිටින පිතිකරුවන් දසදෙනා වන්නේ 1. රෝහිට් ෂර්මා (ඉන්දියාව ලකුණු 674යි සාමාන්‍ය 81යි) 2.ඩේව්ඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව ලකුණු 647යි සාමාන්‍ය 71.88යි) 3.ෂකිබ් අල්හසන් (බංග්ලාදේශය ලකුණු 606යි සාමාන්‍ය 86.57) 4.කේන් විලියම්සන් (නවසීලන්තය ලකුණු 578යි සාමාන්‍ය 96.33) 5. ජෝ රූට් (එංගලන්තය ලකුණු 556යි සාමාන්‍ය 61.77යි) 6. ජොනී බේස්ටෝ (එංගලන්තය ලකුණු 537යි සාමාන්‍ය 48.36යි) 7. ඒරන් ෆින්ච් (ඕස්ට්‍රේලියාව ලකුණු 507යි සාමාන්‍ය 50.70යි) 8. බාබර් අසාම් (පාකිස්තානය ලකුණු 474යි සාමාන්‍ය67.71යි) 9. විරාට් කෝලි (ඉන්දියාව ලකුණු 443යි සාමාන්‍ය 63.28යි) 10.ජේසන් රෝයි (එංගලන්තය ලකුණු 443යි සාමාන්‍ය 55.32යි) ජෝ රූට්, ජොනී බේස්ටෝ සහ ජේසන් රෝයි යන එංගලන්ත පිතිකරුවන් තිදෙනාම පිතිකරන ලැයිස්තුවේ මුල් නම් දහයට ඇතුළත් විම විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියාවේ වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් මද ආබාධ තත්ත්වයක් සිටියත් පන්දු යැවිමේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ ද ඔහුය. ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 27කි. 2. ලොකී ෆර්ගසන් (නවසීලන්ත කඩුලු 21යි) 3. මුෂ්ටෆිසුර් රහ්මන් (බංග්ලාදේශය කඩුලු 20යි) 3. ජෝෆ්රා ආචාර් (එංගලන්තය කඩුලු 20යි) 5.ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව කඩුලු 18යි) පන්දු යැවීමේ දී ඉදිරියෙන්ම සිටි පන්දු යවන්නෝය.

තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසක්ම කැපී පෙනුණු අතර බංග්ලාදේශය ෂකිබ් අල් හසන් ඉන්දියාවේ හර්දික් පාන්ඩ්‍යා සහ පාන්ට් නවසීලන්තයේ ජිමී නීෂම් ක්‍රිස් ග්‍රැන්ඩ්හෙඩ් එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් කොදෙව් පිලේ ජේසන් හෝල්ඩර් ක්‍රිස්ගේල් පාකිස්තානයේ මොහොමඩ් හෆීස් මින් කිහිපදෙනෙකි.

The winning 2019 England World Cup cricket team (back row LtoR) victory event at The Oval in London on July 15, 2019, a day after they won the 2019 Cricket World Cup final against New Zealand. - England won the World Cup for the first time ever on Sunday, holding their nerve to seal a thrilling Super Over victory against New Zealand after the final ended in a tie. Eoin Morgan's side finished on 241 all out in pursuit of New Zealand's 241-8, sending the match at Lord's to a six-ball shootout for each side. (Photo by Daniel LEAL-OLIVAS / AFP) / RESTRICTED TO EDITORIAL USE

The winning 2019 England World Cup cricket team (back row LtoR) victory event at The Oval in London on July 15, 2019, a day after they won the 2019 Cricket World Cup final against New Zealand. – England won the World Cup for the first time ever on Sunday, holding their nerve to seal a thrilling Super Over victory against New Zealand after the final ended in a tie. Eoin Morgan’s side finished on 241 all out in pursuit of New Zealand’s 241-8, sending the match at Lord’s to a six-ball shootout for each side. (Photo by Daniel LEAL-OLIVAS / AFP) / RESTRICTED TO EDITORIAL USE

සුපිරි හතර

ලෝක කුසලානය ආරම්භයේ සිට අවසාන පූර්ව තරග තෙක්ම බොහෝදෙනාගේ අවධානය යොමුවූයේ සුපිරි හතර කණ්ඩායම් වන ඉන්දියාව ඕස්ට්‍රේලියාව එංගලන්තය හා නවසීලන්තය වෙතය. 2019 තරගාවලිය මේ කණ්ඩායම් හතරේ තරගාවලියක් පමණක් බව ඇතැමුන් සෙසු කණ්ඩායම් හය පිළිබදව තැකීමක් කළේ නොමැත. තරගාවලියේ ආරම්භයේ නවසීලන්තය සති දෙකක් පමණ ඉදිරියෙන් සිටියත් පසුව ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ප්‍රථම හා දෙවන ස්ථානයන්ට ළගාවිය. එංගලන්තය ශ්‍රී ලංකාව වෙතින් පරාජය වූ පසු ඔවුන් සිව්වන ස්ථානයෙන් පහතට එන ලෙසක්ද දක්නට ලැබිණි.

පාකිස්තානය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයන්ට පත්වීමට උත්සහයක නිරත වුවත් වරක්වත් ඊට ඇතුලු විය හැකි නොවීය. මූලික වටයේ දී එංගලන්තය, පාකිස්තානය ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තය, පාකිස්තානය ඕස්ට්‍රේලියාව හා එංගලන්තයටත් පරාජය  විය. අවසාන පූර්ව තරගවලට තේරුණු එංගලන්තය හා නවසීලන්තය මෙලෙස තරග තුන බැගින් පරාජය වුවද ඔවුන් අවසාන පූර්ව තරගවලට ඒමට තරම් වාසනාවන්ත විය. මේ කණ්ඩායම් දෙක අවසාන පූර්ව තරග දෙකේදී නොසිතූ ලෙස අංක 1 සහ 2 සිටි ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව පරාජයට පත්කිරීමෙන් සිදුවූයේ ඉන්දියාවට හා ඕස්ට්‍රේලියවට ආපසු සිය රට බලා පිටත්ව යාමටය. ඉන්දියාවට ආපසුයාමට ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර නොතිබූ හෙයින් ඔවුන්ට ඉරිදා (14) වන තෙක්ම අවසාන පූර්ව තරගය පැවැත් මැන්චෙස්ටර්හි නතර වීමටද සිදුවිණි.

 ජේසන් රෝයි සහ ජොනි බේස්ටෝ එංගලන්ත ආරම්භක පිතිකරුවන් අවසාන තරගයට පෙර තරග හතරේ මුල් විකට්ටුවට 128,160,123 හා 124 බැගින් ලබා ගැනීමෙන් ඔවුන් එම තරග සියල්ල ජය ලැබීය. ඊට පෙර තරග කිහිපයක් ඔවුන් පරාජය වූයේ ජේසන් රෝයි ආබාධයට ළක්ව ඔහුගේ සේවය නොලැබීමෙනි. එහෙත් අවසාන තරගයේ මුළු ලකුණු 28 දි රේයි 17කට දැවී ගියත් උණුසුම් තරගයකට පසු තරගය සමව සුපිරි ඕවරයත් සමව ජයග්‍රාහකයන් තීරණය කළේ හතරේ සීමාව වැඩිපුර ඉක්මවූ කණ්ඩායම ලෙස එංගලන්ත කණ්ඩායමයි. මෙදින රාත්‍රිය හා පසුදින (15) එංගලන්තය සැණකෙළි සිරි ඉසිලීය.

2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් විශ්‍රාම ගනු නිසැකය. ඉන්දියාව ඔවුනගේ පුහුණු කාර්යය මණ්ඩලයටම ඉවත් වන ලෙස දැනුම් දී ඇතත් උසාවි නියෝගයක් මගින් පුහුණුකරුවන් තව මාස කිහිපයක් රැදී සිටීමට අවසර ලබා ඇත. 2023 වසරේ මීලග ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද ඉන්දියාවේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest