slc
logo
Home   |    News
ජූලි 30, 2019
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතය දඟ පන්දු යවන්නන්ගෙන් සන්නද්ධ කරයි

Sri Lanka Cricket

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි. සී.සී.) විසින් පළමු වරට සංවිධානය කරනු ලබන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාවලියේ (World Test Championship) නවසීලන්තය මෙන්ම ශ්‍රී ලංකාවේ තරග ආරම්භය සනිටුහන් කරන තරග 2 කින් සමන්විත නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කරන ලද නවසීලන්ත කණ්ඩායමට දඟ පන්දු යවන්නන් සිව් දෙනෙකු ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ලබන අගෝස්තු මස 14 වැනිදා සිට ආරම්භ වන මෙම තරගාවලිය සඳහා ප්‍රකාශයට පත් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත කණ්ඩායමට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනකු, පිට දඟ පන්දු යවන්නකු සහ පාදඟ පන්දු යවන්නකු ඇතුළත් කර තිබේ. මිචෙල් සැන්ට්නර් සහ අජාස් පතෙල් කණ්ඩායමට එකතුව සිටින වමත් දඟ පන්දු යවන්නන් වන අතර පිට දඟ පන්දු යවන ක්‍රීඩක විලියම් සමර්විල් සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක ටොඩ් ඇස්ට්ල් සෙසු පන්දු යවන්නන් දෙදෙනා බවට පත්ව තිබේ.

පාකිස්තානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉකුත් වසරේ පැවැති තරගාවලිය දක්වන ලද දක්ෂතා මත අජාස් පතෙල් සහ විලියම් සමර්විල්ව නවසීලන්ත කණ්ඩායමට එක් කර තිබේ. තරග 3 කින් සමන්විත එම තරගාවලියේ 2-1 ක් ලෙස නවසීලන්තය ජය වාර්තා කිරීමට සමත් වූ අතර අජාස්  පතෙල් කඩුලු 13 ක්ද විලියම් සමර්විල් කඩුලු 7 ක්ද දවා ගැනීමට සමත්වූහ. කෙසේ වෙතත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කොට කඩුලු 21 ක් දවා ගතී ලොකී ෆර්ගසන්ට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීම කැපී පෙනෙයි.

දණහිසේ ඇතිවුණු ආබාධයක් හේතුවෙන් 2017 වසරේ සිට එක්දින සහ විස්සයි/20 තරග වලට පමණක් සහභාගි වුණු මිචෙල් සැන්ට්නර් ආබාධය සුව වීමෙන් පසු යළිත් ටෙස්ට් කණ්ඩායමට එක්වී සිටියි. අනෙක් පන්දු යවන්නා වූ ටොඩ් ඇස්ට්ල් මීට වසර 7 කට පෙර හෙවත් 2012 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදීම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.

නම් කරන ලද නවසීලන්ත කණ්ඩායමට ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුති ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙසින්ද නීල් වැග්නර් සහ කොලින් ඩිග්‍රෑම්හෝම් සෙසු වේග පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකාව සමඟ තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායම අගෝස්තු මස 03 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර ටෙස්ට් තරගාවලියට පෙර තුන් දින තරගයකට සහභාගිවීමට නියමිතය. එම පුහුණු තරගය ලබන 8 වැනිදා සිට 11 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේදී සහභාගිවනු ඇත.

නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම – කේන් විලියම්සන් (නායක), රොස් ටේලර්, ටොඩ් ඇස්ට්ල්, ටොම් බ්ලන්ඩල්, ට්‍රෙන්ට් බෝල්ට්, කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම්, ටොම් ලේතම්, හෙන්රි නිකල්ස්, අජාස් පතෙල්, ජීත් රාවල්, වීල් සමර්විල්, මිචෙල් සැන්ට්නර්, නීල් වැග්නර්, බෙන් වොට්ලින්, ටිම් සවුති.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee