slc
Home   |    News
ජූලි 9, 2019
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමෙන් දක්ෂතා

Sri Lanka Cricket

Thanathillen-Eha_3

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගිවී සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම දැනට එහි තරග හතරකටසහභාගිවී ඉන් තරග තුනක් ජයගෙන අවසාන තරගයට සුදුසුකම් ලබන තත්ත්වයක පසුවේ. මූලික වටයේ අවසාන තරගය ජූලි 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාග ක්‍රීඩා සමාජ කණ්ඩායම තරගවදිති. විශ්ව විද්‍යාල ක්‍රීඩා සමාජ කණ්ඩායම ද විවිධ ක්‍රීඩකයන්ගෙන් සමන්විතවූ ප්‍රබලම කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. මේ කණ්ඩායම් තුනම මීට පෙර අවසාන තරගාවලියේ ද තරග කළ අතර එවර ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේ නොමැත.මෙවර සංචාරයේ ජුනි 29, ජූලි 1 සහ ජූලි 05 දිනවල පැවැති තරග ශ්‍රී ලංකාව ජයගත් අතර ඔවුන් පරාජය වූයේ ජූලි හය වැනිදා පැවැති තරගය පමණි. මේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම් තුනේම ක්‍රීඩකයන් අවුරුදු 19-24 වියෙහි පසුවන තරුණ ක්‍රීඩකයන් වීමද විශේෂත්වයකි.

ජූලි 5වැනිදා පැවැති ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතරක ජයක් ලැබූ අතර ජූලි හයවැනිදා පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල පරදා දකුණු අප්‍රිකා නැගී එන පිල කඩුලු තුනක ජයක් අත්කර ගත්තේය.

තරග ප්‍රතිඵල

ජූලි 5 වැනිදා ශ්‍රී ලංකාවට කඩුලු හතරක ජයක් අත්විය.

  • දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සමාජය ඕවර 50දී කඩුලු 6ට 207යි.

ඩී.ප්ලොට් ග්ලෙටර් 97යි. ආර්.හර්මන් 45යි, ළහිරු මධුශංඛ 47ට 2යි,

  • ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 6ට 211යි. (ඕවර 49.1යි)

චරිත් අසලංක 66යි, ෂම්මු අෂාන් 57යි, අෂේන් බණ්ඩාර 32, බී.ස්වොන් පොයල් 9ට 3යි,එල්.ෆිලැන්ඩර් 33ට 3යි.

ජූලි 6වැනිදා දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම කඩුලු 3කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි.

  • ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 7ට 247 (ඕවර 50)

සදුන් වීරක්කොඩි 42, පැතුම් නිශ්ශංක 37, කමිදු මෙන්ඩිස් 54, ළහිරු මධුශංඛ 30

  • දකුණු අප්‍රිකා නැගී එන පිල කඩුලු 7ට 250 (ඕවර 50)

පී.බ්‍රිට්ස්ක් 53, කේ.සිමන්ස් 44, අමිල අපොන්සු 46ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest