slc
logo
Home   |    News
ජූලි 22, 2019
තියුණු සටනකින් පසු දඹුල්ල අවසන් සටනට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තේරීම වෙනුවෙන් පැවැති අතිශය තීරණාත්මක දඹුල්ල සහ නුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 07 ක තියුණු ජයක් ලද දඹුල්ල කණ්ඩායම අවසන් මහ තරග අවස්ථාව උදා කරගනු ලැබීය. ඒ අනුව නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී කමිල් මිශාරගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම සමඟ තරග වදිනු ඇත.

අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තා වෙමින් ජය වාර්තා කරන ලදමෙම තරගයේදී සුධීර තිලකරත්න දක්ෂ පන්දු යැවීම නොවන්නට මෙම තරගය ජය ගැනීමේ වැඩි වාසි මහනුවර පිල සතුව තිබිණ. කාසියේ වාසියත් සමග ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල පිල සියලු දෙනා ලකුණු 223 කට දැවී ගිය. වාර්තා වුණු එකම අර්ධ ශතකය ලක්ෂාන් ගමගේ පිත්තෙන් වාර්තා වූ අතර ඔහු පන්දු 47 කට මුහුණ දෙමින් ලකුණු 55 ක් රැස් කරගත්තේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් වාර්තා වුණු එම අර්ධ ශතකය හැර වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වූයේ රවිඳු රශාන්තය. හෙතෙම පන්දු 32 කට මුහුණ දෙමින් ලකුණු 32 ක් ලබා ගත්තේය.

දඹුල්ල කණ්ඩායම විටෙක කඩුලු 7 ක් දැවී ලකුණු 118 ක් වශයෙන් අන්ත අසරණත්වයට වැටී තිබුණු නමුත් පිටියට එක්වූ ලක්ෂාන් සහ අශේන් ඩැනියෙල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක් එක් කළහ. එම සබඳතාව සඳහා අශේන්ගේ දායකත්වය ලකුණු 32 කිනි.  දඹුල්ල පිල මෙල්ල කර ගැනීම වෙනුවෙන් මහනුවර කණ්ඩායමේ නායක රුවින් පීරිස් පන්දුයවන්නන් 9 දෙනෙකුගේම දායකත්වය ලබා ගැනීමද කැපී පෙනුණි.

ඒ අනුව ලකුණු 224 ක ජයග්‍රාහී ඉලක්කයක්හඹා ගිය නුවර කණ්ඩායම පන්දුවාර 48.1 කදී සියළු දෙනා ලකුණු 216 කට දැවී ගියහ. නුවර පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අවිශ්ක තරිඳු පන්දු 54 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 64 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව අභිෂේක් ආනන්දකුමර සහ දුනිත් ජයතුංග ලකුණු 31 බැගින් වාර්තා කළහ.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු සුධීර තිලකරත්න මහනුවර කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් වූ දුනිත් ජයතුංග, අභිෂේක් ආනන්දකුමාර් දවාගත් සුධීර මැද පෙළින් පැමිණි  කවිඳු නදීෂාන්ගේ කඩුලුද දවාගගත්හ. එපමණක් නොව හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු 28 ක් ලබා සිටි ලොහාන් ද සිල්වා ව තනිවම දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමටද සුධීර සමත්විය. සුධීර අමතරව අශේන් ඩැනියෙල් කඩුලු 3 ක් දවා ගත්හ.

තරගාවලියේ තෙවැනි ස්ථානය තෝරා ගැනීම වෙනුවෙන් වූ තරගය හෙට (22 දා) ගාල්ල සහ මහනුවර කණ්ඩායමට තරග වදිනු ලබන අතර අවසන් මහ තරගය අනිද්දා (23 දා) අපරාජිත කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවැත්වෙනු ඇත.

ලකුණු සාරාංශය – දඹුල්ල කණ්ඩායම පන්දුවාර 49.5 කදී ලකුණු 223 යි – (ලෙෂාන් අමරසිංහ 23, සුපුන් සුමනරත්න 26, රවිඳු රසාන්ත 32, ලක්ෂාන් ගමගේ 55, අෂේන් ඩැනියෙල් 30, කවිඳු නදීෂාන් 27/3)

මහනුවර පිල පන්දුවාර 48.1 කදී ලකුණු 216 යි – (මහනුවර කණ්ඩායම පන්දුවාර 48.1 කදී ලකුණු 216 යි – (අවිෂ්ක තරිඳු 64, කවිඳු නදීෂාන් 16, රුවින් පීරිස් 14, ලොහාන් අරෝෂ 28, දුනිත් ජයතුංග 31, අභිෂේක් ආනන්දකුමාර් 35, සුධීර තිලකරත්න 26/3, අෂේන් ඩැනියෙල් 56/3, යසුරු රුද්‍රිගෝ 33/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar