slc
logo
Home   |    News
අගෝස්තු 28, 2019
අකිල අද චෙන්නායි යයි

Sri Lanka Cricket

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පිලේ පිට දඟපන්දු යවන අකිල ධනංජය අද (28 දා) පස්වරුවේ චෙන්නායි නුවර බලා පිටත්ව යෑමට නියමිතය. චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර සරසවියේදී පිහිටුවා ඇති අන්ත්‍රස්කොපි ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේදී  මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇත.

මෙම පරීක්ෂණය සඳහා අකිල සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙසින් කටයුතු කරන ජෙරම් ජයරත්න මහතා ද චෙන්නායි නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

නවසීලන්තයට එරෙහිව ඉකුත් 18 වැනිදා ගාල්ලේ පැවැති තරගයේදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සැකයක් පවතින බව තරග විනිසුරුවන් ලෙසින් කටයුතු කරන ලද මයිකල් ගෆ් සහ රිචර්ඩ් ඉලිංවර්ත් වාර්තා කර සිටියහ. අකිලට අමතරව කේන් විලියම්සන්ගේද පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව එම වාර්තාවේම සදහන් විය. ජාත්‍යන්තර ක්‍රිකට් නීති රීතිවලට අනුව සැකයට පාත්‍ර වූ දිනයේ සිට දින 14 ක කාලයක් පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් අකිල සහ විලියම්සන් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වේ.

එංගලන්ත කණ්ඩායම සමඟ 2018 වසරේ ගාල්ලේ පැවැති තරගයේදීද අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වුණු නමුත් පන්දු යැවීමේ ඉරියව්වේ වෙනසක් කරමින් යළිත් නීත්‍යානුකූල පන්දු යවන්නකු බවට පත්වීමට අකිල සමත්විය. එම අවස්ථාවේදීද ඉරියව්ව පරීක්ෂණයට මුහුණ දුන්නේද මෙම ශ්‍රී රාමචන්ද්‍ර සරසවියේදී වීම විශේෂත්වයකි.

අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්වන පිරිස එම පරීක්ෂණයට මුහුණ දී නැවතත් හෙට (29 දා) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest