slc
Home   |    News
අගෝස්තු 16, 2019
අසිත – චාමික නැවත ජාතික කණ්ඩායමට ඇතුළත් වේවි – චමින්ද වාස්

Sri Lanka Cricket

ලසිත් ඇඹුල්දෙණිය ජාතික කණ්ඩායමට ඇතුළත් වු ආකාරයට ඉදිරියේ දී නැගී එන කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ඇතුළත් වනු ඇතැයි නැගී එන කණ්ඩායමේ සහ තේරීම් කමිටු නිලධාරී චමින්ද මෙන්ඩිස් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක්ම නැගී එන කණ්ඩායම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේදී විශේෂ දක්ෂතා පෙන්වුවා. අගෝස්තු 18 සිට සැප්තැම්බර් හය දක්වා බංග්ලාදේශ සංචාරයේ හා ඉන් පසුව පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ දී මේ තරුණ ක්‍රීඩකයනට දස්කම් පෙන්වා ජාතික කණ්ඩායමට ඇතුළත් විය හැකියැයි ද චමින්ද මෙන්ඩිස් බංග්ලාදේශ සංචාරය පිළිබදව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

බංග්ලාදේශයේදී එරට ක්‍රීඩකයන් නිතර හොදින් ක්‍රීඩා කරනවා. මෙය මේ වසරේ අපගේ දෙවන එතෙර සංචාරයයි. මෙහිදී ආසියානු කුසලානයට යන කණ්ඩායම සකස් කර ගැනීමට අපේක්ෂා කරන බවද මෙන්ඩිස් කියයි. නැගී එන කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රකාශ කළේ තම කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරයේදී අත්දැකීම් රැසක්ම ලබා සුරතාවද දිනාගත් බවත් තම කණ්ඩායම දීප්තිමත් අනාගතයක් ඇති තරුණ ක්‍රීඩකයන් රැසකින්ම සමන්විත වන බවත්ය.

ප්‍රධාන පුහුණුකරු චමින්ද වාස් කීවේ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියන් හි දක්ෂතා පෙන්වු තරුණ ක්‍රීඩකයන් රැසකට නැගී එන කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව උදාකර දුන් අතර වේගපන්දු යවන්නන් අතුරින් චාමික කරුණාරත්නට සහ අසිත ප්‍රනාන්දුට නැවතත් නුදුරු අනාගතයේම ජාතික කණ්ඩායමේ දොරටු විවෘත වනු ඇති බවය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ වැඩසටහන

  • එක්දින තරග –

අගෝස්තු 18- ප්‍රථම එක්දින තරගය සවාර් හිදී

අගෝස්තු 21- දෙවන එක්දින තරගය සවාර් හි දී

අගෝස්තු 24 තෙවන එක්දින තරගය කුල්නාහි දී

ශ්‍රී ලංකා නැගී එන එක්දින කණ්ඩායම

චරිත් අසලංක (නායක) සදුන් වීරක්කොඩි,හසිත බෝයගොඩ, පැතුම් නිශ්ශංක, කමිදු මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, මිනෝද් භානුක,ෂම්මු අෂාන්, අමිල් අපොන්සු, රමේෂ් මෙන්ඩිස්, කළණ පෙරේරා, ජෙහාන් ඩැනියෙල්,නුවන් තුෂාර,ශිරාන් ප්‍රනාන්දු සහ වනිදු හසරංග

  • සිව්දින ටෙස්ට් තරගාවලිය (නිල නොවන)

අගෝස්තු 27-30 ප්‍රථම ටෙස්ට් තරගය කුල්නාහිදී,

සැප්තැම්බර් 3-6 දක්වා දෙවන ටෙස්ට් තරගය කොක්ස් බසාර්හි දී.

ටෙස්ට් කණ්ඩායම 

චරිත් අසලංක (නායක) ළහිරු උදාන, සංගීත් කුරේ, පැතුම් නිශ්ශංක, ප්‍රමෝද් මධුවන්ත, මිනෝද් භානුක,ජෙහාන් ඩැනියෙල්, රමේෂ් මෙන්ඩිස්,අමිල අපොන්සු,නිශාන් පීරිස්, මොහොමඩ් ශිරාන්, කළණ පෙරේරා, අසිත ප්‍රනාන්දු,චාමික කරුණාරත්න සහ අෂේන් බණ්ඩාර

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest