slc
logo
Home   |    News
අගෝස්තු 16, 2019
ආසියානු කුසලානට පෙර පෙරහුරුවකට නැගී එන පිල බංග්ලාදේශයට යයි

Sri Lanka Cricket

බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව් දින සහ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගිවන චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (16 දා) උදෑසන බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන තරගාවලිය මෙම වසරේ දෙසැම්බරයේදී බංග්ලාදේශයේ පැවැත්වීම හේතුවෙන් මෙම තරගාවලියේදී ලබන අත්දැකීම් එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගී එන පිලට බෙහෙවින්ම වැදගත් වනු ඇත.

ප්‍රථමයෙන්ම එක්දින තරගාවලිය ද අනතුරුව සිව් දින ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන මෙම තරගාවලි දෙකේම නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංග විසින් මෙහෙයවනු ඇත. සංචාරක කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත්ව සිටින අතර සඳුන් වීරක්කොඩි, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු හා අමිල අපෝන්සු එම ක්‍රීඩකයෝ වෙති.

ශිරාන් ප්‍රනාන්දු සහ ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවනු ලබන නුවන් තුෂාර නැගී එන එක්දින කණ්ඩායමට එක්ව සිටින අළුත්ම සාමාජිකයන් දෙදෙනාය. මොරටුව මෙතෝදිස්ත විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණවී  ඇති ශිරාන් ප්‍රනාන්දු දකුණත් මඳ වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කරයි. පළමු පෙළ 16 කට සහභාගිවී ඇති ශිරාන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 37 ක් වන අතර එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 31.43 ක් ලෙස සටහන් වේ.

‘පොඩි මාලිංග’ යනුවෙන් හැඳින් වෙන නුවන් තුෂාර මාලිංග මෙන්ම විස්සයි/20 තරග අංශයෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබේ. දේශීය විස්සයි/20 තරග 14 ක් නියෝජනය කර ඇති නුවන් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 12.88 ක් රඳවා ගනිමින් මුලු කඩුලු 25 ක් බිඳ හෙළීමට සමත්වී තිබේ.

නායක අසලංක ඇතුළු එක්දින කණ්ඩායමට නම් කරන ලද ක්‍රීඩකයින්ගෙන් 8 දෙනෙකු සිව් දින තරගාවලියට ඇතුළත්ව සිටින අතර පැතුම් නිස්සංක, මිනෝද් භානුක, ජෙහාන් ඩැනියල්, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සො,  කලන පෙරේරා සහ අශේන් බණ්ඩාර එම ක්‍රීඩකයෝ වෙති.

චමින්ද වාස් මහතා ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන 18 වැනිදා පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. දෙවැනි තරගය අගෝස්තු 21 වැනිදාද සහ තෙවැනි තරගය අගෝස්තු 24 වැනිදාද පැවැත්වෙනු ඇත. උක්ත තරග 3 ම සවාර්හි පැවැත්වීමට නියමිත අතර එම තරගාවලියෙන් පසුව ඇරඹෙන සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 27 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. කුල්නාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව දෙවැනි තරගය සැප්තැම්බර් 03 වැනිදා සිට 06 වැනිදා දක්වා කොක්ස් බසාර්හිදී පැවැත්වෙනු ඇත.

අසලංකගේ නායකත්වය යටතේ පසුගියදා දකුණු අප්‍රිකාවේ තරග සංචාරයකට සහභාගි වුණු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාල කණ්ඩායම් අතර තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගි වෙමින් එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.

එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), සඳුන් වීරක්කොඩි, හසිත බෝයගොඩ, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, මිනෝද් භානුක, ෂම්මු අශාන්, අමිල අපෝන්සො, රමේෂ් මෙන්ඩිස්, කලන පෙරේරා, ජෙහාන් ඩැනියල්, නුවන් තුෂාර, ශිරාන් ප්‍රනාන්දු, වනිඳු හසරංග.

සිව්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), ළහිරු උදාන, සංගීත් කුරේ, පැතුම් නිස්සංක, ප්‍රමෝද් මධුවන්ත, මිනෝද් භානුක, ජෙහාන් ඩැනියල්, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සො, නිශාන් පීරිස්, මොහොමඩ් ශිරාස්, කලන පෙරේරා, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අශේන් බණ්ඩාර.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee