slc
logo
Home   |    News
අගෝස්තු 16, 2019
තණතීරුව ගැන ලක්මාල්ගෙන් ‘අනාවැකියක්’

Sri Lanka Cricket

ඔහු නිහඬය. එහෙත් ඒ නිහඬ බව සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ හා කරමින් සිටින මෙහෙය බොහෝය. ඒ සඳහා ආසන්නම උදාහරණයක් නවසීලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී දැක ගත හැකි විය. පළමු දින අවසනදී කඩුලු 5 කට ලකුණු 203 ක් ලබා සිටි නවසීලන්ත පිලේ ඉතිරි කඩුලු 5 න් 4 ක්ම දවා ගනිමින් පළමු ඉනිම ලකුණු 249 කට සීමා කිරීම වෙනුවෙන් ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේ ඔහුය. ඔහු වෙන කවුරුත් නොව සුරංග ලක්මාල්ය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර ඇති ලක්මාල් දෙවැනි දිනයේදී ලබා ගන්නා ලද කඩුලු 4 ත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 150 සීමාව ආසන්නයටම පැමිණ සිටියි. පළමු ඉනිමේදී ලකුණු 29 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ දැමීම නිසා දෙවැනි දින අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ වූ ආසනයට හිමිකම් කියන ලද්දේ ලක්මාල්ය. තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉදිරි බලාපොරොත්තුව පිළිබඳව ලක්මාල් දක්වා සිටියේ මෙවන් අදහසකි.

“ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මොකද ගොඩක් අමාරුවෙන් තමයි මේ තැනට මම ඇවිල්ලා ඉන්නේ. කැමැතියි ගොඩක් ඉක්මනට කඩුලු 150 ක් ලබා ගන්න. ඒ වෙනුවෙන් මං ගොඩක් මහන් වෙනවා” යනුවෙනි.

නිහඬ ක්‍රීඩකයකු වුවද මෙරට බිහිවූ සුපිරිතම වේග පන්දු යවන්නා වන චමින්ද වාස්ට පසු වේග පන්දුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින පන්දු යවන්නා වන්නේ සුරංග ලක්මාල්ය. එහෙත් ඒ බව බොහෝ දෙනෙක් නොදනිති.

“වේග පන්දු යවන්නන්ගෙන් මම දැනට දෙවැනියට ඉන්නේ (චමින්ද) වාස් අයියට පස්සේ. ඇත්තටම ලොකු අභියෝගයක් තියෙනවා කඩුලු 200 ක් හෝ 250 ක් ලබා ගන්නා. කොහොම හරි ඒක ඉෂ්ඨ කරගන්න තමයි මගේ බලාපොරොත්තුව” යැයි ලක්මාල් පවසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින පන්දු යවන්නන් අතර ලක්මාල් සිටින්නේ පස්වැනි ස්ථානයේය. ඒ තරග 58 කදී කඩුලු 141 දවා ගනිමිනි. ඒ අනුව ඔහුගේ ළඟම බලාපොරොත්තුව සඵල කර ගැනීම සඳහා ඔහුට තවත් කඩුලු 9 ක් අවශ්‍යව පවතියි. එම සටහනේ ඉදිරියෙන්ම පසු වන්නේ කඩුලු 800 ක් දවාගෙන සිටින මුත්තයියා මුරලිදරන්ය. කඩුලු 433 ක් ලබා සිටින රංගන හේරත් දෙවැනි ස්ථානයේද කඩුලු 355 ක් ලබා චමින්ද වාස් තුන්වැනි ස්ථානයේද සහ කඩුලු 153 ක් ලබා සිටින ඩිල්රුවන් පෙරේරා එහි සිව්වැනි ස්ථානයේද රැඳී සිටිති.

කණ්ඩායමට ඇතුළු වීමේදී පන්දු යවන්නකු ලෙසින් පමණක් දක්ෂතා දැක්වූ ලක්මාල් මේ වන විට පිතිකරුවකු කිසියම් සාධනීය දියුණුවක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ. ලකුණු 161 කට කඩුලු 7 ක් වැටී තිබියදී නිරෝෂන් දික්වැල්ලට එක්වූ ලක්මාල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දායකත්වයක් දැක්වීම ඒ සඳහා ආසන්නම උදාහරණයයි. ඒ වෙනුවෙන් ලක්මාල් ලකුණු 40 ක් ලබා ගත්තේය.

“මට එක එක්කෙනා කියනවා ඔයාට බැට් කරන්න පුලුවන්. හැබැයි ඔයා විකට් එක විසික් කරලා යනවා කිව්වා. ඒත් මං අන්තිම අවුරුදු එකහමාර දෙක ඇතුළත කාලයේදී ලැබෙන සෑම අවස්ථාවකදිම පිතිකරණ පුහුණුකරු සමඟ දැල තුළට ගිහිල්ලා පන්දුවට පහර දෙනවා.   ඒකත් එක්ක මම දන්නවා මට බැට් කරගන්න පුලුවන් කියලා. කණ්ඩායමට ඕන දේ මගෙන් ගන්න නම් මම බැට් කරන්නත් ඕන කියන එක මම දන්නවා. ඒක නිසා පසුගිය කාලෙම මම ඒ වෙනුවෙනුත් මහන්සි වුණා” යි පිතිකරුවකු ලෙසින් ලබා තිබෙන දියුණුව පිළිබඳව ලක්මාල් පවසයි.

තරගයේ හැසිරීම පිළිබඳවද අදහස් දක්වා සිටි ලක්මාල් සිව්වැනි ඉනිමේ පන්දුවට පහර දෙන විට එතරම් ලේසි නොවන බවට වූ අනාවැකියක්ද පළ කර සිටියේය. “පළමු පොඩ්ඩක් තෙත වගේ තිබුණා. නමුත් පළමු දවසට වඩා තණතිල්ල වේලිලා තියෙන්නේ. ඒ නිසා දෙවැනි දවස වෙනකොට පන්දුවේ දඟ කැවීම සහ ඉපිලීම ගොඩක් වැඩියි. සිව්වැනි ඉනිම ක්‍රීඩා කරන කොට මං හිතන්නේ නෑ ලේසි වෙයි කියලා”යි ලක්මාල් පවසයි.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee