slc
Home   |    News
අගෝස්තු 26, 2019
තරගයේ පාලනය නවසීලන්තය අතට ගනියි

Sri Lanka Cricket

සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 244 ට ප්‍රභල පිළිතුරක් ලබා දුන් නවසීලන්ත කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් සිව්වැනි දිනට තරගය හමාර කරන විට තරගයේ මුළුමනින්ම වූ පාලනය සියතට ගැනීමට සමත්ව සිටියේය. සමස්ථ දිනය පුරා යවන ලද පන්දුවාර 48 තුළදී දී එක් කඩුල්ලක් පමණක් ලබා දුන් නවසීලන්ත පිතිකරුවෝ දිනය අවසනදී ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු‍ 382 දක්වා ඉහළ දමා ගන්නා ලද්දේ ලකුණු 138 කින් පළමු ඉනිමේදී පෙරමුණට පැමිණෙමිනි.

දිනය හමාර වද්දී නවසීලන්තය වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බී. ජේ. වොට්ලින් ලකුණු 81 ක්ද කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 83 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති. මොවුන් දෙදෙනා අතර හය වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 113 කි.

සිව්වැනි දිනටද වර්ෂාව හරස් වුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුවකින් තොරව පිති හැසිර වූ ටොම් ලතම් තම ඉනිම ලකුණු 154 දක්වා ඉහළ දමා ගත්තේය. ලතම්ගේ ටෙස්ට් දිවියේ ලකුණු 150 ට වැඩියෙන් ලබා ගන්නා ලද පස්වැනි අවස්ථාව වශයෙන් සටහන් වූ මෙම ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය ලෙසින් සටහන් විය.

මේ වන විටත් 1-0 ක් ලෙස තරගාවලියේ පසුපසින් සිටින නවසීළන්ත කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට වඩා ඔවුන් මූලිකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව ඉක්මවා යමින් පිටියේ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමටය. එබැවින් හිස නමා පන්දුවට පහර දුන් ලතම් සහ වොට්ලින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක් එක් කරන ලද්දේ පන්දු 257 ක් වැය කරමිනි. මෙහිදී කඩුල්ලේ වැඩි වේලාවක් රැඳී සිටි වොට්ලින් සිය ලකුණු 81 ලබා ගැනීම සඳහා පන්දු 208 කටමුහුණ දුන්නේ හතරේ පහර 4 ක් පමණක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් පා ආවරණයේ වැදීමේදී කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වූ විනිසුරුවරයා එය දැවී යෑමක් ලෙසින් සටහන් කෙරුවද ඒ පිළිබඳව ලතම් සෑහීමකට පත් නොවීය. තෙවැනි විනිසුරුවරයා වෙත යොමු වුණු එම තීරණයේදී වෙනසක් නොවූ හෙයින් හෝරා 7 කට ආසන්න කාලයක් තිස්සේ පිටිය තුළ රඟ දක්වන ලද වමත් පිතිකරුවාගේ ඉනිම මුහුණ දුන් 251 වැනි පන්දුවේදී නිමාවටා පත්විය. ඒ වන විටත් ලතම් තම ඉනිම හතරේ පහර 15 කින් අලංකාර කරගෙන සිටියේය.

කතාව ඇරඹුනේ ඩි ග්‍රෑන්ඩ්හෝම් පිටියට පිවිසියායින් පසුවය. ලතම්ට අනගි සහායක් ලබා දුන් බී. ජේ. වොට්ලින්ට එක්වූ ග්‍රෑන්ඩ්හෝම් එතෙක් වෙලා ඉවසිලිවන්ත වුණු නවසීලන්ත ලකුණු ලබා ගැනීම වේගවත් කළේ පිටිය සිසාරා දැවැන්ත පහර එල්ල කරමිනි. එහිදී ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට මිඩ් විකට් කළාපයට එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු හමුවේ හයේ පහර 4 ක්ද එල්ල කරන ලද්දේ කිසිදු ආයාසයකින් තොරවය. ඊට අමතරව තවත් හතරේ පහර 5 ක්ද එල්ල කළ ග්‍රෑන්ඩ්හොම් ඩිල්රුවන්ට එරෙහිව එල්ල කරන ලද දැවැන්ත හයේ පහරින් පන්දුව නැතිවූ බැවින් වෙනත් පන්දුවක් ලබා ගැනීමටද විනිසුරුවන්ට සිදුවිය.

නිත්‍ය නායක දිමුත් කරුණාරත්න අද දිනයේදීද පන්දු රැකීමට පැමිණීමෙන් වැළකී සිටීම නිසා ශ්‍රී ලංකා පිල ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ලැබීය. ක්‍රිකට් නීතියට අනුව දිමුත්ට දෙවැනි ඉනිමේදී ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව බොහෝ දුරට අහිමි වන අතර පන්දුවට පහර දිය හැක්කේ කඩුලු 5 ක් බිඳ වැටීමෙන් පසුවය.

සිව්වැනි දිනය ආරම්භයේදී ද වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා දිවා ආහාරය තෙක් තරගය ආරම්භ කිරීමට විනිසුරුවන්ට නොහැකි වූහ.  උදෑසන සිටම විටින් විට ඇද වැළුණු සුලු වැසි තත්ත්වය හේතුවෙන් මුළු ක්‍රීඩාංගණයම වැසි ආවරණවලින් වසා තැබීමට ක්‍රීඩාංගණ බලධාරීන් ඇතුළු සේවක පිරිස කටයුතු  කළහ.  තරගය ආරම්භ කිරීම බලාපොරොත්තුව කෙසේ වෙතත් වෙනුවෙන් උදෑසන කාලයේ අවස්ථා කීපයකදීම යාර 30 සීමාවෙන් එපිට වැසි ආවරණ කීපයක් ඉවත් කිරීමට සේවක පිරිස කටයුතු යෙදුවත් තණතීරුව සහිත ආවරණ ඉවත් කිරීමට කටයුතු නොකළහ. එහෙත් ඒ අතර ද නැවතත් සිහින් පොද සහිත වැසි තත්ත්වයක් හට ගත් හෙයින් විවෘත කරන ලද ස්ථානද යළි වසා දැමීමට පියවර ගැණිනි.කෙසේ වෙතත් ප.ව. 12.30 ට පමණ පිටියට පැමිණි ප්‍රධාන විනිසුරුවන්ගේ සංඥ්‍යාවෙන් වැසි ආවරණ ඉවත් කිරීමට කටයුතු යෙදූ බැවින් තරගය 1.40 ට ආරම්භ කිරීමට හැකි විය.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest