බ්ලැක් කැප්ස් යනුවෙන් විරුදාවලිය ලත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සිංහ පෝතකයන් සමග තරගවැදීමට අගෝස්තු මස 3 වැනිදා (සෙනසුරාදා) ශ්‍රී ලංකාවටට පැමිණෙති.
අගෝස්තු 3සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරන කාලය තුළ නවසීලන්ත කණ්ඩායම අගෝස්තු 14-18 දක්වා ගාල්ලේ දී ප්‍රථම ටෙස්ට් තරගයටත් අගෝස්තු 22-26 දක්වා කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී දෙවැනි ටෙස්ට් තරගයටත් අගෝස්තු 31 ප්‍රේමදාස පිටියේදී ප්‍රථම 20-20 තරගයකටත් සැප්තැම්බර් 02 ප්‍රේමදාස පිටියේදී දෙවන 20-20 තරගයටත් සැප්තැම්බර් 06වැනිදා මහනුවර පල්ලේකැලේ දී තෙවන 20-20 තරගයටත් සහභාගිවීමට නියමිතය.
මීට අමතරව අගෝස්තු 8-10 දිනයන්හි තෙදින පුහුණු තරගකටත් අගෝස්තු 29 කොළඹ වෙළද සේවා ක්‍රීඩාංගණයේදී 20-20 පුහුණු තරගයකටත් නවසීලන්ත කණ්ඩායම සහභාගි වෙති.
අතීතයේ සිටම මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස නමක් දිනා සිටින ක්‍රිකට් ක්‍රීඩාවේ ඊටම උචිත නායකයන් දෙදෙනෙකු කණ්ඩායම් දෙක මෙහෙයවන අයුරු ජගත් ක්‍රීඩාලෝලීනට දැකගැනීමට අවස්ථාව මෙහිදී උදාවේ. ලෝක ක්‍රිකට් කණ්ඩායම් නායකයන් අතුරින් චාම් වූත්, නොකිපෙන සහ ප්‍රසන්න ගතිගුණ ඇති අයෙකු ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් ඉදිරියෙන්ම සිටින අතර නායකත්වයට නවකයෙකු වුවත් දිමුත් කරුණාරත්නද ඒ අසළම පසුවේ.
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ඉතිහාසය 1982-83 ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබූ වර්ෂය දක්වාම දිවයයි. දෙරට අතර එදා ආරම්භ වූ ටෙස්ට් තරගාවලිය මේ දක්වා වසර 37ක් තුළ තරගාවලි 16ක් පවත්වා නවසීලන්තය ඉන් හතක්ද ශ්‍රී ලංකාව හතරක්ද ජයගෙන තරගාවලි පහක්ම ජය පැරැදුමින් තොරව කෙළවර කර තිබේ. ශ්‍රී ලංකාව අවසාන වරට නවසීලන්තය සමග ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ 2009 වසරේ දීය. (2-0) නවසීලන්තය අවසාන තරගාවලි තුනම 2014-15, 2015-16 සහ 2018-19 ජයගෙන ඇත.
අගෝස්තු 3වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන නවසීලන්ත කණ්ඩායමට දග පන්දු යවන්නන් හතරක්ම ඇතුළත් කර තිබේ. මෙහි එන නවසීලන්ත ක්‍රීඩකයන් වනුයේ කේන් විලියම්සන් (නායක-ඉදිරිපෙළ පිතිකරු) ටොඩ් ඇස්ල් (පන්දු යවන්නා) ටොම් බ්ලන්ඩල්(පිතිකරු – කඩුලු රකින්නා) ට්‍රෙන්ට් බෝල්ට් (පන්දු යවන්නා) කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් (තුන්ඉරියව් ක්‍රීඩක) ටොම් ලේතම් (පිතිකරු කඩුලු රකින්නා) හෙන්රි නිකල්ස් (ඉදිරිපෙළ පිතිකරු)
අජාස් පටෙල් (පන්දු යවන්නා) ජීට් රාවල් (ආරම්භක පිතිකරු) මිචෙල් සැන්ට්නර් (පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩක) විලියම් සමර්විලෙ (පන්දු යවන්නා) ටිම් සවුදි (පන්දු යවන්නා) රොස් ටේලර් (මැද පෙළ පිතිකරු) නීල් වැග්නර් (පන්දු යවන්නා ) සහ බී.ජේ.වැට්ලින් (කඩුලු රකින්නා- පිතිකරු)
ශ්‍රී ලාංකික තිලාන් සමරවීර නවසීලන්තයේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
2006-2007 වසරේ සිට කණ්ඩායම් දෙක 20-20 තරගාවලි හතකට සහභාගිවී නවසීලන්තය තරගාවලි තුනක් ද ශ්‍රී ලංකාව තරගාවලියක්ද ජයගෙන තරගාවලි තුනක් ජය පැරදුමින් තොරව නිමාවිය. ඊට අමතරව ශ්‍රී ලංකාව 2014 ලෝක කුසලාන 20-20 තරගාවලියේ දී ද ජයලැබීය.
බන්දුල මොල්ලිගොඩ.
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-