slc
logo
Home   |    News
අගෝස්තු 28, 2019
ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 4 ට ලකුණු 101 යි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ පැවැත්වෙන පළමු නිල නොවන සිව් දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (28 දා) සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කරකවා අතහැර දැමූ බංග්ලාදේශ පන්දු යවන්නෝ දෙවැනි දිනට තරගය නිමා කරන විට ලකුණු 101 ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් 4 දෙනුම දවා ගත්හ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 360 පසු කර යෑමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට තවත් ලකුණු 259 ක් අවශ්‍යව තිබෙන අතර ඒ සඳහා කඩුලු 6 ක් පමණක් අතැතිව සිටියි.

කුල්නා හි පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් ප්‍රමෝද් වධුවන්ත ලකුණු 21 ක් සහ අෂේන් බණ්ඩාර ලකුණු 23 ක් ද ලබා තරගයේ තෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අභිලාෂයෙන් පසුවෙති. ලකුණු 59 කට පළමු කඩුලු 4 ම බිද වැටී අන්තිම අඩියට වැටී සිටි ශ්‍රී ලංකා පිල ඔසවා තැබූ ප්‍රමෝද් සහ අෂේන් යුගලය පස්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 42 කි.

ශ්‍රී ලංකා නැගී එන පිලේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ පැතුම් නිස්සංකයි. මුලු ලකුණු සංඛ්‍යාව 21 ක්ව සටහන්ව තිබියදී බංග්ලාදේශ පිලේ එකම කඩුලු ලාභියා වූ නයීම් හසන්ගේ පළමු ගොදුර ලෙසින් පැතුම්ගේ ඉනිම නිමා වන විට ඔහුගේ නම ඉදිරියෙන් ලකුණු 16 ක් සටහන්ව තිබිණ. පැතුම්ගේ දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට ලකුණු 05 ක් එක් වද්දී අනෙක් ආරම්භක පිතිකරුවා වූ සංගීත් කුරේවද ලකුණු 06 කට දවා ගත් හසන් ශ්‍රී ලංකා ඉනිමේ පීඩනයට වැඩි කළේය.

බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවන් දෙපළක් වුණු කඩුලු රකින ක්‍රීඩක මිනෝද භානුක සහ නායක චරිත් අසලංක එක්ව ශ්‍රී ලංකා කඩා වැටුණු ශ්‍රී ලංකා නැගී එන පිල ගොඩ ගැනීමේ මෙහෙයුමක නිරත වූ නමුත් හසන් විසින් මිනෝද් භානුකව දවා ගැනීමට සමත්වීම සමඟ එම සම්බන්ධතාවය ලකුණු 26 දී බිඳ වැටිණ.

අනපේක්ෂිත අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අසීරුතාවයට පත්වූ කරුණ බවට පත්වූයේ නායක චරිත් අසලංකගේ දැවී යෑමයි. දිනයේ අවසන් පිතිකරුවා ලෙසින් නයීම් හසන්ගේ සිව්වැනි ගොදුර බවට පත්වූ අසලංක පිටියෙන් ඉවත්ව යන විට පන්දු 34 කට මුහුණ දී ලකුණු 18 ක් ලබා සිටියේය.

කඩුලු 4 කට ලකුණු 233 ක් තිබියදී දෙවැනි දින ඇරඹූ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අද දිනයේදී තම ඉනිම තවත් ලකුණු 127 කින් ඉහළ දමා ගත්තේය. මෙම තරගයේ තවමත් එකම ශතක ලාභියා බවට පත්ව සිටින නජ්මුල් හොසේන්ගේ ඉනිම ලකුණු 133 දී නිමා කිරීමට වේග පන්දු යවන කලන පෙරේරා සමත්වූවේය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව නජ්මුල් පිටියෙන් ඉවත් වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 259 ක් ලෙසින් දිස්විය.

ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු රමේෂ් මෙන්ඩිස් ලකුණු 73 කට කඩුලු 4 ක් දවා ගනිද්දී කලන පෙරේරා සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

හෙට තරගයේ තෙවැනි දිනයයි.

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee