slc
Home   |    News
අගෝස්තු 1, 2019
සටනකින් තොරවම නිමාවු තරගාවලියක්

Sri Lanka Cricket

ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බදාදා (31) රාත්‍රි නිමාවට පත්වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව 3-0 කින් ජය ලැබුවේ සටනකින් තොරව ජයගත් තරගාවලියක් ලෙසිනි. ප්‍රථම තරගය ලකුණු 91කින් ද දෙවැනි තරගය කඩුලු හතකින් ද තෙවැනි තරගය ලකුණු 122කින්ද ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබුවේ පහසුම ආකාරයකිනි.

 2015 වසරේදී අවසාන වරට කොදෙව් කණ්ඩායම තරග 3-0කින් පරදා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී ජය ලැබීමෙන් පසුව ලංකා කණ්ඩායම මාස 44ක කාලයකට පසුව ලත් තරගාවලි ජයග්‍රහණය මෙය වේ. එමෙන්ම පසුගිය අප්‍රේල් මස ශ්‍රී ලංකා එක්දින නායකත්වයට පත්වූ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් එක්දින තරගාවලියක් ලංකා කණ්ඩායම ජයගත් ප්‍රථම වතාවද මෙයයි.

තෙවැනි එක්දින තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.3ක් වන විට ලකුණු 200ක් පමණක් ලබා සිටියත් දසුන් ශානක පන්දු 14කදී හයේ දෙකක් හතරේ දෙකක් සමග ලැබූ ආක්‍රමණශීලි ලකුණු 30 මුල් කරගෙන ලංකා කණ්ඩායම අවසාන ඕවර අටේදී ලකුණු 94ක් රැස්කළේ ඕවරයකට 10-12ක් වන පරිදිය.ඇන්ජලෝ මැතිව්ස් (87) කුසල් මෙන්ඩිස් (54) දිමුත් කරුණාරත්න (46) කුසල් ජනිත් පෙරේරා (42) ලංකා ඉනිම (මුළු ලකුණු 294) වර්ණවත් කළහ. පසුව දසුන් ශානක ලකුණු 27කට කඩුලු තුනක්ද කසුන් රාජිත (17ට 2යි) සහ ළහිරු කුමාරගේ (26ට 2යි) දක්ෂ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ඉනිම ලකුණු 172කට (ඕවර 36යි) සීමාවිණි. තෙවැනි තරගයේ සහ තරගාවලියේ වීරයා වූයේ ඇන්ජලෝ මැතිව්ස්ය.

තරගාවලියෙන් පසුව බංග්ලාදේශ නායක ටිමීම් ඉක්බාල් ප්‍රකාශ කළේ පන්දු යැවීම, පන්දුවට පහරදීම සහ පන්දු රැකීම අංශ තුනෙන්ම තරගාවලිය පුරා ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටි බවය. ඔවුනගේ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු නොපැමිණීම පිළිබදව අදහස් දැක්වු ටමීම් ඉක්බාල් තනි පුද්ගලයන් මත කණ්ඩායමක දක්ෂතා නොරැදෙන බවත් මෙහි සංචාරයක නිරත වූයේ තම හොදම කණ්ඩායම බවත්ය.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තම ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ට මෙන්ම කණ්ඩායමට එක්වු තරුණ සහ දෙවැනි පෙළ ක්‍රීඩකයන් පිළිබදව ප්‍රශංසනාත්මක අදහස් දැක්වීය. මේ මස අප නවසීලන්තය සමග තරග වදිනවා. ඉන්පසුව ඩුබායි නගරයේ දී පාකිස්තානය සමග තරග කරනවා. ඊට අපි හොදින් සූදානම් විය යුතුයි. අපගේ තරුණ සහ ක්‍රීඩාගාරයේ අසුන්ගෙන සිටින අතරේක ක්‍රීඩකයන් ඉතාමත් දක්ෂයි. අවස්ථාව දුන් වහාම ඔවුන් දක්ෂතා පෙන්වුවා.මොවුනට පීඩනයෙන් බැහැරවී හොදින් දස්කම් දැක්වීමේ අවස්ථාව අප ඉදිරියේදී සළසා දෙනවා.

සියළුම ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ගේ හා නවක ක්‍රීඩකයන්ගේ උපරිම සහය මට ලබා දීම සතුටක් එළියේ සිටින දික්වැල්ල හා ගුණතිලක වැනි ක්‍රීඩකයන්ටත් තරුණ හා දෙවන පෙළ අයටත් පීඩනයෙන් මිදී විශ්වාසය තහවුරු කරදී ඔවුනගේ දක්ෂතා ඔපමට්ටම් කිරීමට ඉදිරියේ ක්‍රියාකරන බවද දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest