slc
logo
Home   |    News
අගෝස්තු 21, 2019
බංග්ලාදේශ නැගී එන පිල එකට එක කරයි

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව සාවර්හි පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් ලද බංග්ලාදේශ කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට අද (21 දා) සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 49.4 කදී සියළු දෙනා දැවී ලකුණු 274 ක ඉලක්කයක් බංග්ලාදේශය හමුවේ ලබා දීමට සමත් වුවත් බංග්ලාදේශ නැගී එන පිතිකරුවෝ එම ඉලක්කය පන්දු 2 ක් ඉතිරිව තිබියදී සපුරා ගත්හ. ඉනිමේ අවසන් පන්දුවාර සිව්වැනි පන්දුවේදී එම ඉලක්කය බංග්ලාදේශ නැගී එන පිතිකරුවන් සපුරා ගනිද්දී ලකුණු පුවරුවේ කඩුලු 2 ක් ඉතිරිව තිබිණ.

බංග්ලාදේශ නැගී එන පිලේ 8 වැනි කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 261 දී දැවී යන විට ජයග්‍රහණය සඳහා පන්දු 7 කදී ලකුණු 13 ක් ලබා ගැනීමේ අභියෝගය බංග්ලාදේශ හමුවේ තිබිණ. එහෙත් අංක 10 පිතිකරු ලෙසින් පිටියට පිවිසි යෙසින් අර්ෆට් පන්දු 3 කදී ලකුණු 12 කි රැස් කිරීම නිසා ශ්‍රී ලංකා නැගී එන පිලේ අතේ තිබූ ජයග්‍රහණය බංග්ලාදේශ නැගී එන කණ්ඩායම උදුරා ගත්තේය. ජයග්‍රාහී බංග්ලාදේශ පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ යසීර් අලී පන්දු 93 කදී ලකුණු 85 ක් සහ නජමුල් හොසේන් පන්දු 88 කදී ලකුණු 77 ක් ලබා ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම එක් කළහ.

ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් පිතිකරුවන් කීප දෙනෙක්ම දක්ෂතා දැක්වූ අතර ඒ අතරින් පැතුම් නිසංසක සහ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙනුණි. පන්දු 57 කින් සමන්විත වූ නිස්සකගේ ලකුණු 55 ක ඉනිම සදහා හතරේ පහර 8 ක් පමණක් එල්ල කරද්දී කමිඳුගේ ලකුණු 65 කින් සමන්විත ඉනිම සඳහා පන්දු 81 කට මුහුණ දී තිබුණි. දෙරට අතර පැවැති පළමු තරගයේදීද ලකුණු 71 ක් ලබමින් නැගී එන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අසලංක මෙම තරගයේදීද නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 45 ක් රැස් කළේය. හතරේ පහර 5 ක්ද ඇතුළත් වූ එම ඉනිම සඳහා අසලංක පන්දු 45 කට පමණක් මුහුණ දුන්නේය. ශ්‍රී ලංකා නැගී එන පිලේ පළමු පිතිකරුවා ලෙසින් සඳුන් වීරක්කොඩි මුළු ලකුණු සංඛ්‍යාව 31 ක් තිබියදී දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක අසලංක සහ නිස්සංක ලකුණු 66 ක් එක් කොට නැගී එන ස්ථාවර මට්ටමකට ගෙනාහ.  

ශ්‍රී ලංකා නැගී එන පිලේ ඉනිම ක්‍රියාත්මක වද්දී විටෙක පළමු කඩුලු 6 ම ලකුණු 184 කට බිඳ වැටී අසීරු අඩියක පසුවද්දී එක්වූ කමිඳු මෙන්ඩිස් සහ ජෙහාන් ඩැනියෙල් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවයක් පවත්වමින් ලකුණු 275 ආසන්නය දක්වා නැගී එන පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය ලබන 24 වැනිදා සවාර්හිදීම පැවැත්වෙන අතර දෙපිළම 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයෙන් පසු වීම නිසා එම තරගය අවසන් මහ තරගයක සිරි ගෙන පැවැත්වෙනු ඇත.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 49.4 කදී 273 යි – (පැතුම් නිස්සංක 55, චරිත් අසලංක 45, ශම්මු අශාන් 21, කමිඳු මෙන්ඩිස් 65, අශේන් බණ්ඩාර 12, ජෙහාන් ඩැනියෙල් 43, ශෆිකුල් ඉස්ලාම් 51/3, නයීම් හසන් 35/2)

බංග්ලාදේශ නැගී එන පිල පන්දුවාර 49.3 කදී 274/8 යි – (සයිෆ් හසන් 27, නජිමුල් හොසේන් 77, හසීර් අලී 85, අෆිෆ් හොසේන් 18, ජකර් අලි 11, යෙසින් අර්ෆට් (නොදැවී) 12, ශිරාන් ප්‍රනාන්දු 30/2, ජෙහාන් ඩැනියෙල් 46/2,අමිල අපෝන්සු 74/1, වනිඳු හසරංග 54/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee