slc
Home   |    News
අගෝස්තු 27, 2019
අප සිතූ ආකාරයට සියල්ල සිදුවීමෙන් ජය ලැබුවා කේන් විලියම්සන්

Sri Lanka Cricket

ශ්‍රී ලංකාව වැනි ප්‍රබල ටෙස්ට් කණ්ඩායමක් සමග තරගවදිද්දි වර්ෂාවෙනුත් වරින් වර බාධා ඇතිවූවා. අපට සිදුවූයේ මෙම අභියෝගයන් දෙකම ජයගැනීමටයි. අප බලාපොරොත්තු වූ ආකාරයටම සියළු කරුණු සඵල වූහෙයින් දෙවන ටෙස්ට් තරගයෙන් ජයගැනීමට අවස්ථාව උදාවූ බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසයි.

ශ්‍රී ලංකාව දෙවනි ඉනිමේදී අපගේ ලකුණු ප්‍රමාණය ඉක්මවූයේ නම් තරගයෙන් තවත් වෙලාවක් ගතවනවා. එසේවූවානම් තරග ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපහසුයි. එය වළකා ගැනීමට අපගේ වේගපන්දු යවන්නන් දෙදෙනාත් දගපන්දු යවන්නන්ද ක්‍රීඩා කළ ආකාරයෙන් කඩුලු දහයම දවාගැනීමට ලැබීම ප්‍රශංසනීයයි.

ටොම් ලෙතම් සහ බී.ජේ.වොට්ලින්ගේ සබඳතාවයෙන් අපට ශ්‍රී ලංකා මුල් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ආසන්නයටම ඒමට අවස්ථාව උදාවූවා. අපට අත්‍යවශ්‍යව තිබූ ඉක්මනින් ලකුණු ලබා ඉදිරියටම යාමේ කාර්යය කොල්න් ඩි ග්‍රෑන්ඩ්හෝම් පන්දුවකට ලකුණ බැගින් ලබා ඉතා හොදින් ඉටුකළා. මා විශේෂයෙන්ම එසේ පවසන්නේ වර්ෂාව මත අපට ඉතා විශාල කාලයක් අහිමිව තිබීම මතයි. ග්‍රෑන්ඩ්හෝම් පන්දු 77 කදී හයේ පහක් හා හතරේ පහක් සමග ලකුණු 83ක් ලබාගත් ආකාරයෙන් අප පහසු තත්ත්වයකට පත්වූවා.

ගාල්ලේ පැවැති ප්‍රථම තරගයේත් දෙවන ටෙස්ට් තරගයත් අතර විශාල වෙනසක් තිබෙනවා. එහිදි වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන සුළු වැරිදි සකසා ගැනීමෙන් අපට ජය මාවත විවෘත වූවා.

දෙවන ටෙස්ට් තරගයේ තණතිල්ල වේග පන්දු යවන්නන්ට මදක් උදව් වූවා. ඒවගේම අවසාන දිනයේත් පන්දුවට පහරදීමට අපහසු තත්ත්වයක් ද එහි තිබුණා. කෙසේවුවද මේ තරගයේදී තම කණ්ඩායමට හොද සබඳතාවන් දෙකක් හා පුද්ගලික දක්ෂතා ස්වල්පයක් මතුවීමෙන් වාසි ලැබුණු බවද නවසීලන්ත නායක කේන් විලියම්සන් කීවේය.

මේ  ටෙස්ට් තරගාවලියට තවත් තරගයක් ඇතුළත් වී තරග තුනක තරගාවලියක් වූවානම් මීට වඩා හොදයැයි මා පුද්ගලිකව විශ්වාස කරනවා. එසේ වූවා නම් තරගාවලියේ ප්‍රතිඵලයක් ගන්නත් තිබුණා යැයි ද නවසීලන්ත නායකයා කීවේය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest