slc
logo
Home   |    News
අගෝස්තු 16, 2019
අසිත – චාමික නැවත ජාතික කණ්ඩායමට ඇතුළත් වේවි – චමින්ද වාස්

Sri Lanka Cricket

ලසිත් ඇඹුල්දෙණිය ජාතික කණ්ඩායමට ඇතුළත් වු ආකාරයට ඉදිරියේ දී නැගී එන කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ඇතුළත් වනු ඇතැයි නැගී එන කණ්ඩායමේ සහ තේරීම් කමිටු නිලධාරී චමින්ද මෙන්ඩිස් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක්ම නැගී එන කණ්ඩායම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේදී විශේෂ දක්ෂතා පෙන්වුවා. අගෝස්තු 18 සිට සැප්තැම්බර් හය දක්වා බංග්ලාදේශ සංචාරයේ හා ඉන් පසුව පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ දී මේ තරුණ ක්‍රීඩකයනට දස්කම් පෙන්වා ජාතික කණ්ඩායමට ඇතුළත් විය හැකියැයි ද චමින්ද මෙන්ඩිස් බංග්ලාදේශ සංචාරය පිළිබදව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

බංග්ලාදේශයේදී එරට ක්‍රීඩකයන් නිතර හොදින් ක්‍රීඩා කරනවා. මෙය මේ වසරේ අපගේ දෙවන එතෙර සංචාරයයි. මෙහිදී ආසියානු කුසලානයට යන කණ්ඩායම සකස් කර ගැනීමට අපේක්ෂා කරන බවද මෙන්ඩිස් කියයි. නැගී එන කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රකාශ කළේ තම කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරයේදී අත්දැකීම් රැසක්ම ලබා සුරතාවද දිනාගත් බවත් තම කණ්ඩායම දීප්තිමත් අනාගතයක් ඇති තරුණ ක්‍රීඩකයන් රැසකින්ම සමන්විත වන බවත්ය.

ප්‍රධාන පුහුණුකරු චමින්ද වාස් කීවේ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියන් හි දක්ෂතා පෙන්වු තරුණ ක්‍රීඩකයන් රැසකට නැගී එන කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව උදාකර දුන් අතර වේගපන්දු යවන්නන් අතුරින් චාමික කරුණාරත්නට සහ අසිත ප්‍රනාන්දුට නැවතත් නුදුරු අනාගතයේම ජාතික කණ්ඩායමේ දොරටු විවෘත වනු ඇති බවය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ වැඩසටහන

  • එක්දින තරග –

අගෝස්තු 18- ප්‍රථම එක්දින තරගය සවාර් හිදී

අගෝස්තු 21- දෙවන එක්දින තරගය සවාර් හි දී

අගෝස්තු 24 තෙවන එක්දින තරගය කුල්නාහි දී

ශ්‍රී ලංකා නැගී එන එක්දින කණ්ඩායම

චරිත් අසලංක (නායක) සදුන් වීරක්කොඩි,හසිත බෝයගොඩ, පැතුම් නිශ්ශංක, කමිදු මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, මිනෝද් භානුක,ෂම්මු අෂාන්, අමිල් අපොන්සු, රමේෂ් මෙන්ඩිස්, කළණ පෙරේරා, ජෙහාන් ඩැනියෙල්,නුවන් තුෂාර,ශිරාන් ප්‍රනාන්දු සහ වනිදු හසරංග

  • සිව්දින ටෙස්ට් තරගාවලිය (නිල නොවන)

අගෝස්තු 27-30 ප්‍රථම ටෙස්ට් තරගය කුල්නාහිදී,

සැප්තැම්බර් 3-6 දක්වා දෙවන ටෙස්ට් තරගය කොක්ස් බසාර්හි දී.

ටෙස්ට් කණ්ඩායම 

චරිත් අසලංක (නායක) ළහිරු උදාන, සංගීත් කුරේ, පැතුම් නිශ්ශංක, ප්‍රමෝද් මධුවන්ත, මිනෝද් භානුක,ජෙහාන් ඩැනියෙල්, රමේෂ් මෙන්ඩිස්,අමිල අපොන්සු,නිශාන් පීරිස්, මොහොමඩ් ශිරාන්, කළණ පෙරේරා, අසිත ප්‍රනාන්දු,චාමික කරුණාරත්න සහ අෂේන් බණ්ඩාර

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee