slc
Home   |    News
සැප්තැම්බර් 18, 2019
අසේල ගුණරත්නට කැඳවීමක්

Sri Lanka Cricket


සංචාරක බංග්ලාදේශ ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට කලක් ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අසේල ගුණරත්නව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

අසේල ගුණරත්න අවසන් වරට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇත්තේ ඉකුත් ජනවාරි මසදී නවසීළන්තය සමඟ පැවැති එක්දින තරගයකටය. ඔහු අවසන් වරට දේශීය සමාජ තරගාවලිය යටතේ ඉකුත් මාර්තු මස තරග වදිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වී තිබේ. එම තරගාවලියෙන් අනතුරුව බංග්ලාදේශයේ පැවැති ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියද ක්‍රීඩා කළ අසේල කැපී පෙනෙන දක්ෂතා දක්වමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබේ.

බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව් දින සහ එක්දින තරගාවලි සඳහා වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන අතර එම කණ්ඩායම් ද්විත්වයේම නායකත්වය ප්‍රියන්ජන්ට හිමිවීම කැපී පෙනෙයි. මේ අතර සිව් දින තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට සාමාජිකයින් 19 දෙනෙකු ඇතුළත් වන අතර එක්දින කණ්ඩායමට සාමාජිකයින් 17 දෙනෙකු ඇතුළත්ව සිටිති.

නම් කරන ලද කණ්ඩායම් දෙකට ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ ක්‍රීඩකයින් මෙන්ම එක්දින තරග වරම් දිනූ ක්‍රීඩකයින් කිහිප පළක්ම ඇතුළත්ව සිටිති. මීට අමතරව ඉකුත්දා බංග්ලාදේශයේදී නිමාවට පත් වුණු නැගී එන කණ්ඩායම් අතර තරගාවලිය නියෝජනය කරන ලද කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද නම් කරන ලද කණ්ඩායම් වලට ඇතුළත්ව සිටිති.

නිල නොවන ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ඒ ක්‍රිකට් කණ්ඩායම අද (18 දා) ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. මෙම තරගාවලිය යටතේ ප්‍රථමයෙන්ම සිව් දින ක්‍රිකට් තරගාවලියද අනතුරුව එක්දින තරගාවලියද පැවැත්වෙනු ඇත. ඒ අනුව ලබන 23 වැනිදා ප්‍රථම සිව්දින ක්‍රිකට් තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැන්න ලබන සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝම්බර් 03 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය ලබන ඔක්තෝම්බර් 07 වැනිදා ද දෙවැන්න 09 වැනිදාද සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරගය ඔක්තෝම්බර් 12 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ටෙස්ට් කණ්ඩායම – අශාන් ප්‍රියන්ජන් (නායක), පැතුම් නිස්සංක, සංගීත් කුරේ, ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, අෂේන් බණ්ඩාර, මනෝජ් සරත්චන්ද්‍ර, චරිත් අසලංක, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, මාලින්ද පුෂ්පකුමාර, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි.

එක්දින කණ්ඩායම – අශාන් ප්‍රියන්ජන් (නායක), පැතුම් නිස්සංක, සඳුන් වීරක්කොඩි, ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩර්සි, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, ශිරාන් ප්‍රනාන්දු, ශම්මු අශාන්, අසේල ගුණරත්න.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest