slc
Home   |    News
සැප්තැම්බර් 8, 2019
ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ කළින්ම අවසන් පූර්ව වරම් ලබති

Sri Lanka Cricket

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ වඩාත් වැඩි අවධානයක් යොමු වුණු තරගයක් බවට පත්වුණු ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් ලකුණු 60 ක ජයක් අත්කර ගත් ඉන්දීය යොවුන් කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලද පළමු කණ්ඩායම බවටද අද (07 දා) තේරී පත්විය.

ඒ කාණ්ඩය යටතේ තරග වැදි ඉන්දියාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව තරග අවස්ථාව දිනා ගන්නා විට මෙම තරගයේ ලද පරාජයට අමතරව ඇෆ්ගනිස්තානය හමුවේද පරාජයට පත් වූ පාකිස්තානය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියෙන් ඉවතට යෑමට සිදුවීම කැපී පෙනෙයි. මූලික වටය යටතේ කුවේට් රාජ්‍යයට එරෙහිව තරගය පාකිස්තානයට ඉතිරිව තිබුණද ඇෆ්ගනිස්තානය සහ කුවේට් රාජ්‍ය අතර තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්තාන පිල සමත්වීම නිසා මෙම අවාසනාවන්තඉරණමට මුහුණ දීමට පාකිස්තානු පිලට සිදුවී තිබේ.

පළමු කඩුලු 3 ම ලකුණු 53 කදී බිඳ වැටුණද සටන අත් නොහළ  රොහෙල් නසීර් නායකත්වයෙක් ඉනිමක් දියත් කරමින් පන්දු 108 ක් ඇතුළත ලකුණු 117 ක් රැස් කළේය. හයේ පහර 3 ක් සහ හතරේ පරහ 12 ක් ඇතුළත් වුණු රොහෙල් හරිස් ඛාන් සමඟ එක්ව ලකුණු 120 ක සම්බන්ධතාවයක් පවත්වමින් සාර්ථක හඹා යෑමකට අවශ්‍ය පදනම එක් කළහ.

එහෙත් ඉන්දීය ඉනිමේ කැපී පෙනෙනම පන්දු යවන්නා වූ අත්‍රාවා අන්කෝලෙකාර් විසින් හරිස් ඛාන්ව ලකුණු 43 කදී දවා ගැනීමත් ජයග්‍රහණය පිළිබඳ එතෙක් වෙලා පාකිස්තානු පිල තබා තිබූ බලාපොරොත්තු බිඳ වැටිණ. පාකිස්තානු පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ගෙන දුන් අන්කෝලෙකාර් ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගනිද්දී විද්‍යාධර් පටිල් සහ ශුෂාන්ට් මිෂ්රා කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

පාකිස්තානයට එරෙහිව වූ සටනේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරුවෝ කඩුලු 9 කට ලකුණු 305 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවූහ. ඉන්දීය පළමු කඩුල්ල ලකුණු 38 දී බිඳ වැටුණද දෙවැනි කඩුල්ලට එක්වූ  අර්ජුන් අසාඩ් සහ ටිලක් වර්මා ශතක සම්බන්ධතාවයක් පවත්වමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ නැංවූහ. පාකිස්තානු නායකයාගේ නළලත රැළි ගන්වන ලද මොවුන් දෙදෙනාගේ ලකුණු 183 ක සම්බන්ධතාව බිඳ වැටුණේ මුලු ලකුණු සංඛ්‍යාව 221 ක් සටහන්ව තිබියදීය.

ශතක ලාභීන් අතරින් කැපී පෙනුණු අර්ජුන් අසාඩ් 111 කදී ලකුණු 121 ක් රැස් කරගන්නා අතර වාරයේ ටිලක් වර්මා හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින් පන්දු 119 කදී ලකුණු 110 ක් ලබා ගත්තේය. හයේ පහර 3කින් සහ හතරේ පහර 11 කින් වර්ණවත් වුණු අර්ජුන් අසාඩ් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

මේ අතර ඒ කාණ්ඩය යටතේ අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සෙසු තරගයේදී කුවේට් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. තරගාවලිය ආරම්භ කරමින් පාකිස්තානයට එරෙහිව පැවැති තරගයද ජය ගත් ඇෆ්ගනිස්තානු පිල මෙතෙක් මූලික වටය යටතේ මුහුණ දුන් තරග 2 ම ජය ගනිමින් අවසන් පූර්ව වරම් දිනා ගෙන සිටියි.

ලකුණු සාරාංශය – ඉන්දියාව පන්දුවාර 50 කදී 305/9 යි – (අර්ජුන් අසාඩ් 121, ටිලක් වර්මා 110, අත්‍රාවා අන්කෝලෙකාර් 16, ශෂ්වත් රාවට් 18, නසීම් ෂාහ් 52/3, අබ්බාස් අෆ්රිඩි 72/)

පාකිස්තානය පන්දුවාර 46.4 කදී ලකුණු 245/10 යි – (රොහෙයිල් නසීර් 117, හරිස් ඛාන් 43, අබ්දූල් බංගල්සායි 15, අත්‍රාවා අන්කෝලෙකාර් 36/3, ශුෂාන්ට් මිෂ්රා 37/2, විද්‍යධර් පටිල් 28/2) 

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest