slc
logo
Home   |    News
සැප්තැම්බර් 9, 2019
කුවේටය පැරදවූ පාකිස්තාන යෞවනයෝ ජාමේ බේරා ගනියි

Sri Lanka Cricket

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති පාකිස්තානය සහ කුවේටය අතර තරගයෙන් ලකුණු 163 ක ජයක් අත්කර ගත් පාකිස්තානු කණ්ඩායම සිය ගෞරවය රැක ගැනීමට අද (09 දා) සමත්විය. මෙම තරගය ජය ගත්තද මූලික වටය යටතේ ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව හමුවේ පැවැති තරග පරාජයට පත් පත්වීම නිසා තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට යෑමට සිදුවී තිබේ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 335 ක දැවැන්ත ඉලක්කයක් කුවේට් කණ්ඩායම හමුවේ තැබූ අතර එය හඹා යෑමේදී කුවේට් කණ්ඩායමට පන්දුවාර 43.4 සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි.

එම හඹා යෑමේදී පළමු කඩුලු 2 ම ලකුණු 21 දී බිඳ දැමීමට මොහොමඩ් වසීම් සහ අබ්බාස් අෆ්රිඩි සමත් වූ නමුත්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක් එක් කිරීමට නායක අබ්දූල් සදික් සහ ගොවින්ද් කුමාර් සමත්වූහ. ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැරෙන්න තරගයක් ජය ගැනීමට අවශ්‍ය තරම් වේගයක් ඔවුන් දෙපළට රඳවා ගත නොහැකි විය. මොවුන් මේ ලකුණු 110 එක් කිරීම සඳහා පන්දු 173 කට මුහුණ දුන්හ.

එහිදී වැඩිම ලකුණු ලාභියා වූ නායක සදික් ලකුණු 60 ලබා ගන්නා ලද්දේ පන්දු 105 කට මුහුණදීය. හතරේ පහර 7 කින් වර්ණවත් වුණු සදික්ගේ ඉනිම හා සමානව මන්දගාමී වූ ගෝවින්ද් කුමාර් ලබා ගන්නා ලකුණු 45 ට පන්දු 82 කට මුහුණ දුන්නේය. එහෙත් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම වර්ණවත් කර ගැනීමට කුමාර් සමත්වූවේය.

පන්දු යවන්නන් අතරින් ලකුණු 36 ට කඩුලු 4 ක් දවා ගත් කාසිම් අක්‍රම් කැපී පෙනුණි. පිතිකරුවකු ලෙසින්ද කැපී පෙනුණු මොහොමඩ් වසීම් ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔවුන් දෙපළට අමතරව අබූ හුරේරා කඩුලු 2 ක් දවා ගත්තේය.

පළමු කඩුලු 2 ලකුණු 52 කදී බිඳ දැමීමට කුවේට් පන්දු යවන්නන් සමත් වුවද නායක රොහෙයිල් නසීර්ට එක් වූ හරිස් ඛාන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක් ලබා දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට අවශ්‍ය පදනම එක් කළහ. පන්දු 61 ක් පමණක් ඒ සඳහා මිඬංගු කළ පිතිකරුවන් අතරින් නායක නසීර් ලකුණු 34 ක් ලබා සිටියදී අබ්දූල් සාදික්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත්වුණු සාදික්ගේ ඉනිම සදහා ඔහු පන්දු 45 කට මුහුණ දුන්නේය.

පාකිස්තානු ඉනිම ඇතුළත වාර්තා වුණු අර්ධ ශතක 3 අතරින් එක් අර්ධ ශතකයකට හිමිකම් කී හරිස් ඛාන් මුලු ලකුණු සංඛ්‍යාව 140 ක්ව තිබියදී පිටියෙන් ඉවත් විය. පන්දු 41 කින් සමන්විත වුණු හරිස්ගේ ඉනිම හතරේ පහර 6 ක් ඇතුළත් විය.

පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඉර්ෆාන් ඛාන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් කසීම් අක්‍රම් සමග ලකුණු 65 ක්ද ෆහාඩ් මුනිර් සමග එක්ව ලකුණු 68 ක්ද රැස් කරමින් පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක්වීය. පන්දු 68 කින් සමන්විත වුණු ලකුණු 63 ක ඉර්ෆාන්ගේ ඉනිම සඳහා හේ හතරේ පහර 5 ක් පමණක් එල්ල කළේය.

ඉර්ෆාන්ගේ දැවී යෑමෙන් ලකුණු 12 ක් ලකුණු පුවරුවට එක් වද්දී පාකිස්තානු කඩුලු 4 ක්ම දැවී යෑම ප්‍රබල පාඩුවක් ගෙන දෙන්නක් වුවත්, අංක 07  පිතිකරු ලෙසින් පිටියට පිවිසි මොහොමඩ් වසීම් රැස් කරන ලද වේගවත් අර්ධ ශතකය හේතුවෙන් ලකුණු 335 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට පාකිස්තානයට අවස්ථාව උදාවය. ඒ වෙනුවෙන් ලකුණු 55 ක් වසීම් දායාද කරන ලද්දේ ප්දු 20 කට පමණක් මුහුණ දෙමිනි. දැවැන්ත හයේ පහර 6 කින් සිය ඉනිම සරසා ගත් වසීම් තවත් හතරේ පහර 2 ක්ද සිය ඉනිමට ඇතුළත් කර ගත්තේය. ඔහු එල්ල කළ ඇතැම් හයේ පහර කීපයක්ම ක්‍රීඩා මණ්ඩපවලින් එහාට ගිය ඒවා බැවින් ඒ සඳහා වෙනම පන්දු 3 ක් ලබා ගැනීමට විනිසුරුවන්ට සිදුවීම කැපී පෙනණි. මොහුගේ මේ සුවිශේෂී ඉනිම හේතු කොට ගෙන 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට අබූ හුරේරාට අවස්ථාව උදා වුණත් එහිදී ඔහු දායකත්වය ලකුණු 04 ක් පමණක් විය.

මේ අතර අද පැවැති ඒ කාණ්ඩයේ අනෙක් තරගය වූ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේදී තියුණු තරගාවසානයකින් පසු කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්දීය කණ්ඩායම ඒ කාණ්ඩය යටතේ අපරාජිතව අවසන් පූර්ව තරග වරම් දිනා ගන්නා විට පාකිස්තානයට සහ කුවේට් පිලට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව තරග අවස්ථාව දිනා ගත් දෙවැනි කණ්ඩායම බවට පත්ව සිටියි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන පිල පන්දුවාර 40.1 කදී ලකුණු 124 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වද්දී එය හඹා ගිය ඉන්දීය පිතිකරුවෝ 38 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ජයග්‍රහණ්‍ය සපුරාගන්නා විට කඩුලු 7 ක් අහිමිව ගොස් තිබුණි. 

ලකුණු සාරාංශය – පාකිස්තානය පන්දුවාර 50 කදී 335/9 යි – (ඉර්ෆාන් ඛාන් 63, හරිස් ඛාන් 53, හයිඩර් අලී 26, රොහෙයිල් නසීර් 34, කසීම් අක්‍රම් 28, ෆහඩ් මුනිර් 42, මොහොමඩ් වසීම් (නොදැවී) 55, ජන්දු හැමඩ් 60/4, අබ්දුල් සාදික් 70/3)

කුවේට් පිල පන්දුවාර 43.4 කදී සියලු දෙනා දැවී ලකුණු 172 යි – (අබ්දූල් සාදික් 60, ගෝවින්ද් කුමාර් 45, සංජීව් නයර් 14, මීට් භවසාර් 14, කසිම් අක්‍රම් 38/4, මොහොමඩ් වසීම් 23/3? අබු හුරේරා 33/2) 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar