slc
Home   |    News
සැප්තැම්බර් 5, 2019
තෙවැනි දිනටද වර්ෂාවෙන් බාධා

Sri Lanka Cricket

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර කොක්ස් බසාර්හි පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය තාවකාලිකව අතහැර දැමීමට විනිසුරුවන් පියවර ගෙන තිබේ.

කඩුලු 3 කට ලකුණු 57 ක් ලබා තෙවැන දින ඇරඹූ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අද දිනයේදී තවත් ලකුණු 19 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගත් අවස්ථාවේදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. කෙසේ වෙතත් අද දිනයේදී ශ්‍රී ලංකා නැගී එන පිලෙ පන්දු යවන්නෝ එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට අසමත්වූහ.

පළමු තරගයේදී ශතකයක් ලද නජ්මුල් හුසේන් ලකුණු 29 ක් සහ අෆීෆ් හුසේන් ලකුණු 30 ක් ලබා කඩුල්ලේ රැඳී සිටින්නේ සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩ නංවමිනි. වර්ෂාව හේතුවෙන් පළමු දිනය සම්පූර්ණයෙන්ම අත හැර දැමුණු මෙම තරගයේ දෙවැනි දිනයේදී කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

දෙවැනි දිනයටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා පන්දුවාර 23 කට පමණක් දිනයේ ක්‍රියාත්මක විය. ඒ අතරතුර ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ජෙහාන් ඩැනියෙල් සත්කාරක ඉනිමේ දැවී ගිය කඩුලු 3 න් 2 කම හිමිකරුවා බවට පත්විය. පළමු කඩුල්ල මොහොමඩ් ශිරාස්ගේ නම ඉදිරියෙන් සටහන් වද්දී අමිනුල් ඉස්ලාම් සහ යසීර් අලී පිටියෙන් ඉවත් වූවේ ෂෙහාන්ගේ ගොදුරු බවට පත්වෙමින්.

ලකුණු සාරාංශය – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 31.3 කදී 76/3 යි – (නජ්මුල් හුසේන් (නොදැවී) 29, අෆීෆ් හොසේන් (නොදැවී) 30, ජෙහාන් ඩැනියෙල් 10/2, මොහොමඩ් ශිරාස් 35/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest