slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2019
වර්ෂාවේ අවාසිය ශ්‍රී ලංකාවේ හරහට හිටියි

Sri Lanka Cricket

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තේරීම වෙනුවෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර අද (12 දා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය.

කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ මෙම තරගයට උදෑසන සිටම වර්ෂාව බාධා ඇති වූ බැවින් තණතීරුව වැසි ආවරණ වලින් වසා තැබීමට ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය කටයුතු යෙදූහ. ඒ අනුව ප.ව. 2 ට පමණ ක්‍රීඩාංගණයේ සෝදිසි චාරිකාවක නිරත වුණු විනිසුරුවෝ ප.ව. 2.20 ට තරගය අත හැර දැමීමට තීරණය කළහ. විනිසුරුවන් ක්‍රීඩාංගණය සෝදිසි කරන අතර වාරයේ මෙම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද බංග්ලාදේශ ජාතික අක්තාර් අහමඩ් මහතාද ඔවුන් අතර යමින් ක්‍රීඩාංගණය පිළිබඳව සෝදිසි කිරීම  කැපී පෙනෙන සිදුවීමක් විය.

මෙම තරගය ප්‍රතිඵල රහිත වූ බැවින් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීමට ඉන්දීය යොවුන් කණ්ඩායමට වරම් හිමිවිය.  තරගාවලියේ නීති රීතීන්ට අනුව මෙම තරගය ප්‍රතිඵල රහිත වුවහොත් අවසන් මහ තරග වරම් ලබන්නේ මූලික වටය යටතේ වැඩියෙන්ම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් දිනා සිටින කණ්ඩායම වන බැවින් එහි වාසිය ඉන්දියාවට උදා විය.

මූලික වටයේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණු සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට සහ නේපාලනයට එරෙහිව පැවැති තරග ජය ගත්තද බංග්ලාදේශයට එරෙහි තරග පරාජයට පත් විය. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් හෝ අවාසනාවන්ත ලෙස අවසන් මහ තරග අවස්ථාව අහිමි විය.

මේ අතර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි අවසන් පූර්ව තරගයටද වර්ෂාවෙන් බලපෑම් ඇතිවීම නිසා එකම පන්දුවක් හෝ යැවීමේ අවස්ථාව අහිමි විය. එබැවින් එම තරගයේදීද අවසන් මහ තරග වරම දිනා ගන්නා ලද්දේ මූලික වටයේ පැවැති තරග 3 ම ජයගෙන සිටි බංග්ලාදේශ කණ්ඩායමයි.

ඒ අනුව ඉකුත් වසරේ ශූරයින් ලෙස මෙම තරගාවලියට පැමිණ සිටින ඉන්දියාව සහ බංග්ලාදේශය ලබන 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී තරග වැදීමට නියමිතය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar