slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2019
විස්සයි-20 තරග 3 කට ශ්‍රී ලංකාව ලබන වසර මුලදී ඉන්දියාවට යයි

Sri Lanka Cricket

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකට  සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන 2020 වසර ආරම්භයේදී ඉන්දියාවට යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

අදාළ තරග සංචාරය යටතේ විස්සයි-20 තරග 3 ක් පැවැත්වෙන අතර එහි පළමු තරගය ජනවාරි මස 05 වැනිදා ගුවාටිහිදී ආරම්භ වනු ඇත. දෙවැනි තරගය ඉන්දොරේදී ලබන 07 වැනිදාද තෙවැනි තරගය ලබන 10 වැනිදා පුනේහිදීද පැවැත්වෙනු ඇත.

ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේට එරෙහිව ක්‍රිකට් තහනමක් පැනවීමට පියවර ගැනීමත් සමඟ එම තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ. එම ආරාධනය පිළිගැනීමත් සමඟ දෙරට අතර තරගාවලිය ස්ථීර වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

තරග කාලසටහන
ජනවාරි 05 පළමු විස්සයි-20 තරගය ගුවාටිහිදී
ජනවාරි 07 දෙවැනි විස්සයි-20 තරගය ඉන්දොරේහිදී
ජනවාරි 10 තෙවැනි විස්සයි-20 තරගය පුනේහිදී 

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest