slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2019
සමාරම්භක තරගයේදී ඉන්දීය යොවුන් පිලට පහසු ජයක්

Sri Lanka Cricket

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සී. සී. සී. පිටියේ පැවැති පළමු තරගයෙන් කුවේට් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කර ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත්විය.

සමාරම්භක දිනයේ තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේදී ලකුණු 111 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය යොවුන් පිතිකරුවෝ සිය ඉලක්කය පන්දුවාර 19.1 කදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 3 ක් පමණක් ප්‍රතිවාදී පිල හමුවේ ලබා දෙමිනි.

ඉන්දීය පිල මට්ටු කිරීම වෙනුවෙන් කුවේට් කණ්ඩායමේ නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකු උපයෝගී කරගත්තද කිසිම අසීරුවකින් තොරව පිත්ත හැසිර වූ ආරම්භක පිතිකරු අර්ජුන් අසාඩ් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 60 ක් රැස් කොට ඉන්දීය ජයග්‍රහණයේ පෙර ගමන්කරුවා බවට පත්වූවේය.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 23 දක්වා අඩු කෙරෙමින් පැවැති මෙම තරගයේදී ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කුවෙට් කණ්ඩායම කඩුලු 4 ක් අවසනදී ලකුණු 110 ක් රැස් කරගත්තේය. ඒ වෙනුවෙන් මීට් භවුසර් ලකුණු 28 ක් සහ ගෝකුල් කුමාර් ලකුණු 25 ක් බැගින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවීමට සමත් වූහ. එහෙත් ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉතිරි සියල්ලෝම ලකුණු 56 ක් ඇතුළත දැවී යෑම කැපී පෙනුණි. ඉන්දීය පිල වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු ආකාෂ් සිං සහ පර්නනික් ත්‍යාගී කඩුලු 3 බගින් දවාලූහ.

ලකුණු සාරාංශය – කුවේට් යොවුන් පිල පන්දුවාර 23 කදී 110/7 යි – (මීට් භවුසර් 28, ගෝකුල් කුමාර් 25, අකාෂ් සිං 22/3, පුර්නනික් ත්‍යාගි 28/3), 

ඉන්දීය යොවුන් පිල පන්දුවාර 19.1 කදී 114/3 යි – (අර්ජුන් අසාඩ් 60*)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest