slc
Home   |    News
සැප්තැම්බර් 3, 2019
සිව්දින තරගයේ පළමු දිනය වැස්සට සේදෙයි

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර කොක්ස් බසාර්හි ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (03 දා) ආරම්භ වීමට නියමිතව තිබූ දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය වර්ෂාව නිසා අත හැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය.

පෙර දිනයේ සිටම ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් මුළු ක්‍රීඩාංගණයම තෙත බරිත තත්ත්වයෙන් පැවැති හෙයින් පළමු දිනට තරගය අතහැර දමන ලද්දේ කාසියේ වාසිය ද උරගා බැලීමෙන් තොරවය.

ප.ව.2 ට ක්‍රීඩාංගණයේ නිරීක්ෂක චාරිකාවක නිරත වූ විනිසුරුවෝ ක්‍රීඩාංගණයේ තත්ත්වය අනුව සවස් යාමය තෙක් බැළුවද තරගය ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බව වැටහී යෑම නිසා එම අවස්ථාවේදීම පළමු දිනට තරගය අත හැර දැමීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අදහස් දක්වමින් එම කණ්ඩායම් කළමනාකරු චමින්ද මෙන්ඩිස් මහතා සඳහන් කර සිටියේය.

“මේ ක්‍රීඩාංගණය තියෙන්නේ මුහුද පැත්තට ආසන්න වෙන්න. ක්‍රීඩාංගණයේ තියෙන තත්ත්වය අනුව අද තරගය කොහොමටත් ආරම්භ කිරීමේ හැකියාවක් තිබුණේ නෑ. ක්‍රීඩාංගණයේ තත්ත්වයත් එතරම් හොඳ තත්ත්වයක නෑ. මේ විදියට වහින එක නැවතුණේ නැත්නම් හෙටත් තරගය ආරම්භ කරන්න පුලුවන් වෙයිද කියන එක විශ්වාස කරන්න බෑ”යි තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරන මෙන්ඩිස් මහතා අවධාරණය කර සිටියේය.

තරග 2 කින් සමන්විත දෙරට අතර නිල නොවන ටෙස්ට් තරගාවලියේ කුල්නාහි පැවැති පළමු තරගයටද වර්ෂාවෙන් බාධා ඇති වුණු අතර එම තරගය විසඳුමකින් තොරව අවසන් විය. හෙට (04 දා) තරගයේ දෙවැනි දිනයයි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest