ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන ප්රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (1) දිවයිනේ ක්රීඩාංගණ කිහිපයකදී නිමාවට පත්වූ අතර, එහිදී ටැමිල් යූනියන්, සිංහලීස් ක්රීඩා සමාජය, මුවර්ස් ක්රීඩා සමාජය, එන්.සී.සී., බ්ලූම්ෆීල්ඩ් ක්රීඩා සමාජය සහ කොළඹ ක්රිකට් සමාජය ජයග්රහණ වාර්තා කළහ.
මෙහිදී ටැමිල් යූනියන් කණ්ඩායමේ තනුක දබරේ පන්දු 50කදී නොදැවී ලකුණු 100ක් රැස් කරමින් සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීම දිනයේ ප්රධානතම දක්ෂතාව බවට පත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 11ක් ඇතුළත් වූ අතර, එහි ප්රහාරාත්මක වේගය 200ක් විය.
එම තරගයේදී ලහිරු සමරකෝන් ලකුණු 23කට කඩුලු 4ක් දවාගනිමින් පන්දුවෙන්ද කැපී පෙනුණේය.
මුවර්ස් ක්රීඩා සමාජය වෙනුවෙන් සොහාන් ද ලිවේරා ලකුණු 64ක් සහ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 59ක් රැස් කරමින් ජයග්රහණයට මග සකස් කළහ. නුගේගොඩ ක්රීඩා සමාජය වෙනුවෙන් පුලිඳු පෙරේරා ලකුණු 71ක් රැස් කළද එය ජයග්රහණයකට ප්රමාණවත් නොවීය. මුවර්ස් කණ්ඩායමේ ගරුක සංකෙත් කඩුලු 4ක් දවාගත්තේය.
ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති අවිශ්ක ප්රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් ද සිය කණ්ඩායම් වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කළහ. අවිශ්ක පන්දු 43කදී ලකුණු 66ක්ද, කමිඳු පන්දු 43කදී ලකුණු 71ක්ද රැස් කළහ.
ටැමිල් යූනියන් කණ්ඩායමට කඩුලු 9ක ජයක්
• බී.ආර්.සී. කණ්ඩායම – කඩුලු 7ක් දැවී 133 (පන්දුවාර 20) – දුලාජ් අශේන් 48, චමිඳු වික්රමසිංහ 28, ලහිරු සමරකෝන් 23/4
• ටැමිල් යූනියන් ක්රීඩා සමාජය – කඩුලු 1ක් දැවී 134 (පන්දුවාර 14.1) – තනුක දබරේ නොදැවී 100
එස්.එස්.සී. කණ්ඩායමට කඩුලු 7ක ජයක්
• පානදුර ක්රීඩා සමාජය – සියලු දෙනා දැවී 128 (පන්දුවාර 19.2) – තවීෂ අභිෂේක් 28, ශාලිත් ප්රනාන්දු 27, ඔෂද ප්රනාන්දු 24, මිහිරංග නිම්සර සිල්වා 22/3, දුනිත් වෙල්ලාලගේ 22/2, කසුන් රාජිත 23/2, ප්රභාත් ජයසූරිය 30/2
• එස්.එස්.සී. කණ්ඩායම – කඩුලු 3ක් දැවී 130 (පන්දුවාර 15) – අවිශ්ක ප්රනාන්දු 66, නුවනිඳු ප්රනාන්දු නොදැවී 48, නවිඳු ප්රභාෂ් 26/2
මුවර්ස් ක්රීඩා සමාජයට කඩුලු 7ක ජයක්
• නුගේගොඩ ක්රීඩා සමාජය – කඩුලු 8ක් දැවී 157 (පන්දුවාර 20) – පුලිඳු පෙරේරා 71, ගරුක සංකෙත් 31/4, ශිරාන් ප්රනාන්දු 30/2
• මුවර්ස් ක්රීඩා සමාජය – කඩුලු 3ක් දැවී 158 (පන්දුවාර 15.5) – සොහාන් ද ලිවේරා 64, පසිඳු සූරියබණ්ඩාර 59, මියුරු හේෂාන් 51/2
එන්.සී.සී. කණ්ඩායමට කඩුලු 5ක ජයක්
• ඒස් කැපිටල් ක්රිකට් සමාජය – කඩුලු 8ක් දැවී 117 (පන්දුවාර 20) – තනුජ රාජපක්ෂ 27, සුපුන් වඩුගේ 24, චමික ගුණසේකර 21/4, සහන් ආරච්චිගේ 11/2
• එන්.සී.සී. කණ්ඩායම – කඩුලු 5ක් දැවී 120 (පන්දුවාර 16.3) – ලහිරු උදාර 47, කවින් බණ්ඩාර නොදැවී 24, චමික කරුණාරත්න නොදැවී 24, ට්රවීන් මැතිව් 32/3
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට කඩුලු 4ක ජයක්
• කෝල්ට්ස් ක්රිකට් සමාජය – කඩුලු 9ක් දැවී 114 (පන්දුවාර 20) – කවීජ ගමගේ 31, ධනංජය ලක්ෂාන් 29, කවීෂ පියුමාල් 22/3, දුලාජ් සමුදිත 15/2, රවිඳු ප්රනාන්දු 28/2
• බ්ලූම්ෆීල්ඩ් ක්රීඩා සමාජය – කඩුලු 6ක් දැවී 119 (පන්දුවාර 17.2) – සනුක ගලගොඩ නොදැවී 56, රවිඳු ප්රනාන්දු 23, ක්රිෂ්ණශ්රීරාම් 30/3
සී.සී.සී. කණ්ඩායමට ලකුණු 103ක ජයක්
• සී.සී.සී. කණ්ඩායම – කඩුලු 7ක් දැවී 197 (පන්දුවාර 20) – කමිඳු මෙන්ඩිස් 71, චමිඳු විජේසිංහ නොදැවී 42, තීසන් විතුෂන් 21/2, චරුක ප්රමෝද් 21/2
• පොලිස් ක්රීඩා සමාජය – සියලු දෙනා දැවී 94 (පන්දුවාර 17.3) – චතුරංග ජයතිලක 35, චමිඳු විජේසිංහ 20/3, සොනාල් දිනූෂ 5/2, දිලුම් සුදීර 21/2





