slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2019
ඇෆ්ගනිස්තානය පෙරැළිකාර ජයකින් ආසියානු කුසලාන අරඹයි

Sri Lanka Cricket

පන්දු යැවීමටත් වඩා පන්දු රැකීමේදී දක්වන ලද අති විශිෂ්ඨ දක්ෂතාවය හේතුවෙන් අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (05 දා) පැවැති තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 85 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්විය.

කොළඹ සරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිල පන්දුවාර 19 යි පන්දු 4 කට සීමා කිරීමට ශෆිකුල්ලා ගෆාරි ප්‍රමුඛ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත්වූයේ ලකුණු පුවරුව ලකුණු 78 ක් ලෙස සටහන්ව තබමිනි. පන්දු යවන්නන්ගේ නම ඉදිරියෙන් කඩුලු සටහන් වුවද මෙම පෙරැළිකාර ජයග්‍රහණයේ වැඩිම ගෞරවයක් හිමි විය යුත්තේ පන්දු රකින්නන් දැක්වූ අග්‍රන්‍යයේ දක්ෂතාවයයි. රැක ගැනීමට අසීරු උඩ පන්දු කරා හීයක් මෙන් ඇදී ගිය ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන්ගේ පන්දු රැකීම සැබැවින්ම විශිෂ්ඨ ගණයේ ලා පැවැතිණි.

පන්දු රකිනන් අතර වඩාත්ම කැපී පෙනුණේ කඩුලු රකින මොහොමඩ් ඉෂාක්ගේ පන්දු රැකීමයි. පාකිස්තානු පිතිකරුවන් සිව් දෙනෙකු දවා ගැනීම වෙනුවෙන් ඉෂාක් රැස් කරගන්නා ලද උඩ පන්දු 4 න් 2 ක්ම විශිෂ්ඨ ගනයේලා විය.

නිවැරදි එල්ලයට පන්දු යැවීමත් ඒ හා සමාන පන්දු රැකීමත් නිසා පාකිස්තානු පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට සමත්වූයේ පිතිකරුවන් දෙදෙනකුට පමණි. ඒ නායක රොහෙයිල් නසීර්(16)  සහ ඉර්ෆාන් ඛාන් (19) පමණි. මුළු ලකුණු සංඛ්‍යාව 21 ක් වත්ම ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට අබිදුල්ලා ටනිවාල් සමත්වද්දී ඒ සඳහා දායදකත්වය දැක්වූයේ මොහොමඩ් ඉෂාක් ය.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු ශෆිකුල්ලා ගෆාරි ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගනිද්දී ෆසල් හක්, අබිදුල්ලා ටනිවාල් සහ නූර් අහමඩ් කඩුලු 2 බැගින් දවා ගනිමින් ජයග්‍රහණයේ වැඩි දායකත්වයක් දැක්වූ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ බවට පත්වූහ.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 9 ක ලකුණු 128 කදී බිඳ වැටී තිබුණද 10 වැනි කඩුල්ලට එක්වූ ජැම්ෂිඩ් ඛාන්සහ නූර් අහමඩ් එම ලකුණු පුවරුව සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ. එම කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 34 ක් වූ අතර එහිදී ජැම්ෂිඩ් සහ නූර් ලකුණු 17 බැගින් රැස් කළහ.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පළමු කඩුල්ලට ලකුණු 47 ක් එක් කිරීමට නායක ෆර්හාන් සකිල් සහ සෙදිකුල්ලා අටල් සමත්වූහ. ආරම්භයේදී පාකිස්තානු පන්දු යවන්නන්ගේ ග්‍රහණයට හසු වුවත් ලකුණු ලබා ගැනීමට වඩා කඩුලු ආරක්ෂා කර ගැනීමට වැඩි අවධානයක් යොමු කළ සකිල් ලකුණු 19 ක් රැස් කරන ලද්දේ පන්දු 38 කට මුහුණ දෙමිනි.

වමතින් දඟ පන්දු යවන අමීර් අලීගේ පන්දුවෙක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් සකිල් දැවී ගිය අතර අටල්ද අබ්බාස් අලීගේ පන්දුවක් හමුවේ කඩුලු රකින රොහෙයිල් නසීර් ට උඩ පන්දුවක් දී දැවී ගියේ ලකුණු 29 ක් ලබා සිටියදීය. මොවුන් දෙදෙනාම ලකුණු 57 ක් ඇතුළතදී දැවී ගිය නමුත් අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි රාහ්මනුල්ලා ලකුණු 29 ක් ලබා ගත්තද ඔහු වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීම නිසා බංග්ලාදේශ ඉනිම ඔහු වටා එතිණි. 

ලකුණු සාරාංශය – ඇෆ්ගනිස්තානය පන්දුවාර 46 කදී 162/9 යි – (සෙදිකුල්ලා අටල් 29, රාහ්මනුල්ලා 27, ෆර්හාන් සකිල් 19, ජම්ෂිඩ් ඛාන් (නොදැවී) 17, නූර් අහමඩ් (නොදැවී) 17, ෆහඩ් මනිර් 23/3, ආමිර් අලි 34/3, අබ්බාස් අෆ්රිඩි 26/2)

පාකිස්තානය පන්දුවාර 19.4 කදී ලකුණු 78 යි – (ඉර්ෆාන් ඛාන් 19, රොහෙයිල් නසීර් 16, ශෆිකුල්ලා ගෆාරි 15/3, නූර් අහමඩ් 12/2, අබිදුල්ලා ටනිවාල් 21/2, ෆසල් හක් 21/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee