slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2019
ජයග්‍රාහී ප්‍රවේශයකින් ශ්‍රී ලංකා යොවුන් පිල වැඩ අරඹයි

Sri Lanka Cricket

වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේද අද (06 දා) පැවැති තරගයෙන් නේපාල පිලට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමින් ඉලක්කය සපුරා ගන්නා විට තවත් පන්දු 50 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම නව වැනි පන්දුවාරය ක්‍රියාත්මක වීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ අනුව ඉනිමක් පන්දුවාර 42 කට සීමා වෙමින් පැවැති තරගයේදී නේපාල පිල නියමිත පන්දුවාර 42 ක අවසනදී කඩුලු 9 ක් දැවී ලකුණු 159 ක් ලබා ගැනීමට සමත් විය. එම ලකුණු සංඛ්‍යාව ඩක්වර්ත් ලුවිස් න්‍යායට සංසන්දනය කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කයද ලකුණු 159 ක් ලෙසින් සටහන් වීම කැපී පෙනිණ.

තිස්තුන් වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වද්දී අවිශ්ක තරිඳු ලකුණු 25 ක් සහ චමිඳු විජේසිංහ ලකුණක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටියහ. මෙම තරගයේදී කැපී පෙනෙනම ඉනිම ක්‍රීඩා කරන ලද ආරම්භක පිතිකරු කමිල් මිශාර පන්දු 62 කට මුහුණ ටෙදමින් ලකුණු 55 ක් රැස් කරගත්තේය. ශ්‍රී ලංකා ජයග්‍රහණයට වැඩිම දායකත්යක් දක්වන ලද මිශාරගේ ඉනිමට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.

හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් තම ඉනිම වර්ණවත් කරගත් කමිල් මිශාර තෙවැනි කඩුල්ල වෙනුවෙන් අහන් වික්‍රමසිංහ සමග ගොඩනංවන ලද ලකුණු 60 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී පදනම වැටුණු සම්බන්ධතාවය ලෙසින් හැඳින්විය හැක. පන්දු 62 කදී ගොඩ නැංවුණු එම සම්බන්ධතාව සඳහා අහන්ගේ දායකත්වය පන්දු 36 කදී ලකුණු 30 කි.

මුළු ලකුණු සංඛ්‍යාව 115 ක්ව තිබියදී මොවුන් දෙදෙනාම දැවී ගිය නමුත් පිටියට එක් වූ නායක නිපුන් ධනංජය සහ අවිශ්ක තරිඳු පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමේ වගකීම ඉටු කරමින් සිටියදී ජයග්‍රහණයට ලකුණු 4 ක් තිබියදී නිපුන් ධනංජය ලකුණු 18 කට දැවී ගියේය.

නේපාල කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 24 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, තෙවැනි කඩුල්ලට එක් වූ අශීක් සෙයිෆ් සහ නායක රෝහිත් පෞඩල් ලකුණු 91 ක සම්බන්ධතාවයක් පවත්වමින් නේපාල ලකුණු පුවරුව ඉහළ දැමූහ. අඩු ලකුණු සංඛ්‍යාවකට කඩුලු 2 ක් දැවී ගොස් තිබියදී නේපාල පිල පීඩනයෙන් ගොඩ ගත් ගෞතම් පන්දු 85 කදී කුණු 54 ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහායක් දැක්වූ පෞඩල්  ලකුණු 47 ක් ලබා ගත්තේය. 19න් පහළ නේපාල ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 4 කට ක්‍රීඩා කොට ඇති පෞඩල්  අර්ධ ශතකයක් ද වාර්තා කිරීමට සමත්ව ඇති පිතිකරුවෙකි. එරට විස්සයි-20 ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග 6 කට ක්‍රීඩා කර ඇති පෞඩල් තවමත් 17 වැනි වියේ පසුවන ක්‍රීඩකයෙකි.

පන්දු 136 කින් සමන්විත තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නවෝද් පරණවිතාන බිඳ දමන ලද්දේ ගෞතම්ව දවා ගනිමිනි. 30 වැනි පන්දුවාරයේදී එම කඩුල්ල දැවී යෑමත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වූ  ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නේපාල ඉනිමේ පූර්ණ පාලනය තමන් සතු කර ගත්තේ ඉතිරි පන්දුවාර 12 දී  ලකුණු 44 ක් පමණක් ලබා දෙමිනි. පන්දු යැවීමේදී කැපී පෙනුණු ඩිල්ෂාන් මධුශංක ලකුණු 23 කට කඩුලු 3 ක්ද නවෝද් පරණවිතාන ලකුණු 26 කටකඩුලු 3 ක්ද බිඳ හෙලූහ.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මීළඟ තරගය ලබන 08 වැනිදා එක්සත් අරාබි එමීර් පිල සමඟ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මේ අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ අද පැවැති අනෙක් තරගය වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බංග්ලාදේශ අතර තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar