slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2019
තෙවැනි දිනටද වර්ෂාවෙන් බාධා

Sri Lanka Cricket

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර කොක්ස් බසාර්හි පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය තාවකාලිකව අතහැර දැමීමට විනිසුරුවන් පියවර ගෙන තිබේ.

කඩුලු 3 කට ලකුණු 57 ක් ලබා තෙවැන දින ඇරඹූ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අද දිනයේදී තවත් ලකුණු 19 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගත් අවස්ථාවේදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. කෙසේ වෙතත් අද දිනයේදී ශ්‍රී ලංකා නැගී එන පිලෙ පන්දු යවන්නෝ එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට අසමත්වූහ.

පළමු තරගයේදී ශතකයක් ලද නජ්මුල් හුසේන් ලකුණු 29 ක් සහ අෆීෆ් හුසේන් ලකුණු 30 ක් ලබා කඩුල්ලේ රැඳී සිටින්නේ සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩ නංවමිනි. වර්ෂාව හේතුවෙන් පළමු දිනය සම්පූර්ණයෙන්ම අත හැර දැමුණු මෙම තරගයේ දෙවැනි දිනයේදී කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

දෙවැනි දිනයටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා පන්දුවාර 23 කට පමණක් දිනයේ ක්‍රියාත්මක විය. ඒ අතරතුර ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ජෙහාන් ඩැනියෙල් සත්කාරක ඉනිමේ දැවී ගිය කඩුලු 3 න් 2 කම හිමිකරුවා බවට පත්විය. පළමු කඩුල්ල මොහොමඩ් ශිරාස්ගේ නම ඉදිරියෙන් සටහන් වද්දී අමිනුල් ඉස්ලාම් සහ යසීර් අලී පිටියෙන් ඉවත් වූවේ ෂෙහාන්ගේ ගොදුරු බවට පත්වෙමින්.

ලකුණු සාරාංශය – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 31.3 කදී 76/3 යි – (නජ්මුල් හුසේන් (නොදැවී) 29, අෆීෆ් හොසේන් (නොදැවී) 30, ජෙහාන් ඩැනියෙල් 10/2, මොහොමඩ් ශිරාස් 35/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee