slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2019
සිව් දින ටෙස්ට් තරගය විසඳුම් රහිත වෙයි

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ කොක්ස් බසාර්හි පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අද (06 දා) අවසන් විය. තරගයේ අසන් දිනය වූ අද (06 දා) දිනයේදීද තරගයට වර්ෂාව හරස් වූ බැවින් එකම පන්දුවක්හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව දෙරට අතර තරග 2 කින් සමන්විත සිව් දින ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණ වාර්තාවීමකින් තොරව හෙවත් 0-0 ක් ලෙසින් අවසන් විය.

මෙම තරගයේ පළමු දිනටද වර්ෂාව හරස් වීම නිසා එකම පන්දුවක් හෝ නොයවා අත හැර දමුණු නමුත් දෙවැනි සහ තෙවැනි දිනයන්හිදී පමණක් තරගය ප්‍රමාද වී ආරම්භ කිරීමට හැකි විය. කෙසේ වෙතත් එම දින 2 ඇතුළතදීම තරගය ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 66 ක් මණි.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (05 දා) සවස් යාමයේ තරගය නතර කරන විට සියපළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ නැගී එන පිතිකරුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 208 ක් රැස් කරගෙන සිටියහ. බංග්ලාදේශ පිල වෙනුවෙන් අෆීෆ් හුසෙන් නොදැවී ලකුණු 100 ක් සහ පළමු තරගයේ ශතකයක් ලද නජ්මුල් හුසේන් නොදැවී ලකුණු 88 ක් ලබා සිටියහ. බංග්ලාදේශ කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3 න් 2 කම හිමිකරුවා බවට පත්වීමට සමත්වූයේ ජෙහාන් ඩැනියෙල් පමණි.

බංග්ලාදේශ පිල පන්දුවාර 66 කදී 208/3 යි – (නජ්මුල් හුසේන් 88*, අෆීෆ් හුසේන් 100*, ජෙහාන් ඩැනියෙල් 28/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee