slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2019
“A” තරගය අතරමඟ නවතා දමයි

Sri Lanka Cricket

දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් “A” තරගාවලියකට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින බංග්ලාදේශ “A” ක්‍රිකට් කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (24 දා) එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.

අයහපත් කාලගුණය හේතුවෙන් දින දෙකේදීම එකම පන්දුවක් හෝ යැවීමට නොහැකිව තරගය අත හැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. කෙසේ වෙතත් ඇද හැලෙන වර්ෂාවේ අඩුවක් නොමැති බැවින් මෙම තරගය තාවකාලිකව නවතා වෙනත් දිනෙක පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබෙන නමුත් ඒ පිළිබඳව ස්ථීර නිඟමනයකට මෙතෙක් පැමිණ නොමැත.

බොහෝ විට මෙම තරගය ලබන 27 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී තිබුණත් එම ප්‍රදේශයටද වර්ෂාව ඇද හැළෙමින් පැවැතීම එම තීරණය ගැනීම මෙතරම් ප්‍රමාද වීමට හේතු වී තිබේ.  

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar