slc
logo
Home   |    News
ඔක්තෝබර් 25, 2019
කාන්තා ආසියානු කුසලාන කාලසටහනෙහි යළි වෙනසක්

Sri Lanka Cricket

ආසියානු රටවල් 4 කගේ සහභාගිත්වයෙන් මෙම මස 22 වැනිදා සිට කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලියට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා කාල සටහනෙහි වෙනසක් සිදු කරමින් තරගාවලිය දින කීපයකි යට දැමීමට තරග සංවිධායකයෝ පියවර ගෙන තිබේ.

ඒ අනුව තරග කාල සටහන සංශෝධනය කරමින් තරගාවලිය ආරම්භ කිරීමට තරග සංවිධායකයින් කටයුතු යොදා තිබෙන අතර එහිදී තරගාවලිය හෙට (26 දා) සිට යළිත් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට දිනයේදී සත්කාරක ශ්‍රී ලංකා පිල ඉන්දියාව සමඟත් බංග්ලාදේශ පිල පාකිස්තානය සමඟත් තරග වදිනු ඇත.

මූලික තරග සැලසුමට අනුව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ 2 බවට පත්වූයේ කොළඹ ආර්. ප්‍රේමදාස සහ කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණ වුවත්, නව කාල සටහන අනුව තර්ස්ටන් විදුහලේ තරග සියල්ලම වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් තිබේ.

තරගාවලිය පළමු දිනය හෙවත් 22 වැනි දින අතහැර දැමුණු තරග දෙක මෙම නව තරග කාල සටහනට ඇතුළත් නොවුණද දෙවැනි දිනය වූ ඊයේ (24 දා) පැවැත්වීමට නියමිතව තිබූ තරග යළි පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අනුව මෙම නව තරග සැලසුමට අනුව එක් කණ්ඩායමකට තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන අතර එහිදී ලබා ගන්නා ජයග්‍රහණ මත ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න තීරණය වනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee