slc
Home   |    News
ඔක්තෝබර් 22, 2019
නැගී එන කාන්තා ආසියානු කුසලානේ පළමු දිනය වැස්සට සේදෙයි

Sri Lanka Cricket

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැගී එන කාන්තා කණ්ඩායම් අතර වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනය වූ අද (22 දා) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරගයට උදෑසන කාලයේ සිටම විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තණතීරුව ඇතුළු මුළු ක්‍රීඩාංගණයම වැසි ආවරණවලින් වසා තැබීමට ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය සිදුවිය.

කොයි මොහොතක හෝ අහස් කුස හරහා අව් රශ්මික් පතිත වනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවුවත් ප.ව. 12.15 පමණ යළිත් සිහින් වර්ෂාවක් ක්‍රීඩාංගණය වෙත ඇද වැටීම නිසා ප.ව. 12.50 ට තරගය අතහැර දැමීමට තරගයේ විනිසුරුවරුන් තීරණහ කළහ. එක්දින තරගයකදී එක් කණ්ඩායමක් අවම වශයෙන් පන්දුවාර 20 කට ක්‍රීඩා කළ යුතු වන බැවින් මෙම තරගය අද දිනට පවත්වන්නේ නම් අවම වශයෙන් ප.ව. 2.23 ට හෝ ඊට පෙර ආරම්භ කළ යුතු විය.

ක්‍රීඩාංගණය තුළ පවතින තෙත බරිත තත්ත්වය මත ප.ව. 2.23 ට තරගය ආරම්භ කිරීමේ හැකියාවක් නොමැති බව වැටහී යෑම නිසා විනිසුරුවන් දෙන ලද උපදෙස් අනුගමනය කරමින් දෙපිළේම නායිකාවන්ගේ කැමැත්ත මත තරගය නියමිත කාලයට පෙර තරගය අතහැර දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ. මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස ඉන්දීය විනිසුරුවරියක් වන එන්. ජනනි සහ බංග්ලාදේශ විනිසුරුවරයකු වන මර්ෂාඩ් අලී ඛාන් ද තෙවැනි විනිසුරු ලෙස අසංග ජයසූරිය සහ තරග තීරක ලෙස ප්‍රදීප් ජයප්‍රකාශ්දරන් යන මහත්ම මහත්මීන්හු කටයුතු කළහ.

මෙම තරගාවලිය යටතේ අද දිනයේදී කොළඹ තර්ස්ටන් ක්‍රීඩා පිටියේදී ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයද  පැවැත්වීමට නියමිතව තිබුණද එම තරගයටද වර්ෂාව හරස්වීම නිසා ප.ව. 11 වන විටම තරගය අතහැර දැමීමට විනිසුරුවෝ පියවර ගෙන තිබුණි.  

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest