slc
logo
Home   |    News
ඔක්තෝබර් 29, 2019
නැගී එන ආසියානු කාන්තා කුසලාන ඉන්දියාව දිනා ගනියි : දක්ෂතම ක්‍රීඩිකා සම්මානය හර්ෂිතාට

Sri Lanka Cricket

නැගී එන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලීම වෙනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද නැගීඑන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 14 ක ජයක් අත්කරගත් ඉන්දීය නැගී එන කාන්තා පිල අභිනව ශූරියන් ලෙස අද (29 දා) කිරුළු පැළඳීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 ක් දැවී ලකුණු 175 ක් රැස් කිරීමට සමත්විය. එම ඉනිම අවසානයත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ශ්‍රී ලංකාවට පන්දුවාර 35 කදී ලකුණු 139 ක ඉලක්කයක් හිමි විය. එහෙත් එම ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායමට පන්දුවාර 34.3 කදී සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත රැගෙන ඒම වෙනුවෙන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා නායිකා හර්ෂිතා මාධවී ලකුණු 39 ක් ලබා ගත්තද එම ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය නවතාලීමට නොහැකි විය. මෙම තරගයට පෙර පැවැති තරග 2 දී අර්ධ ශතක 2 ක් වාර්තා කරගැනීමට සමත්වූ හර්ෂිතා අවසන් මහ තරගයේ රැස් කරන ලද ලකුණු 39 ද සමඟින් සමස්ථ තරගාවලියේදී ලකුණු 147 ක් රැස් කිරීමට සමත්වූ බැවින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය.

ශ්‍රී ලංකා ඉනිම නවතාලීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටී.පී. කන්වාර් සහ දේවිකා වෛද්‍යා කඩුලු 4 බැගින් දවා ගනිමින් නැගී එන කණ්ඩායමේ පිතිකාරිණිනි අසරණ කළහ. මෙහිදී පන්දුවාර 7 බැගින් ක්‍රියාත්මක කළ මෙම පන්දු යවන්නියන් දෙදෙනා අතරින් කන්වාර් ලකුණු 15 ක් ලබා දෙද්දී නායිකා වෛද්‍යා ලකුණු 29 ක් ප්‍රතිවාදී පිතිකාරිණියන්හමුවේ ලබා දුන්හ. කෙසේ වෙතත් අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් අවශ්‍යම මොහොතේදී කඩුලු දවා ගැනීමට සමත් වූ ඉන්දීය නායිකා දේවිකා වෛද්‍යා දිනාගත්තාය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5 ම ලකුණු 43 කදී බිඳ වැටී හර්ෂිතාට එක්වූ ලිහිණි අප්සරා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක් එක් කරමින් ලකුණු 100 කට අධික ලකුණු සංඛ්‍යාවක් කරා තම පිල රැගෙන ඒම වෙනුවෙන් ප්‍රධාන දායකත්වයක් දැක්වීය. එහෙත් දේවිකා වෛද්‍යාගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට ලක්ව ලිහිණි පිටියන් ඉවත් වීමට පෙර ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට අවශ්‍යව පැවැතියේ ලකුණු 44 ක් පමණක් වන අතර ඒ සඳහා පන්දු 62 ක්ම ඉතිරිව තිබුණි.

එහෙත් සිය සටන අත්නොහළ නායිකා හර්ෂිතා මධුෂිකා මෙත්තානන්ද සමඟ එක්ව ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය පෙනෙන මායිම වෙත රැගෙන යෑමට උත්සාහ ගත්තද මුළු ලකුණු සංඛ්‍යාව 113 ක්ව තිබියදී වෛද්‍යාගේ ගොදුරක් ලෙසින් හර්ෂිතා දැවී යෑම මත ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු සියල්ල සුන්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 63 කදී බිඳ දමමින් තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවම වෙත ලබා දීමට කවීෂා දිල්හාරි ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුවත්, පසු පෙළින් පන්දුවට පහර දුන් ටනුශ්‍රී සර්කාර් ලකුණු 47 ක් සහ සිම්රන් දිල් ලකුණු 34 ක් රැස් කරමින් ඉන්දීය පිල අසීරුතාවෙන් මුදවා ගත්හ. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු කවීෂා දිල්හාරි ලකුණු 27 කට කඩුලු 3 ක්ද සචිනි නිසංසලා ලකුණු 26 කට කඩුලු 2 ක්ද දවා ගත්හ.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar