slc
Home   |    News
ඔක්තෝබර් 18, 2019
බංග්ලාදේශ යොවුන් පිලට එරෙහි තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් 2ක්

Sri Lanka Cricket

බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින සහ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගිවන නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලබන 23 වැනිදා පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම මස 26 වැනිදා සිට ලබන නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ප්‍රථමයෙන්ම සිව්දින තරගාවලියද අනතුරුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියද ආරම්භ වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 2 ක් නම් කිරීමට ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන අතර එම කණ්ඩායම් 2 ම නායකයා ලෙසින් නිපුන් ධනංජයව පත් කර තිබේ.
වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල නියෝජනය කරනු ලබන නායක නිපුන් ඉකුත්දා ශ්‍රී ලංකාවේදී නිමාවට පත් වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද ශ්‍රී ලංකා යොවුන් පිල මෙහෙය වූවේය. තරගාවලියේ අවසන් මහ තරග වරම දිනා ගැනීමට අවස්ථාව උදා නොවුණද මූලික වටය යටතේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් පූර්ව තරග වටය දක්වා රැගෙන ඒමට නිපුන් සමත්වූවේය.
නම් කරන ලද කණ්ඩායමට බහුතරයක් අත්දැකීම් සහිත ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුළත් වුවත් කණ්ඩායම් 2 ටම උප නායකයකු පත් කිරීමට තේරීම් කමිටුව පියවර නොගැනීම කැපී පෙනෙයි. කණ්ඩායම් 2 ටම කඩුලු රකින්නන් තිදෙනකු නම් කර තිබෙන අතර ඒ අතරින් චිහාන් කළිඳු එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් 2 ට ම ඇතුළත්ව සිටියි. ඔහුට අමතරව කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු කඩුලු රකින්නන් වන මොහොමඩ් සමාස් එක්දින කණ්ඩායමටද අවිශ්ක පෙරේරා සිව්දින කණ්ඩායමටද එක්ව සිටිති.
නායක ධනංජය ඇතුළු සිව්දින කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් 8 දෙනෙකු එක්දින තරගාවලියට ඇතුළත්ව සිටින අතර, අභිෂේක් කහදුවාරච්චි, රවිඳු රසාන්ත, සොනාල් දිනූෂ, චිහාන් කළිඳු, ඩිල්ෂාන් මධශංක, චමිඳු විජේසිංහ සහ අම්ෂි ද සිල්වා කණ්ඩායම් ද්විත්වයම නියෝජනය කිරීමට වරම් ලබා ඇති ක්‍රීඩකයෝ වෙති.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතාද කණ්ඩායම් කළමනාකරු ලෙස ෆර්වේස් මහරූෆ්ද කටයුතු කරන මෙම තරගාවලියේ පළමු තරගය ලබන 26 වැනිදා සිට 29 වැනිදා දක්වා බරිසාල්හිදී ආරම්භ වන අතර දෙවැනි තරගය නොවැම්බර් 02 වැනිදා සිට 05 වැනිදා දක්වා කුල්නාහිදීද පැවැත්වෙනු ඇත. දෙරට අතර ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන නොවැම්බර් 09 වැනිදා කුල්නාහිදී ආරම්භ වන අතර එම තරග සියල්ලම කුල්නාහිදී පැවැත්වීම කැපී පෙනෙයි.

ටෙස්ට් කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), චමිඳු වික්‍රමසිංහ, අභිෂේක් කහදුවාරච්චි, රවිඳු රසාන්ත, සොනාල් දිනූෂ, චිහාන් කලිඳු, ලක්ෂාන් ගමගේ, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, අවිශ්ක ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, චමිඳු විජේසිංහ, රුවින් පීරිස්, අම්ෂී ද සිල්වා, අවිශ්ක පෙරේරා, මතීෂ පතිරණ.

එක්දින කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), නවෝද් පරණවිතාන, මොහොමඩ් සමාෂ්, අභිෂේක් කහදුවාරච්චි, රවිඳු රසාන්ත, අවිෂ්ක තරිඳු, චමිඳු විජේසිංහ, රොහාන් සංජය, කවිඳු නදීශාන්, යසුරු රුද්‍රගෝ, ඩිල්ෂාන් මධුශංක, චිහාන් කලිඳු, අම්ෂී ද සිල්වා, සඳුන් මෙන්ඩිස්, සුධීර තිලකරත්න, සොනාල් දිනූෂ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest