slc
logo
Home   |    News
ඔක්තෝබර් 29, 2019
යොවුන් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිලට වැඩි ගෞරවය

Sri Lanka Cricket

දින දෙකහමාරකට අධික කාලයක් වර්ෂාවෙන් බාධා ඇතිවුණු සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර බරිසාල්හි පැවැති පළමු යොවුන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලට වැඩි ගෞරව අත්කර දෙමින් අද (29 දා) නිමාවට පත්විය.

තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වූ අද දිනයේදී තරගය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 145 ක් ඇතුළත කඩුලු 6 ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.

බංග්ලාදේශ යොවුන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඇල්වි හක් ලකුණු 54 ක් ලබා ගත්තේය. පන්දු 100 කට මුහුණ දුන් හක් සිය ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 7 ක් එල්ල කළේය. බංග්ලාදේශ යොවුන් පිලේ දැවී ගිය කඩුලු 6 න් 5 ක්ම මතීෂ පතිරණ සහ ලක්ෂාන් ගමගේ අතර බෙදී ගියේය. එහිදී මතීෂ ලකුණු 13 කට කඩුලු 3 ක්ද ලක්ෂාන් ලකුණු 12 කට කඩුලු 2 ක්ද දවා ගනිමින් බංග්ලාදේශ පිල අසීරුතාවයට ඇද දැමූහ.

කඩුලු 3 කට ලකුණු 155 ක් ලෙසින් සිට සිව්වැනි දින ඇරඹූ ශ්‍රී ලංකා පිල අද දිනයේදී ලකුණු පුවරුව ලකුණු 331 ක දක්වා ඉහළ දමා ගනු ලැබුවේ කඩුලු 7 ක් පමණක් දැවී ගොස් තිබියදීය. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් නායක නිපුන් ධනංජය වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 67 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව සොනාල් දිනූෂ සහ දුලිත් වෙල්ලාලගේ අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 එහාට රැගෙන යෑමට දායකත්වයක් දැක්වූහ.

තෙවැනි දිනයේදී ලකුණු 46 ක් ලබා සිටි සොනාල් දිනූෂ පන්දු 110 කට මුහුණ දෙමින් ලකුණු 58 දක්වා සිය ඉනිම ඉහළ දමා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 7 ක් දිනූෂගේ ඉනිමට ඇතුළත් වද්දී ඔහු සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක් එක් කළ නායක නිපුන් ධනංජය තම ලකුණු 67 ක ඉනිම සඳහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් එල්ල කර තිබුණි.

ශ්‍රී ලංකා ඉනිම හමාර වන විටත් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගෙන සිටි දුලිත් වෙල්ලාලගේ පන්දු 85 කට මුහුණ දී තිබුණේය. තම ඉනිම හතරේ පහර 5 කින් පමණක් අලංකාර කර ගත් දුලිත් ලක්ෂාන් ගමගේ සමඟ (46) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවයක් පැවැත්වීය. මෙම තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ කුෂාන් වික්‍රමසිංහ ලකුණු 45 ක් රැස් කළේය.

දෙරට අතර පැවැත්වෙන මීළඟ සිව්දින ටෙස්ට් තරගය ලබන නොවැම්බර් මස 02 වැනිදා සිට 05 වැනිදා දක්වා කුල්නාහිදී පැවැත්වෙන අතර අනතුරුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee