slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2019
කාන්තා ක්‍රීඩිකාවන් 35 කට කොන්ත්‍රාත් පිරිනමයි

Sri Lanka Cricket

ඔක්තෝබර් මස මස පළමුවැනිදා සිට බල පැවැත්වෙන පරිදි ජාතික තලයේ පසුවන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් හට මාස 6 ක කාලයක් සහ නැගී එන ක්‍රීඩිකාවන් සඳහා මාස 3 ක කාලයක් වන පරිදි වාර්ෂික කොන්ත්‍රාත් අළුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ඒ අනුව කාණ්ඩ 5 ක් යටතේ ක්‍රීඩිකාවන් 35 දෙනෙකු මෙම කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර තිබේ.

‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ කාණ්ඩ යටතේ ජාතික තලයේ පසුවන ක්‍රීඩිකාවන් 20 ක්ද නැගී එන කාණ්ඩය යටතේ ක්‍රීඩිකාවන් 15 ක්ද මෙම කොන්ත්‍රාත්තුවට ඇතුළත් ව සිටිති. ඔවුන් සියළු දෙනාටම කොන්ත්‍රාත්තුවට හිමි මුදලට අමතරව අතිරේක පෝෂ්‍ය පදාර්ථ සඳහාද අතිරේක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මීට අමතරව නැගී එන කාන්තා කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන්ට ස්ථාවර මාසික ගාස්තුවකට අමතරව පැමිණීමේ දීමනාවක්ද ලබා දීම සිදු කරනු ලබයි.

අදාළ කොන්ත්‍රාත් ගත කිරීම අනුව ප්‍රධානම කාණ්ඩය වන්නේ ඒ කාණ්ඩයට වන අතර වත්මන් විස්සයි-20 නායිකා චමරි අතපත්තු, එක්දින නායිකා ශෂිකලා සිරිවර්ධන සහ හිටපු නායිකා ඉනෝකා රණවීර එම කාණ්ඩයේ පසුවන ක්‍රීඩිකාවන් වෙති. ඊට අමතරව ‘බී’ කාණ්ඩයට ක්‍රීඩිකාවන් 5 දෙනෙකුද ‘සී’ කාණ්ඩයට ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහ ‘ඩී’ කාණ්ඩයට ක්‍රීඩිකාවන් 5 දෙනෙකු ඇතුළත්ව සිටිති.

ඉකුත් වසරේදී දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් හේමන්ත දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත සිදුකරන ලද නිර්දේශ කිරීම මත මෙම කොන්ත්‍රාත් ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන ලදී.

කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩිකාවන් මෙසේය.

‘ඒ’ කාණ්ඩය – චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර

‘බී’ කාණ්ඩය – අනුෂිකා සංජීවනී, යශෝධා මෙන්ඩිස්, ඕෂධී රණසිංහ, නිලක්ෂි ද සිල්වා, සුගන්ධිකා කුමාරි

‘සී’ කාණ්ඩය – උදේශිකා ප්‍රබෝධනී, ඩිලානි මනෝදරා, හසිනි පෙරේරා, අමා කංචනා, ප්‍රසාදිනී වීරක්කොඩි, කවීෂා දිල්හාරි, හර්ෂිතා මාධවී

‘ඩී’ කාණ්ඩය – ඉමල්කා මෙන්ඩිස්, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, මදුෂිකා මෙත්තානන්ද

නැගී එන කාණ්ඩය – මල්ෂා ෂෙහානි, සත්‍යා සංදීපනී, ලිහිනි අප්සරා, තාරිකා සෙව්වන්දි, උමේෂා තිමාෂිනී, ජිමාංජලී විජේනායක, හර්ෂනී විජේරත්න, ශෂිකලා සිල්වා, සඳුනි නිසංසලා, ඉරේෂා ශ්‍යාමලී, තාරුකා ශෙහානි, නිලක්ෂණා සඳමිනී, රොස් පෙරේරා, ශ්‍යානි ඕෂධී, ජනදි අනාලී

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar