slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2019
නැගී එන කාන්තා ආසියානු කුසලාන ශූරියන් කවුද…? තීරණය හෙට

Sri Lanka Cricket

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැගී එන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (29 දා) සත්කාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දියාව අතර එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

පාසල් ක්‍රීඩාව හමාර කරමින් පැමිණෙන කාන්තා ක්‍රීඩිකාවන්ට වැඩි තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කරලීම සඳහා වූ අවස්ථාව සලසාලමින් පැවැත්වෙන මෙම තරගාවලියේදී  එකිනෙකාට දෙවැනි නොවන කුසලතා ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව හෙට පැවැත්වෙන අවසන් මහ තරගයේදී දෙපිළේම ක්‍රීඩිකාවන්ට උදාවී තිබේ.  

මූලික වටය යටතේ පැවැති තරගවලදී සහභාගිවුණු තරග 2 ම ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම අවසන් මහ තරග වරම උදා කරගනිද්දී මුහුණ දුන් තරග 2 න් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේ ජය වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරග වරම දිනා ගත්තේය.

ඉන්දියාවට එරෙහිව පැවැති තරගය පරාජයට පත්වූ නිසාත් පාකිස්තානයට එරෙහිව පැවැති තරගය බංග්ලාදේශය ජය ගැනීම නිසාත් අවසන් මහ තරග වරම උදා කර ගැනීමට ශ්‍රී ලංකා පිලට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරගය වැඩි දල ලකුණු වේගයක් රඳවා තබා ගනිමින් ජය ගැනීම අනිවාර්යය විය. ඒ අනුව අවසන් මහ තරග වරම දිනා ගැනීමට නම් බංග්ලාදේශ කණ්ඩායම ලබාදුන් ලකුණු 128 ක ඉලක්කය පන්දුවාර 35 කට ප්‍රථම ලබා ගත යුතු වි යුතු අතර එය සාර්ථක කරගත් හර්ෂිතා මාධවීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩිකාවෝ අදාළ ඉලක්කය පන්දුවාර 33.4 කදී සපුරා ගනිමින් මෙම වටිනා අවස්ථාවට සුදුසුකම් ලබාගත්හ.

මූලික වටය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 20 වැනි පන්දුවාරය වන තෙක්ම තරගයේ වැඩි වාසි තබා ගැනීමට සමත්ව සිටි නමුත්, අනවශ්‍ය ලෙස කඩුලු දැවී යෑම වළක්වා ගැනීමට නොහැකි වීම එම තරග පරාජයට ප්‍රධාන ලෙසින් හේතු විය. එබැවින් එම තරගයේ සිදුවූ සියළු අතපසුවීම් පාඩමක් ලෙස ගනිමින් හෙට තරගයේදී තරග වැදීම, කුසලාන දිනා ගැනීමේ බලාපොරොත්තුවට වඩාත් යහපත් වනු ඇත.

හෙට තරගය මෙහෙයවන දෙපිළේ නායිකාවෝ තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වී සිටීමද කැපී පෙනෙයි. මෙහිදී සත්කාරක ශ්‍රී ලංකා පිලේ නායිකාව වන හර්ෂිතා මාධවී සහභාගිවුණු තරග 2 දී පිට පිට අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම බලාපොරොත්තු තබා ඇති ක්‍රීඩිකාව බවට පත්වීමට සමත්වී සිටින්නීය. 21 වැනි වියේ පසුවන ඇය ජ්‍යෙෂ්ඨ කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 13 ක් ද ක්‍රීඩා කර ඇති බැවින් හෙට තරගය වෙනුවෙන් දියත් කරන ඉන්දීය සැලසුම් අතර ඇය ප්‍රධානතම ඉලක්කයක් බවට පත්ව සිටින්නීය.

ඉන්දීය නායිකා දේවිකා වෛද්‍යාද ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ලකුණු 43 ක් සහ පාකිස්තානයට එරෙහි තරගයේදී නොදැවී ලකුණු 12 ක්ද පන්දු යවමින් කඩුලු 4 ක්ද දවා ගෙන දක්ෂතා අතර ඉදිරියෙන් සිටින ක්‍රීඩිකාවකි. ඇය විසින් දවා ගන්නා ලද කඩුලු 4 ම පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී දවා ගැනීමට සමත්වීමද කැපී පෙනෙයි.

හෙට තරගය පැවැත්වීමේදී එන ප්‍රධානතම බාධාව බවට පත්ව තිබෙන්නේ අයහපත් කාලගුණය වේ. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා දින අවසන් වීමට නියමිතව තිබුණද දිගින් දිගටම වර්ෂාවෙන් ඇතිවූ බාධා හේතුවෙන් දින 2 කින් තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින්ට සිදුවිය.

ශ්‍රී ලංකා පිල – හර්ෂිතා මධුවන්ති (නායිකා), හසිනි පෙරේරා, ඉමල්කා මෙන්ඩිස්, මධුෂිකා මෙත්තානන්ද, මල්ෂා ශෙහානි, කවීෂා දිල්හාරි, ලිහිණි අප්සරා, උමේෂා තිමාශිනී, සත්‍යා සංදීපනී, ජිමාන්ජලී විජේනායක, සචිනි නිසංසලා, තාරිකා සෙව්වන්දි, ශිකාරි නුවන්තා, නිලක්ෂණා සඳමිණි, සයනි ඕෂධී.

ඉන්දීය පිල – දේවිකා වෛද්‍යා (නායිකා), එස්. මෙඝනා (උප නායිකා), හස්තිකා භාටියා, ටෙජාල් හසබ්නිසි, ටනූෂි සර්කාර්, සිමරන් දිල්, නුෂාට් පර්වීන්, ආර්. කල්පනා, මනාලි දක්ෂිණි, ක්ෂමා සිං, අන්ජලී සර්වානි, මිනූ මානී, සුශ්‍රී දිබ්යාදර්ශිනී, ටී.පී. කන්වර්, රශී කනෝජියා.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee