slc
logo
Home   |    News
ඔක්තෝබර් 29, 2019
යොවුන් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිලට වැඩි ගෞරවය

Sri Lanka Cricket

දින දෙකහමාරකට අධික කාලයක් වර්ෂාවෙන් බාධා ඇතිවුණු සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර බරිසාල්හි පැවැති පළමු යොවුන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලට වැඩි ගෞරව අත්කර දෙමින් අද (29 දා) නිමාවට පත්විය.

තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වූ අද දිනයේදී තරගය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 145 ක් ඇතුළත කඩුලු 6 ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.

බංග්ලාදේශ යොවුන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඇල්වි හක් ලකුණු 54 ක් ලබා ගත්තේය. පන්දු 100 කට මුහුණ දුන් හක් සිය ඉනිම සඳහා හයේ පහරක් සහ හතරේ පහර 7 ක් එල්ල කළේය. බංග්ලාදේශ යොවුන් පිලේ දැවී ගිය කඩුලු 6 න් 5 ක්ම මතීෂ පතිරණ සහ ලක්ෂාන් ගමගේ අතර බෙදී ගියේය. එහිදී මතීෂ ලකුණු 13 කට කඩුලු 3 ක්ද ලක්ෂාන් ලකුණු 12 කට කඩුලු 2 ක්ද දවා ගනිමින් බංග්ලාදේශ පිල අසීරුතාවයට ඇද දැමූහ.

කඩුලු 3 කට ලකුණු 155 ක් ලෙසින් සිට සිව්වැනි දින ඇරඹූ ශ්‍රී ලංකා පිල අද දිනයේදී ලකුණු පුවරුව ලකුණු 331 ක දක්වා ඉහළ දමා ගනු ලැබුවේ කඩුලු 7 ක් පමණක් දැවී ගොස් තිබියදීය. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් නායක නිපුන් ධනංජය වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 67 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව සොනාල් දිනූෂ සහ දුලිත් වෙල්ලාලගේ අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 එහාට රැගෙන යෑමට දායකත්වයක් දැක්වූහ.

තෙවැනි දිනයේදී ලකුණු 46 ක් ලබා සිටි සොනාල් දිනූෂ පන්දු 110 කට මුහුණ දෙමින් ලකුණු 58 දක්වා සිය ඉනිම ඉහළ දමා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 7 ක් දිනූෂගේ ඉනිමට ඇතුළත් වද්දී ඔහු සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක් එක් කළ නායක නිපුන් ධනංජය තම ලකුණු 67 ක ඉනිම සඳහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් එල්ල කර තිබුණි.

ශ්‍රී ලංකා ඉනිම හමාර වන විටත් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගෙන සිටි දුලිත් වෙල්ලාලගේ පන්දු 85 කට මුහුණ දී තිබුණේය. තම ඉනිම හතරේ පහර 5 කින් පමණක් අලංකාර කර ගත් දුලිත් ලක්ෂාන් ගමගේ සමඟ (46) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවයක් පැවැත්වීය. මෙම තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ කුෂාන් වික්‍රමසිංහ ලකුණු 45 ක් රැස් කළේය.

දෙරට අතර පැවැත්වෙන මීළඟ සිව්දින ටෙස්ට් තරගය ලබන නොවැම්බර් මස 02 වැනිදා සිට 05 වැනිදා දක්වා කුල්නාහිදී පැවැත්වෙන අතර අනතුරුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar