slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2019
අන්තර් පළාත් අවසන් සටන දඹුල්ල සහ කොළඹ අතර

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් පළාත් කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (27 දා) පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු දඹුල්ල පළාත් කණ්ඩායම සහ ඕෂධී රණසිංහගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම සමත්වූහ. 

දින 3 ක් තිස්සේ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ මූලික තරග වටය යටතේ දඹුල්ල පළාත් කණ්ඩායම තරග වැදි තරග 3 න් ජයග්‍රහණ 2 ක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණෙමින් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීය. 

මූලික තරග වටය යටතේ මහනුවර කණ්ඩායම එක් තරගයක් ජය ගනිමින් සහ එක් තරගයක් ලකුණු සමවෙමින්ද කොළඹ කණ්ඩායම එක් තරගයක් ජය ගනිමින් අනෙක් තරගය විසඳුමකින් තොරව අවසන් වීම මත ප්‍රසාද ලකුණු 3 බැගින් සම තත්ත්වයේ පසුවිය. ඒ අනුව දඹුල්ල කණ්ඩායමේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න තේරීම දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්ව සිදුකෙරුණු බැවින් මහනුවර කණ්ඩායමට (-0.982) වඩා වැඩි දල ලකුණු ලබා ගැනීමේ වේගයක් කොළඹ කණ්ඩායම (0.143) රඳවා ගැනීමට සමත්වීම නිසා අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කොළඹ කණ්ඩායමට හිමිවිය.  

හංසිමාගේ කරමතින් දඹුල්ල අවසන් සටනට

අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සඳහා අද (27 දා) පැවැති දඹුල්ල සහ  ගාල්ල අතර තරගය තීරණාත්මක තරගයක් බවට පත්වූයේ මහනුවර කණ්ඩායම හමුවේ පැවැති තරගය දඹුල්ල පිල පරාජයට පත්ව තිබීමත්, මහනුවර පිලට එරෙහිව පැවැති තරගය ලකුණු සමව අවසන් කර ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්වී තිබීමත් නිසාය.

ජාතික කණ්ඩායමේ නායිකාවන් දෙපළ වන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධනද ඇතුළතු වුණු දඹුල්ල කණ්ඩායමට එරෙහිව තියුණු තරගයක් ලබා දීමට සමත්වූ නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම තරගය අවසන් පන්දුවාරය දක්වාම රැගෙන යෑමට සමත්වීම කැපී පෙනුණි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු 105 ක ඉලක්කය හඹා ගිය දඹුල්ල කණ්ඩායම එය සපුරා ගන්නා ලද්දේ පන්දු 3 ක් ඉතිරිව තිබියදීය. කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ පිතිකාරිණියන්ගේ දායකත්වය අහිමිවීම මත එම ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කර ගැනීම සඳහා ප්‍රතිවාදී කණ්ඩායම හමුවේ කඩුලු 7 ක්ම පූජා කිරීමට දඹුලු කණ්ඩායමට සිදුවිය. ඉතාමත් තියුණුකර තරගාවසානයක් දුටු එම තරගයේදී නම් දැරූ සියළු ක්‍රීඩිකාවන් අඩු ලකුණු සංඛ්‍යාවන් වලට සීමා කිරීමට ගාල්ල කණ්ඩායම සමත් වුවද පවුරක් සේ නොසැලුණු හන්සිමා කරුණාරත්න නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව පන්දුවට පහර දෙමින් නොතිබුණු ජයග්‍රහණයක් කරා දඹුල්ල කණ්ඩායම රැගෙන ගියාය. 

මුලු ලකුණු සංඛ්‍යාව 53 ක් වන විට ඉදිරිපෙළ පිතිකාරිණියන් 6 දෙනෙකුම දවා ගැනීමට ගාල්ල පන්දු යවන්නියන් සහ පන්දු රකින්නියන් සමත්වද්දී සිය වගකීම තනි අතට ගත් හංසිමා කරුණාරත්න ලකුණු 64 ක් ලබා දඹුල්ල පිල කඩුලු 3 ක ජයග්‍රහණයක් කරා රැගෙන ගියා පමණක් නොව අවසන් මහ තරග අවස්ථාව සඳහාද ඉඩ කඩ විවර කර දුන්නාය.  හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වුණු හංසිමාගේ වටිනා ඉනිම සඳහා ඇය පන්දු 54 කට පමණක් මුහුණ දුන්නාය.

සමස්ථ තරගයේම කැපී පෙනෙන ඉනිම බවට හංසිමාගේ ඉනිම බවට පත් වද්දී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්වූ එකම පිතිකාරිණිය බවට පත්වූයේ අනුෂ්කා සංජීවනීය. ඇය පන්දු 45 කට මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබා ගත්තාය. 

අවසන් මොහොතේ කොළඹට ජය

තරගාවලියේ අවසන් දිනය එළැඹෙත්ම එකම ජයග්‍රහණයක් හෝ වාර්තා කර ගැනීමට අපොහොසත්ව සිටි ඕෂධී රණසිංහගේ නායකත්වයෙන් යුතු කොළඹ පළාත් කණ්ඩායම, මහනුවර පළාත් පිලට එරෙහිව අවසන් මොහොතේ ලකුණු 49 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට සමත්විය. කොළඹ කණ්ඩායම ලද මෙම දැවැන්ත තරග ජයග්‍රහණය ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ යෑමට බලපාන ලද ප්‍රධානම සාධකය බවට පත්විය.

කොළඹ එස්. එස්. සී. පිටියේ පස්වරුවේ පැවැති මෙම තරයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 163 ක විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත්විය. එහිදී පිතිකරණයෙන් කැපී පෙනුණු හසිනි පෙරේරා පන්දු 44 කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 60 ක් ලබා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. හයේ පහර 2 ක් ද සමඟ තවත් හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කරගත් හංසිමා, කවීෂා දිල්හාරිගේ පන්දුවක් හමුවේ දැවී ගියාය.

අනතුරුව පිටියට පිවිසි නායිකා ඕෂධී රණසිංහ, ඩිලානි මනෝදරාට එක්වෙමින් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 58 ක් එක් කරමින් ලකුණු 150 වෙන් ඔබ්බට සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව රැගෙන යෑමට දායකත්වයක් දැක්වූහ. එම සම්බන්ධතාව සඳහා ඔවුන් දෙපළ වැය කරන ලද්දේ පන්දු 36 ක් පමණි.

එකිනෙකාට එකිනෙකා නොදැවැනි වුණු එම පිතිකරණයේදී මනෝදරා පන්දු 28 කදී ලකුණු 45 ක්ද ඕෂධී පන්දු 22 කදී ලකුණු 33 ක්ද ලබා ගත්තාය. රිවර් ස්වීප් පහරින් එල්ල කරන ලද හයේ පහරද සමඟ තවත් හතරේ පහර 3 කින් ඕෂධී සිය ඉනිම වර්ණවත් කරගනිද්දී ඩිලානි මනෝදරා හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කරගත්තාය. 

කෙසේ එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය මහනුවර කණ්ඩායමට, කොළඹ පන්දු යැවීමේ බලපරාක්‍රමය හමුවේ පන්දුවාර 19.5 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. අදාළ හඹා යෑමේදී පළමු කඩුලු 3 ම ලකුණු 19 ක් තුළදී බිඳ වැටීම මහනුවර කණ්ඩායමට දැඩි පාඩුවක් විය. එහෙත් සිව්වැනි කඩුල්ලට එකු වුණු නායිකා හර්ෂිතා මාධවී සහ කවීෂා දිල්හාරි පන්දු 34 කදී වේගවත් ලකුණු 44 ක් ලබා වැටී සිටි අසීරු තත්ත්වයෙන් මහනුවර පිල ගොඩ ගත්හ. එහිදී කවීෂාග් දායකත්වය පන්දු 16 කදී ලකුණි 16 ක් විය. 

සමස්ථ තරගාවලියේම පිත්තෙන් කැපී පෙනුණු හර්ෂීතා මාධවී අද තරගයේදීද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. මෙම අර්ධ ශතකය මෙම තරගාවලිය යටතේ ඇය වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකය බවට පත්විය. පන්දු 41 කදී වාර්තා වුණු හර්ෂිතාගේ ලකුණු 50 කින් සමන්විත ඉනිම සඳහා ඇය හතරේ පහර 7 ක් එල්ල කළාය. ඒ අනුව ඇය මෙම තරගාවලියේ තරග 3 කට සහභාගිවී මුලු ලකුණු 154 ක් රැස් කිරීමට සමත්ව සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 77 ක් රඳවා තබා ගිනිමිනි.

ඒ දක්ෂතා හැරෙන්නට කැපී පෙනෙන යමක් තිබුණේ නම් ඒ කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නියන්ගේ දක්ෂතාය. ඒ අතරින් කැපී පෙනුණු සඳුනි නිසංසලා ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගනිද්දී, ඕෂධී රණසිංහ ලකුණු 19 කට කඩුලු 2 ක් සහ අමා කාංචනා ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගනිමින් ප්‍රතිවාදී කඩුලු බිඳ දැමූහ.

ඒ අනුව චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායමත් ඕෂධී රණසිංහගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායමත් අතර පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය හෙට (28 දා) පෙ.ව. 9.30 ට කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භවීමට නියමිතය.

ලකුණු සාරාංශය 

දඹුල්ල – ගාල්ල

දඹුල්ල පිලට කඩුලු 3 ක ජයක් 

ගාල්ල පළාත් පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 105 යි – (අනුෂ්කා සංජීවනී 44, තෙලිෂ්‍යා චතුරංගි 18, යශෝධා මෙන්ඩිස් 12, ක්‍රිෂාන්ති සඳමාලි 11, ශෂිකලා සිරිවර්ධන 14/2, සුගන්දිකා කුමාරි 28/1)

දඹුල්ල පළළාත් පිල පන්දුවාර 19.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 106 යි – (හංසිමා කරුණාරත්න 64, නිලූකා කුෂාන්ති 10, උදේශිකා ප්‍රබෝධනී 15/2, තෙල්ෂ්‍යා චතුරංගි 16/1)

කොළඹ – මහනුවර

කොළඹ පිලට ලකුණු 49 ක ජයක්

කොළඹ පළාත් පිල පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 163 යි – (හසිනි පෙරේරා 60, ඩිලානි මනෝදරා 45, ඕෂධී රණසිංහ (නොදැවී) 33, කවීෂා දි්හාරි 31/1, උමේෂා තිමාශානී 23/1, තාරුකා ෂෙහානි 12/1, සචිනි නිසංසලා 38/1)

මහනුවර පළාත් පිල පන්දුවාර 19.5 කදී සියලුදෙනා දැවී ලකුණු 114 යි – (හර්ෂිතා මාධවී 52, උමේෂා තිමාෂානි 10, කවීෂා දිල්හාරි 16, සඳුනි නිසංසලා 16/3, ඕෂධී රණසිංහ 19/2, අමා කාංචනා 15/2, ඉනෝෂි ප්‍රනාන්දු 14/1, ෂෙරීනා රවිකුමාර් 11/1, ජනනි කෞෂල්‍යා 21/1)

Active filters

Recent Posts

  • ලකුණු 54 ක ජය සමඟින් කැන්ඩි ෆෝල්කන්ස් පිලේ බලාපොරොත්තු ඉහළ යයි
    අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ජයග්‍රහණය තීරණාත්මක වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙසින් දඹුල්ල සික්සර්ස් පිලට එරෙහි තරගයෙන් ලකුණු […]
  • ශදාබ් සහ ගුර්බාස් කලම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගෙනෙති
    By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් අද (14 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා […]
  • පිළිකා මර්ධනයට LPL අත හිත 
    අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය […]
  • සුපිරි පන්දුවාරයේදී ගෝල් මාවල්ස් ජය ලබයි
    By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා) පස්වරුවේ පැවැති ගෝල් මාවල්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් අතර තරගය සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු අතර […]
  • හතරේ සීමාවේ දුර අඩුද…? වැඩිද…? ජැෆ්නා නායකයාගේ අදහස
    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හතරේ සීමා මඳක් කෙටි කිරීමෙන් ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා කිසිදු අවාසිදායක තත්ත්වයක් ඇති නොවන බවත් උසස් මට්ටමේ තණතිලිවල ක්‍රීඩා කරද්දී පිතිකරුවනට දක්ෂ අයුරින් පහර […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee
logo