slc
Home   |    News
නොවැම්බර් 19, 2019
අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියෙන් දක්ෂ ක්‍රීඩිකාවන් බිහිවේවි – තරගාවලි කමිටුවේ සභාපති කියයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ මස 24 සිට 29 දක්වා පැවැත්වෙන අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලිය මගින් දක්ෂතම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවනට දස්කම් පෙන්වා ජාතික සංචිතයට ඇතුලුවීමේ අවස්ථාවත් මීළග ලෝක කුසලාන තරගාවලියට දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවත් යන ප්‍රධාන කරුණු දෙකම ඉටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුවේ සභාපති බන්දුල දිසානායක මහතා සදහන් කරයි.

දිස්ත්‍රික්ක මට්ටමෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් ජ්‍යෙෂ්ට සහ කණිෂ්ඨ (වයස් මට්ටමින්) තරගාවලි සංවිධානය වනවා. එම තරගාවලියන්හි උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් මේ අන්තර් පළාත් කරගාවලියට සුදුසුකම් ලබා සිටිනවා මේ ක්‍රමයෙන් දක්ෂම ක්‍රීඩිකාවනට ජාතික තලයට යාමට අවස්ථාව සැලසෙන අතර දක්ෂ අය මග හැරෙන්නේ නැතැයි දිසානායක මහතා කියයි.

තරගාවලියට සහභාගි වන කොළඹ, මහනුවර, දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම්වලට අයත් ක්‍රීඩිකාවන් හැටදෙනාම තෝරාගෙන ඇත්තේ ජාතික තේරීම් කමිටුව මගිනුයි. මේ තරගාවලියට අයත්වන තරග හතරේදී උපරිම දස්කම් දක්වන ක්‍රීඩිකාවනට අනිවාර්යෙන්ම ජාතික සංචිතයට ඇතුලුවීමටත් පසුව ජාත්‍යන්තර තරගවලට සහභාගිවීමටත් අවස්ථාව උදාවේවි. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩිකාවනට දස්කම් පෙන්වා ජාතික හා ජාත්‍යන්තරයට යාමට මෙය විශාල පිටුවහලක් වනු ඇතැයි ද ඒ මහතා සදහන් කරයි.

ඕෂදී රණසිංහ (කොළඹ) චමරි අතපත්තු (දඹුල්ල) හර්ෂිකා මාධවී (මහනුවර) සහ නිලක්ෂි ද සිල්වා (ගාල්ල) කණ්ඩායම් හතරේ නායිකාවන් ලෙස ක්‍රියා කරන අතර මූලික තරග මේ මස 24,25 සහ 27 දිනවලද අවසාන තරගය 29 වැනිදා එස්.එස්.සී.පිටියේදී පැවැත්වීමට නියමිතය.

ක්‍රිකට් ආයතනය දිවයිනේ දක්ෂම ක්‍රීඩිකාවන් හැටදෙනා සහභාගි වන මෙවැනි තරගාලියක් සංවිධානය කිරීම මගින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට විශාල පිටුවහලක් ඇතිවනු ඇතැයි පවසන බන්දුල දිසානායක මහතා ලැබුණු මේ අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අත්කර ගැනීම ක්‍රීඩිකාවන් වගබලා ගතයුතුව ඇතැයි ද කීය.

බන්දුල මොල්ලිගොඩ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest