slc
Home   |    News
නොවැම්බර් 6, 2019
ක්‍රිකට් විනිසුරුවන්ගේ දැනුම වැඩි කරන්න ක්‍රිකට් ආයතනයෙන් අලුත් වැඩක්

Sri Lanka Cricket

ක්‍රිකට් විනිසුරුවන්ගේ ගුණාත්මක භාවය මෙන්ම ක්‍රිකට් නීතිය සම්බන්ධව ඔවුන්ගේ අවබෝධය ඉහළ තලයකට ගෙන ඒමේ අරමුණ ඇතිව  විනිසුරුකරණය සහ ලකුණු සටහන් ක්‍රමවේදය පිළිබඳ නීත ඇතුළත් ‘ටොම් ස්මිත්’ ග්‍රන්ථය පළමු ශ්‍රේණියේ ක්‍රිකට් විනිසුරුවන් වෙත බෙදාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ලෝකයට ක්‍රිකට් නීති සම්පාදය කරනු ලබන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය (එම්.සී.සී.) විසින් රචිත මෙම ටොම් ස්මිත් ග්‍රන්ථය 2017 වසරේ සිට 2019 දක්වා සිදුකර ඇති සියළුම ක්‍රිකට් නීති සංශෝධනයන් ආවරණය වන අයුරින් මුද්‍රණය කර තිබේ. මෙරට පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවරුන් වෙත මෙවැනි ග්‍රන්ථයක් පිරිනමන ලද පළමු අවස්ථාව වශයෙන් සනිටුහන් වුණු මෙම ග්‍රන්ථ පිරිනැමීම හරහා  විනිසුරුවන්ට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති සියළුම ක්‍රිකට් සංශෝධනයන් පිළිබඳ වූ සවිස්තරාත්මක සහ විශ්ලේෂණාත්මක වූත් අවබෝධයක් ලබාගැනීමේ වටපිටාව නිර්මාණය කර දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානතම බලාපොරොත්තුව බවට පත්ව තිබේ. තවද මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම හරහා ක්‍රිකට් නීතිය පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා ගැනීමට උපකාරී වනවා සේම ක්‍රිකට් නීති සම්බන්ධව ගැටළු පැන නගින අවස්ථාවන්හිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ නිශ්චිත අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ක්‍රිකට් විනිසුරුවරුන්ට උදා වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනිසුරු කමිටුව සහ දේශීය ක්‍රිකට් මෙහෙයුම් ඒකකය එක්ව සිදුකරන ලද මෙම ග්‍රන්ථ ප්‍රදානය ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරුණු අතර එහිදී  පළමු පෙළ විනිසුරුකරණයේ යෙදී සිටින විනිසුරුවන් 22 දෙනෙකුට සහ ක්‍රිකට් දැනුම බෙදා දීම වෙනුවෙන් ක්‍රිකට් පළාත් 4 වෙනුවෙන් පත්කර ඇති විනිසුරු උපදේශකයින් සිව් දෙනා වෙත මෙම ග්‍රන්ථ පිරිනැමීම සිදුකෙරිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විනිසුරු කමිටු ප්‍රධානී දීපාල් මදුරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණු මෙම ග්‍රන්ථ බෙදා දීමේ අවස්ථාව සඳහා විනිසුරු කමිටු ලේකම් වසන්තලාල් ප්‍රනාන්දු, දේශීය ක්‍රිකට් මෙහෙයුම් ඒකක ප්‍රධානී චින්තක එදිරිමාන්න, විනිසුරු කමිටු සාමාජිකයින් වන මොහොමඩ් සිද්දික් සහ මනුජ කාරියප්පෙරුම යන මහත්වරු සහභාගිවූහ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest