slc
Home   |    News
නොවැම්බර් 13, 2019
ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැන බැලෙන සුපිරි පළාත් සටන 24 දා ඇරඹෙයි

Sri Lanka Cricket

BY Chamila Karawita

ජාත්‍යන්තර තරග පිටියට දක්ෂතා ඇති කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කරන ලද තවත් එක් සැලසුමක් වන කාන්තා ක්‍රිකට් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය මෙවරත් මෙම මස 24 වැනිදා සිට එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

මෙවර තරගාවලිය සඳහාද කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන පළාත් කණ්ඩායම් හතරෙහි සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර එහිදී කොළඹ පිල ඕෂධී රණසිංහද, මහනුවර පිල හර්ෂිතා මාධ්‍යවීද, ගාල්ල නිලක්ෂි සිල්වා ද සහ දඹුල්ල කණ්ඩායම චමරි අතපත්තු විසින්ද මෙහෙයවනු ඇත.

අභිනව තරගාවලිය පන්දුවාර 50 තරග වශයෙන් ක්‍රියාත්මක වූ නමුත් ලබන වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ වන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් මෙවර තරගාවලිය උපයෝගී කර ගැනීමේ අරමුණ ඇතිව මෙවර තරගාවලිය විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ.

ලබන 29 වැනිදා දක්වා ක්‍රියාත්මක මෙම තරගාවලියේ අවසන් මහ තරගය ඇතුළු සමස්ථ තරග සංඛ්‍යාව 7 ක් වන අතර එම සියළුම තරග කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේදී එක් කණ්ඩායමක් තරග 3 කට සහභාගිවීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ වැඩිම ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් ද්විත්වය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග වරම සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් නම් කිරීමේදී ජාතික සංචිතය, නැගී එන සංචිතය, සංවර්ධන සංචිතය මෙන්ම වයස අවුරුදු 19 න් පහළ සංචිතය නියෝජනය වන පරිදි ක්‍රීඩිකාවන් නම් කිරීමද කැපී පෙනෙයි. තරගාවලිය සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු වන සේ ක්‍රීඩිකාවන් 60 දෙනෙකු සමස්ථ තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි. එහිදී  ජාතික සංචිතය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 20 දෙනෙක්, නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් සිව් දෙනෙක්, නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 28 ක් සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 8 දෙනෙකු වශයෙන් තරග වැදීමට නියමිතව සිටිති.

මෙහිදී, විශ්මි රාජපක්ෂ සහ මෙත්මි දෙව්මි කොළඹ කණ්ඩායමද සචිනි නිසංසලා සහ ශිකාරි උවන්තා මහනුවර කණ්ඩායමද ඉමේෂා දුලානි සහ තෙල්ශ්‍යා චතුරංගි ගාල්ල කණ්ඩායමද ද සහ දෙව්මි විහංගා සහ කෞෂි නුත්‍යාංගනා දඹුල්ල කණ්ඩායමද වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් වරම් ලබා ඇති ක්‍රීඩිකාවෝ වෙති.

ඉකුත් වසරේදී පවත්වන ලද මෙම අභිනව තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ලද ගාල්ල කණ්ඩායමේ නායිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන කටයුතු කළ නමුත් මෙවර තරගාවලියේදී ඇය චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක් වේ.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest