slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2019
කාන්තා ක්‍රිකට් සුපිරි පළාත් පළමු ජය මහනුවරට

Sri Lanka Cricket

ජාත්‍යන්තර තරග පිටියට දක්ෂතා ඇති කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන කාන්තා ක්‍රිකට් විස්සයි-20 සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (25 දා) පැවැති තරගයකදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 13 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය.  කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන පළාත් කණ්ඩායම් හතරෙහි සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය යටතේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය පැවැත්වීමට නොහැකිවිය.

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති ප්‍රථම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 ක් දැවී ලකුණු 132 ක් වාර්තා කිරීමට සමත්විය. එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී 17 වැනි පන්දුවාරය අවසන් වීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිණු බැවින් යළිත් තරගය ආරම්භ කිරීමට විනිසුරුවන්ට නොහැකි විය. එම හඹා යෑමේදී දැවී ගොස් තිබූ කඩුලු 4 ට අනුව මහනුවර කණ්ඩායමට අවශ්‍යව පැවැතියේ ලකුණු 107 ක් පමණක් වන අතර ඒ වන විටත් ලකුණ් 120 ක් ලබා ගැනීමට හර්ෂිතා මාධවීගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායම සමත්ව සිටීම නිසා තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමේ අවස්ථාව මහනුවර කණ්ඩායමට උදාවිය. 

එම හඹා යෑමේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා මාධවී පන්දු 49 කදී වේගවත් ලකුණු 66 ක් ලබා සිය කණ්ඩායම ජයග්‍රහණය කරන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කරගැනීමට සමත්වූවාය. හර්ෂිතාගේ ඉනිමට හයේ පහරක් සහ සහ හතරේ පහර 9 ක් ඇතුළත් වද්දී ඇයට අනගි සහායක් ලබා දුන් සත්‍යා සංදීපනී පන්දු 27 කදී ලකුණු 23 ක් ලබා ගත්තාය. 

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ හංසිමා කරුණාරත්න වන අතර ඇය පන්දු 45 කදී ලකුණු 42 ක් ලබා ගත්තාය. ඇයට අමතරව ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 39 කදී ලකුණු 41 ක් සහ ශෂිකලා සිරිවර්ධන පන්දු 18 කදී ලකුණු 27 ක් ලබා ගත්තාය. 

මෙම තරගාවලිය ඉකුත් 24 වැනිදා ආරම්භ වුණත් දිනය පුරාමව වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා එකම තරගයක් හෝ නොපැවැත්වුණු අතර එම 2 ම ලබන 26 වැනිදා දින පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධායක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එදින දඹුල්ල සහ කොළඹ කණ්ඩායම අතර තරගයත් පස්වරුවේ මහනුවර සහ ගාල්ල අතර තරගයත් පැවැත්වෙනු ඇත.

ලකුණු සාරාංශය – දඹුල්ල පන්දුවාර 20 කදී 132/4 යි – (හංසිමා කරුණාරත්න 42, ප්‍රසාදිනී වීරක්කොඩි 41, ශෂිකලා සිරිවර්ධන (27), කවීෂා දිල්හාරි 25/2, උමේෂා 09/1, ජිමාන්ජලී විජේනායක 26/1)

මහනුවර පන්දුවාර 17 කදී 120/4 යි – (හර්ෂිතා මාධවී (නොදැවී) 60, සත්‍යා සංදීපනී 23, උමේෂා තිමේශානි 12, ඉරේෂා ශ්‍යාමලී 22/1, ශෂිකලා සිරිවර්ධන 19/1, හන්සිමං කරුණාරත්න 20/1)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee